Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
"අවුරුදු පහක් තිසසේම දරුවට තුන් වේලටම දෙන්නේ හරක් මස්"- හරක් මස් පමණක් කෑමට ගන්නා පුංචි දියණියගේ කඳුළු කතාව - Photos

- "අවුරුදු පහක් තිසසේම දරුවට තුන් වේලටම දෙන්නේ හරක් මස්"- හරක් මස් පමණක් කෑමට ගන්නා පුංචි දියණියගේ කඳුළු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54 Views
හිඟා කාල ගෙනාපු සල්ලි සියල්ලම වියදම් කරේ දරුවට..
හරක් මස් දෙන්න පටන් ගත්තම පස්සේ තමයි නැගිටින්න බැරුව හිටිය දරුවා නැගිට්ටේ..

රෝගි තත්වයක් හේතුවෙන් වසර පහමාහරක සිට තුන් වේලම හරක් මස් පමණක් ආහාරයට ගෙන ජීවත් වයස අවුරුදු 09 දැරියක් පිළිබදව දෙහිඅත්තකණ්ඩිය, පරගස්වැව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙම දැරියගේ රෝගි තත්වය පිළිබදව ඇයගේ මව වන වී.ජී. විජේලතා වීරසිංහ මෙසේ අදහස් දක්වා සිටියා.

"මගේ මේ දුව හම්බ වුනේ 2008.05.30 වනදා, ඉපදෙන කොට දරුවා ඉතාම හොද තත්වයෙන් හිටියා. බර කිලෝ තුනාහාමාරක් තිබුනා. ඊට පස්සේ දවස් දෙකකින් ටිකට් කපලා ගෙදර ආවා. මගෙන් කිරි හොදට බිව්වා මෙයා කිරි බොන්න බොන්න බඩගිනි එනවා මම දරුවාට හොදට කිරි දුන්නා. පස්සේ දරුවාගේ බඩ පිම්බිලා එන්න පටන් ගත්තා.

අනෙක් ළමයින්ගේ වගේ වැසිකිළි යන්නේ නැහැ. වතුර තමයි ගියේ වැසිකිළි යන්නේ නැතිව දවස් දෙක තුන හිටියා. ඒ තත්වය මාසයක් යනකම් තිබුනා. පස්සේ අපි වෛද්‍යවරුන්ට කිව්වා, ඒ අය කිව්වා ටික දවසක් යනකොට මේ තත්වය හරියයි කියලා. නමුත් දරුවට අඩුවක් උනේ නැහැ. පස්සේ මම දරුවා පොළොන්නරුව මහ රෝහලට අරන් ගියා.

එහිදී දරුවා වට්ටුවේ නතර කරගත්තා දරුවාට විවිධ ප්‍රතිකාර කරා පරීක්ෂණ කරා එක එක වර්ගේ කිරිපිටි දුන්නා නමුත් දරුවට අඩුවක් උනේ නැහැ. මගේ දරුවට දියවැඩියාව තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්සේ දරුවට ප්‍රථිකාර කරපු දොස්තර කිව්වා දරුවා කොළඹ ළමා රෝහලට යවනවා කියලා.

පස්සේ මගේ දරුවා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරා එහිදි දරුවට දෙන්න පුලුවන් හැම කෑම වර්ගයක්ම දුන්නා රෝහලේ වෛද්‍යවරු ඇතුලු සියලු දෙනාම මට උදව් කරා දරුවට කැඳ දුන්නා පිටි වර්ග දුන්නා නමුත් හරි ගියේ නැහැ. පස්සේ දරුවට දිගටම දුන්නේ කොළ පාට ඇපල් සහ ආනමාලු කෙසෙල් ගෙඩි මෙයට අමතරව ජීවනී දුන්නා.

මම අවුරුදු හතරාමාරක් මගේ දරුවා තියාගෙන රෝහලේ හිටියා. පස්සේ ගෙදර එක්කර ගෙන ආවා ඒ වෙන කොට මේ දරුවට ඇවිදින්න බැහැ, නැගිටින්න බැහැ, බඩ ලොකු වෙලා තිබුනේ. අපි විවිධ කෑම වර්ග දුන්නා නමුත් දරුවට හරි ගියේ නැහැ. මොකක් හරි කෑමක් දුන්න ගමන් වමනය වනවා ඒ මොහොතේම වැසිකිළියට යනවා කාපු කෑම සියල්ලම දිරවන්නේ නැතුව යනවා.

පස්සේ දවසක් මම හරක් මස් කෑල්ලක් ගෙනත් හදල දුන්නා මම ඒක කරේ හිතකින් නෙවෙයි. අපි බෞද්ධයෝ හරක් මස් අපේ ගෙදරට කවදාවත් ගේන්නේ නැහැ. හැබැයි හරක් මස් කාපුවාමත් ඒ විදියට වෙයි කියලා අපි බලන් හිටියා නමුත් දරුවට එහෙම මොනවත් උනේ නැහැ. ඒක අල්ලල ගියා. පස්සේ අපි දිගටම දරුවට හරක් මස් දෙන්න පටන් ගත්තා. හරක් මස් දෙන්න පටන් ගත්තම පස්සේ තමයි නැගිටින්න බැරුව හිටිය දරුවා නැගිට්ටා.

දැන් දරුවට අවුරුදු  නවයක් වෙනවා අවුරුදු හතරයි මාස හයේ ඉදන් දරුවට තුන් වේලටම දෙන්නේ හරක් මස්, හරක් මස් ගන්න සල්ලි නැති උන අවස්ථාවල කුකුල් මස් දෙනවා කුකුල් මස් දුන්නට හරක් මස් වගේ හරියන්නේ නැහැ. වෙනත් මොනව හරි දුන්නොත් ඇඟ සුදුමැලි වෙලා යනවා ක්ලාන්තය හැදෙනවා.

දැන් දරුවා පාසැල් යනවා බැලු බැලුමට රෝගි දරුවෙක් හැටියට පේන්නේ නැහැ. පාසලේ වැඩ හොදින් කරනවා. සමහර අවස්ථා වල පාසැලේදි ලෙඩ වෙනවා ඒ වගේ අවස්ථාවල මම පාසැලට ගිහින් දරුවා අරන් එනවා.

මේ අවුරුදු නවය තුලම මම දරුවා වෙනුවෙන් වින්ද දුක් කියන්න බැහැ. දරුවාට ප්‍රථිකාර කරන්න සල්ලි නැති උනාම අපි අන්ත අසරණ තත්වයට පත්උනා. ණයට ගත්තා අන්තිමේදි ජීවත් වෙන්න තිබුන එකම කුඹුරත් ලක්ෂ හයකට උකස් කරා බැරිම තැන මමයි මගේ අම්මයි ගිහින් නුවර,බදුල්ල, පොළොන්නරුව ටවුන් වල හිගා කෑවා.

මගේ දරුවා බේරගන්න සමහර අය සල්ලි ඉල්ලපුවාම මට බැනලා එලවන අවස්ථා තිබුනා. සමහර අය බොරුවක් කියනවා කිව්වා, සමහර අය දරුවා තුන් වේලම හරක් මස් කන්නේ කිව්වම පිළිගත්තේ නැහැ. තවත් සමහර අය හරක් මස් දෙනවා කිව්වාම හපෝ පව්කාර වැඩ වලට අපි උදව් කරන් නැහැ කියලා කිව්වා. මම හිඟා කන්න ටවුන් වල ඇවිදින්න ගියාම මට සමහර මිනිස්සුන් ගෙන් විවිධ බලපෑම් ආවා.

ඒ එකකටවත් මම අහුඋනේ නැහැ මගේ දරුවා වෙනුවෙන් කදුළු බිබී මිනිස්සුන්ට දුක කිය කිය දරුවා මේ තත්වයට ගෙනාවා අද වෙනකොට දරුවා හොදින් ඉන්නවා. නමුත් මස් විතරක් කෑමට ගන්න නිසා දරුවා විවිධ රෝග වලට ගොදුරු වෙලා තියෙනවා. දැනට දියවැඩියාව, වකුගඩු වල ගල් තියෙනවා. මේසියල්ලටම ප්‍රථිකාර කරන්න ඕනේ මගේ ලොකු පුතාලා දෙන්නෙක් ඉන්නවා දැන් ඒ අය හම්බ කරන එක නංගි වෙනුවෙන් දෙනවා.

අපිට කිරි හරක් දෙන්නෙක් ඉන්නවා ඒ කිරි හරක් ගෙන් කිරි විකුණලා තමයි හරක් මස් ගන්නේ මගේ දරුවා දැන් දවසට හරක් මස් කිලෝ එක හමාරක් කනවා දවසට, හරක් මස් කිලෝ එකක් 1200කට කදුරැවෙල ටවුමෙන් අරගෙන ඇවිත් තමයි දරුවට හදල දෙන්නේ. දරුවා වෙනුවෙන් මාසයකට විශාල මුදලක් අපිට අවශ්‍ය වෙලා තියනවා. ස්ථිර ආදායම් මාර්ගයක් නැති හින්දා අපි දරුවා ජීවත් කරන්නේ හරිම අමාරුවෙන්. මම මේ දරුවා වෙනුවෙන් අඬලා අඬලා මට අඬන්න දැන් කදුළු නැහැ.

මගේ දරුවා අවදානමක ඉන්නේ මේ දරුවා ජීවත් කරන් නම් දිගටම වෛද්‍ය ප්‍රථිකාර ලබාදිය යුතුයි. මම ටවුන් ගානේ ගිහින් හිඟා කාල ගෙනාපු සල්ලි සියල්ලම වියදම් කරේ මගේ දරුවා වෙනුවෙන් මට සතයකින් හරි ආධාර කරපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා, පිංදෙනවා.ඒ වගේම මගේ දරුවා ජීවත් කරවන්න කවුරු හරි උපකාරයක් කරන්න ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා."

දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍යය චනිත් පේදුරුආරච්චි මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නක්
"quot;Glucose-Galactose Malabsorption", ලෙස හදුන්වන මෙම ඉතාමත් විරල රෝග තත්වයේදී, ශරීරයට ග්ලූකෝස් හෝ ගැලැක්ටෝස් අඩංගු කිසිදු ආහාරයක් අවශෝෂණය කරගැනීමට නොහැකියාවක් දක්වනවා.

ලෝකයේම, දැනට මෙවැනි රෝගීන් 200 කටත් වඩා අඩු ඉතා සුලු සංඛ්‍යාවක් ජීවත්වන බව සැලකනවා. අප එදිනෙදා ජීවිතයේ ආහාර ලෙස භාවිතා කරන සියලුම පිශ්ටය අඩංගු ආහාර, පළතුරු, එලවළු ශරීරය තුල ජීර්ණය වී අවශෝෂණය වන්නේ ග්ලූකෝස් ලෙසයි, තවද සියලුම කිරි, ආහාර ජීර්ණයේ අවසන් ඵලයක් ලෙස ගැලැක්ටෝස් ශරීරයට උරාගැනීම සිදුවෙනවා. මෙම සංයෝග දෙකම බඩවැල් "කුඩාන්ත්‍රය" තුලදී ශරීරයට අවශෝෂණය කරගැනීමට අවශ්‍ය එන්සයිමයක් අකර්මණ්‍ය වීම මෙම රෝගයට හේතුව ලෙස සදහන් කරන්න පුලවන්.

මෙම තත්වය ජානගත රෝගයක් වන අතර ඉහත පෝශක වර්ග දෙකම අඩංගු නොවන ආහාර පමනක් ආහාරයට ගැනීම හැර වෙනත් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නැහැ.

අවාසනාවකට, අප අහාර ලෙස භාවිතා කරන සියලුම ද්‍රව්‍ය වල අදාල සංඝටක දෙක සුලු ප්‍රමානයකින් හෝ අඩංගු වන නිසා අප ආහාරයට ගන්නා සියලුම දේ අදාල රෝගියාට මාරාන්තික අජීර්ණය සමඟ විජලනය ඇතිකරනවා.

කෙසේ නමුත් ගවමස් වල ඇති සුවිශේෂී පෝශක සංයුතිය නිසා මේ රෝගීයාට ගවමස් පමණක් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවන ලෙස භාවිතා කරන්න පුලුවන්. ඉතා සරලව පැහැදිලි කරනවා නම් මේ දරුවා ජීවත් කරවීමට දැනට ලබාදිය හැකි එකම ආහාරය ගවමස් පමණයි."





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top