මුළු ලෝකයේම අවධානය ඊයේ(15) රුසියාව වෙත යොමු වුනේ ලෝක කුසලානය පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය හේතුවෙන්. අවසන් මහා තරඟය ගෝල 4-2ක් ලෙස ජයගත් ප්‍රංශය දෙවන වතාවටත් පාපන්දු ලෝක ශුරයින් ලෙස කිරුළ දිනාගත්තා.
ඊයේ ප්‍රංශය ලද සුපිරි ජයග්‍රහණයෙන් පසු මුලු ප්‍රංශයම සැණකෙළියක් බවට පත්වුණා. ඉතා කලබලකාරී ලෙස සැමරූ සුපිරි ජය අතර තුර පාපන්දු ලෝලීන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.
ජයග්‍රහණයෙන් පසු එක් පුද්ගලයෙක් ඇලකට පැනීමෙන් ගෙල තුවාලවීමකින් මියගොස් ඇති අතර හා අනෙක් පුද්ගලයා ජයග්‍රාහී අවස්ථාවේ මෝටර් රථය ගසක හැප්පී සිදු වූ අනතුරකින් මියගොස් තිබෙන බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ.