"කොහොම නමුත් ඇය මගේ දියණිය. මම ඇයට ආදරෙයි.."
"මම එයාගෙන් සමාව ඉල්ලනවා. එයා ගැන මට ලොකු ආඩම්බරයක් තියෙන්නේ.."
මේගන් මර්කල් කියන්නේ දැන් රාජකීය කුමාරිකාවක්. මේ කුමාරිකාවගේ ආදරණිය පියාණන් තමයි ඇමරිකාවේ හිටපු චිත්‍රපටි ආලෝකකරණ ශිල්පී Thomas Markle . තෝමස් තමන්ගේ දියණියගේ රාජකීයමංගල්‍යයටවත් සම්බන්ධ වුණේ නැහැ. ඊට හේතුව විදිහට තෝමස් කියලා තිබුණේ තමන්ට හෘද ආබාධයක් නිසා ඒ මංගල්‍යයට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලයි. මේ මොනයම් හේතුවක් වුණත් මේ දවස්වල තෝමස් හිතේ වේදනාවෙන් පසු වෙනවා කියලා විදෙස් මාධ්‍ය එක්ක කතා කර තිබෙනවා.
ඒ තමන්ගේ දියණිය මේගන් විවාහයෙන් පසුව ඔහු සමග කතා නොකළ නිසයි. ඇයට ඇමතුම් ගත්තත් කිසිම ඇමතුමකට මේගන් සම්බන්ධ වෙන්නේ නැහැ කියලත් ඔහු පවසනවා. වසර හයක සිට තමන් හෘද ආබාධයෙන් පෙලෙන බවත් ඉක්මණින්ම මරණය වැලද ගැනීම බලාපොරොත්තුව බවත් ඔහු කියනවා.