ප්‍රාසාංගික රංගනයෙන් කරළියට පැමිණි දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් වන බුද්ධික රඹුක්වැල්ල බම්බලපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
ඒ ඔහුගේ 'බඹරි මගේ' නම් නවතම මියුසික් වීඩියෝවෙදීයි. මෙම ගීත වීඩියෝව අද දිනයේ හිරු මියුසික් වෙබ් අඩවියේද පළවුණා.
වෙනස්ම වූ ආකාරයකින් රාත්‍රී සමාජ ශාලාවක රූ ගත කෙරුණු මෙම ගීත වීඩියෝවේ බුද්ධික අවි ගණුදෙනුවකටයි එහි පැමිණෙන්නේ.
පසුව එහි සිටි නර්ථන ශිල්පිණියක් හා පෙමින් වෙළෙනවා. එම තරුණියගේ චරිතය රඟ දක්වන්නේ දක්ෂ රංගන ශිල්පිණියක් වන නිලන්ති ඩයස්.
මෙම ගීතය සඳහා සංගීත නිර්මාණය අශාන් ප්‍රනාන්දු විසින් වන අතර මෙම ගීතයේ පද රචනය සෙහාන් ගලහිටියාව විසින් නිර්මාණය කර තිබෙනවා.
තරිඳු විමලවීර විසින් මෙම ගීතයේ වීඩියෝව නිර්මාණය කර තිබෙනවා.