සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය අවසන් වුණේ එංගලන්ත කණ්ඩායම ලකුණු 86ක ජයක් හිමිකර ගනිමින්.
මෙම තරඟය අතර තුර සිදුවූ සුවිශේෂි සිදුවීමක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතාබහට ලක්වෙනවා.
ජාත්‍යන්තර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරය තුල මෙම අපුරු සිදුවීම සිදුව තිබෙනවා.
තරඟය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෙක් විසින් සිය පෙම්වතියට ප්‍රේක්ෂකාගාරය තුලදී විවාහ යෝජනාවක් ගෙන එනවා.
සිය පෙම්වතා විසින් එක්වරම ගෙන ආ විවාහ යෝජනාව නිසා පුදුමයට පත්වන ඇය එම යෝජනාවට සිය කැමැත්ත ප්‍රකාශ කරනේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයට රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේයි.
මෙම අපුරු සිදුවිම තරඟයේ විස්තර විචාරයේ නියැලී සිටි නිවේදකයන් පවා සතුටට පත්කරන සිදුවීමක් බවට පත් වුණා.