"අවබෝධය නිසා මේ දේ කලයුතුයි නේද කියන පෙලඹවිම ඇය මට ඇති කරනවා..."
"මේ දේ ඉක්මණට පටන් ගත්තෙත් එයා නිසයි.."
සුවහසක් දෙනාගේ ජිවිත ගීතයෙන් සැනසූ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් "ස " ප්‍රසංගය අවසන් කරලා "සරස" නමින් ප්‍රසංගයක් ආරම්භ කරනවා. එම ප්‍රසංගය අගෝස්තු මාසේ 11 දා ආරම්භ වෙනවා. ඒ ගැන කතා කරන වික්ටර් රත්නායකයන් ඊට වැඩිපුර වෙහෙසෙන තැනැත්තිය ගැන මෙහෙම කියනවා.
" හෂිනි වගේ බිරියක් මට ලැබීම මට හැම තිස්සෙම හිතෙන්නේ මගේ වාසනාවට සිදුවුණු දෙයක් හැටියට. මගේ ශිල්පීය ජීවිතය ගැන හොද වැටහීමක් අවබෝධයක් ඇතුවයි ඇය ඉන්නේ. සංගීත විෂය හැදෑරු කෙනෙක් නිසාම ඇයට හොද වැටහීමක් තියෙනවා මගේ නිර්මාණ කාර්යයන් ගැනත්. ඒ නිසා මේ දේ කලයුතුයි නේද කියන පෙලඹවිම ඇය මට ඇති කරනවා. මේ ප්‍රසංගය මේ තරම් ඉක්මනට පටන් ගන්නත් හේතුව ඒක..."