Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"හැමදේම අතහැරලා පැත්තකට වෙලා ඉන්නවා. කාත් එක්කවත් කතා කරන්න කැමැති නෑ..." - මිහිර සිරිතිලකගේ බිරිද කියයි

- "හැමදේම අතහැරලා පැත්තකට වෙලා ඉන්නවා. කාත් එක්කවත් කතා කරන්න කැමැති නෑ..." - මිහිර සිරිතිලකගේ බිරිද කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67,538 Views
"හරියට වෙලාවට අවශ්‍ය දේ වුණේ නැති වුණාම එයාට කේන්ති යනවා..."

"ආදරය කරන්න කාලයක් තිබුණේ නැහැ, විවාහ වුණා.."

පුංචි තිරය, වේදිකාව වගේම රිදී තිරය කියන්නේ මිහිර සිරිතිලකට සමීපම තැනක්. ඒ තැන මිහිර හරි විදිහට ස්පර්ශ කරන නිසා ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඔහුට අඩුවක් නැතිව ලැබෙනවා. දක්ෂ රංගන ශිල්පියෙක් වූ මිහිර ගැන ඔහුගේ ආදරණිය බිරිද ගීතිකා මධුරංගි ඔහු ගැන කියන්නේ මෙහෙමයි.

පෙම්වතා කාලේ
මටයි මිහිරටයි ලොකු කාලයක් තිබුණෙ නෑ පෙම්වතුන් විදියට ආශ්‍රය කරන්න. යාළුවෙලා පොඩි කාලයකින් අපි විවාහ වුණා. ඒ කාලෙත් පෙම්වතෙක් විදියට එයාගෙ බොරු වැඩ තිබ්බෙ නෑ.

සැමියෙක් විදියට
මිහිරත් එක්ක යාළු වෙලා හිටිය කාලේ එයා ලොකුවට ෆීල්ඩ් එකේ වැඩ කළේ නෑ. දැන් හැබැයි ගෙදර ඉන්න වෙලාව අඩුයි. හැබැයි මොනවා කළත් කන්න ගෙදර එනවා. කොහෙ ගියත් එයාට ගෙදරින් කෑවේ නැත්නම් හරියන්නේ නෑ.

නිවෙසේදී වැඩිපුරම කාලය ගත කරන්නේ කොහොමද?
ෆිල්ම්ස් බලන්න කැමැතියි. මිහිර ගෙදර ඉන්නවා නම් අපි දෙන්න එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් කොහෙන් හරි කාලා එනවා.

මිහිරට දුකක් දැනුණම
දුකක් ආවම ඔක්කොම අතඅරිනවා. පැත්තකට වෙලා ඉන්නවා. කාත් එක්කවත් කතා කරන්න කැමැති නෑ.

සතුටක් දැනුණම
සතුටක් දැනුණම ලොකු දෙයක් කරන්නෙ නෑ. මට කෝල් කරලා කියනවා.

මිහිරට නැතිවම බැරි අය
මාත් එක්ක තියන සම්බන්ධය වැඩියි. මිහිර අම්මටත් ගොඩාක් ආදරෙයි. දවස් දෙක තුනකට සැරයක් අම්මත් එක්ක කතා කරනවා.

ළඟම යාළුවෝ
චින්තක පීරිස් තමයි ක්‍ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ. ඉස්සර ඉඳන්ම ක්‍ෂේත්‍රයේ අයව ගොඩාක් ළඟින් ඇසුරු කරන්නේ නෑ. දුකක් කරදරයක් වුණාමත් ළඟින්ම ඉන්න යාළුවෝ ටිකදෙනෙක්ට තමයි කියන්නේ.

යාළුවෝ අතරේදී මිහිර
මිහිර යාළුවෝ අතරේදී හරිම විනෝදයෙන්, සැහැල්ලුවෙන් ඉන්නවා. හරිම කැමැතියි යාළුවෝ ආශ්‍රය කරන්න.

මිහිර වෙන කෙනකුගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග
එයා වෙලාවට වැඩ කරන කෙනෙක්. ඒක නිසා මිහිර කැමැතියි අනෙක් අයත් වෙලාවට වැඩ කරනවා නම්. හරියට වෙලාවට අවශ්‍ය දේ වුණේ නැති වුණාම මිහිරට කේන්ති යනවා.

කැමැතිම කෑම
ගමේ කෑමවලට තමයි වැඩිපුරම කැමැති. පොල් සම්බෝල, කරවල තෙල් දාලා, වම්බටු වගේ දේවල්වලට ආසයි. වම්බටු කිරට හදලා කන්න ගොඩාක්ම ආසයි. අල, පරිප්පු වගේ දේවල් කන්න පොඩ්ඩක්වත් කැමැති නෑ.

අපි නොදන්න රහස්
මිහිරට සමහර වෙලාවට ගොඩාක් කේන්ති යනවා. මිහිර රඟපෑම් කළත් චිත්‍ර අඳින්න හරි ආසයි. ළමයින්ට උගන්වලා ඒකෙන් ලොකු තෘප්තියක් ලබනවා. පොත් ලියන්නත් දක්ෂයි. කොමඩි චරිත රඟපෑවට මිහිර හරිම සීරියස් විදියට ජීවත් වෙන කෙනෙක්.

උදාර ඉන්දීවරි ජිනදාස
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,875 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,809 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,154 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,455 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,918 Downloads



Top 10 Commenters

Latest Comments

Top