ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. මේ තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම මීට ටික වේලාවකට පෙර ලකුණු 287කට සීමා වුණා.
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ සටනක නිරත වූ දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 8වන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 158ක් රැස්කළා. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහරකින් වර්ණවත් වුණා.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 26ක් රැස් කළා. ඉනිමේ අවසන් භාගයේදී දිමුත් සමගින් එල්වෙමින් ලකුණු 63ක සබඳතාවක් ගොඩ නැගු ලක්ෂාන් සඳකැන් ලකුණු 25යි.