කූඩුවක සිරකර සිටි කුඩා ළමුන් දෙදෙනෙකු දකුණු දිග බ්‍රසීල පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු දෙකක සහ තුනක කුඩා ළමුන් දෙදෙනෙක් මෙලෙස සොයාගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඔවුන්ගේ දෙමව්පියන් විසින් ලී වලින් සාදන ලද කුඩා කූඩුවක දමා මෙලෙස සිරකර තබා ඇති බව සඳහන්.
පොලියට ලද නිර්නාමික තොරතුරකට අනුව මෙම ළමුන් දෙදෙනා සොයාගැනීමට සමත්ව ඇති අතර සැකකාර මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු මව 37 වන වියේ පසුවන අතර පියා 40 හැවිරිදි වියේ පසුවනවා.
සැකකාර මව සහ පියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් පොලිසියට පවසා ඇත්තේ දරුවන් දෙදෙනා සිටින විට සිය ගොවිපොළේ සහ නිවසේ වැඩකටයුතු සිදුකර ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස කූඩුවක දමා සිරකර තැබූ බවයි.
සොයාගත් දරුවන් දෙදෙනා මේ වන විට ළමා නිවාසයක් වෙත යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.