ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. මේ තරඟයේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව මීට ටික වේලාවකට පෙර කඩුලු 8ක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ සටනක නිරතවන දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 8වන ශතකය වාර්තා කරන්නට මීට ටික වෙලාවකට පෙර සමත්වුණා.
ඔහුගේ ඉනිම හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින්.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 26ක් රැස් කළා. පන්දු යැවීමේදී කගිසෝ රබාඩා කඩුලු 3ක් සහ තැබ්‍රෙස් සම්සි කඩුලු 2ක් දවාගත්තා.