Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
16
"මාව බඳවා ගන්න අළුගෝසු තනතුරට.මට පඩියක් එපා" අළුගෝසු තනතුර භාරගන්න කැමති 71 හැවිරිදි අත්තම්මා කියන කතාව - Photo

- "මාව බඳවා ගන්න අළුගෝසු තනතුරට.මට පඩියක් එපා" අළුගෝසු තනතුර භාරගන්න කැමති 71 හැවිරිදි අත්තම්මා කියන කතාව - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
"මද්දුම බණ්ඩාර වීරයා ගැන හිතලා මම අදත් අඩන ගැහැණියක්"
"ජීවත් වෙලා ඉන්න ඉතුරු ටික දවසේ රටට ලොකු සේවයක් කරන්න මට ඕනේ"
"පැවරෙන රාජකාරිය හරියටම කරන්නත් මම සුදානම්"

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නම් වැටුපක් නොලබා අළුගෝසු තනතුර බාර ගැනීමට තමන් සුදානම් බව හලාවත - ආරච්චිකට්ටුව පදිංචි 71 හැවිරිදි එල්.බී.කරුණාවතී මහත්මිය පවසනවා.

අප සමග කථා බහට එක් වෙමින් ඇය මෙසේද කියා සිටියා.“මම දැන් තුන් මුණුපුරන් බළලා ඉන්න ආච්චි කෙනෙක්.මේ රටේ නෙමෙයි ලෝකෙම ඉන්න දරුවෝ මගේ කියලා තමයි මම හිතන්නේ.මද්දුම බණ්ඩාර වීරයා ගැන හිතලා මම අදත් අඩන ගැහැණියක්.

අද ගුවන් විදුලියෙන්,රූපවාහිණියෙන්,පත්තර වලින් හැමදාම අහන්න තියෙන්නේ අපරාධ. අපේ රට තරම් බණ කියන රටක්, බණ අහන රටක් ලෝකේ කොහේවත් නැහැ. ඒ වගේම තමයි අපේ රටේ තරම් අපරාධ සිද්ධ වෙන වෙන රටක් ඇත්තෙත් නෑ. අපරාධ නැති කරන්න නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕනේ.

ජනාධිපති තුමා හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ. මම එයට සම්පූර්ණ සහාය දෙනවා. හැබැයි මත් කුඩු ජාවාරම් කරුවන් පමණක් නෙමෙයි එල්ලා මරන්න ඕනේ, ළමා අපචාර,ස්ත්‍රී දුෂණ කරන අපරාධ කරුවන්වත් එල්ලලා මරන්න ඕනේ.මම ඒකට ලෑස්තියි.මට පඩියක් එපා.මම එනවා අළුගෝසු තනතුරු බාර ගන්න.

බලන්න දවසකට මොන තරම් ළමා අපරාධ ප්‍රමාණයක් වෙනවද කියලා. තාත්තා  කියයි,බාප්පා කියයි, ඥාතියා කියයි.හැමදාම කොතන හරි ළමා අපරාධයක් වෙලා තියනවා.මේ හැම දෙයක්ම වෙන්න තියන ලොකුම හේතුව තමයි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම.ඒ නිසා තමයි මම කියන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕනේ කියලා.

ඔන්න දැන් එක එක අය කියයි ආගමාණුකූලව තියන රටකට මොකටද එල්ලුම් ගහ කියලා.මම අහන්න කැමතියි ආගමාණුකූලව අපේ රට පවතිනවා නම් මේ තරම් අපරාධ ප්‍රමාණයක් දවසකට වෙන්නේ කොහොමද කියලා.ඒ නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕනේ.
වග කිව යුතු අයට මම කියනවා.මාව බඳවා ගන්න අළුගෝසු තනතුරට.මට පඩියක් එපා.ජීවත් වෙලා ඉන්න ඉතුරු ටික දවසේ රටට ලොකු සේවයක් කරන්න මට ඕනේ.ඒ සේවය කරන්න නම් මම කියපු ඔය අපරාධකරුවන්ව එල්ලා මරන්න මට අවස්ථාව දෙන්න.ඒ අභියෝගය බාර ගන්නත්,පැවරෙන රාජකාරිය හරියටම කරන්නත් මම සුදානම්.” යැයි ඇය කියා සිටියා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top