බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ලාබාලතමයාවූ ලුවී කුමරා භෞතිස්ම කිරීම පසුගිය සති අන්තයේ සිදු වුණා. එහිදී භෞතිස්ම කිරීමට අදාළ ඡායාරූප කීපයක් පළ කිරීම මගින් එම පවුලේ සුවිශේෂ හමුවක් සනිටුහන් කිරීමට මග පෑදී තිබු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
The Chapel Royal හි පැවති භෞතිස්මයෙන් අනතුරුව ජනප්‍රිය ඡාරූප ශිල්පී මැට් හොලියොක් (Matt Holyoak) විසින් ගන්නා ලද ඡායාරූප හතරක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
"හැමෝම බොහෝ සැහැල්ලුවෙන් සහ බොහෝ උද්යෝගයෙන් සිටියා. එය ඇත්තෙන්ම සතුටක්" ඡායාරුප ශිල්පී හොලියොක් පවසා එසේ මාධ්‍යට පවසා තිබෙනවා.
විලියම් කුමරා සහ කේට් කුමරිය සමග දරුවන් තිදෙනා එකම මොහොතකදී දකින්නට ලැබුණු පළමු අවස්ථාව මෙම භෞතිස්ම මංගල්‍යය බවත් පැවසෙනවා.
2018 අප්‍රේල් 23 වෙනි දින උපන් ලුවී ආතර් චාල්ස් කුමරු රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වෙනවා.
2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව ලුවී කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගත්තා