Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"එහෙම නැතුව හදන්න බැහැ කියලා අපිට පේනවා. දඬුවම් මදි බව පේනවා" මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක් - Video

- "එහෙම නැතුව හදන්න බැහැ කියලා අපිට පේනවා. දඬුවම් මදි බව පේනවා" මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,518 Views
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම් නියම වී සිටියදීත් එම ජාවාරම්වලට සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට එක්වෙමින්.

‘මතට එරෙහිව පාසලෙන් ජවයක්‘ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණේ මහනුවරදී.

ජනාධිපතිවරයා එහිදී පැවසූ දේ පහතින්

"ඇමතිවරයෙක් කාලේ මම වැඩිපුර කතා කළේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ. මේ රටේ දුම්කොළ, සිගරට් අලෙවිය මේ වැඩපිළිවෙළවල්වල ප්‍රතිඵලයක් විදිහට අද පහත වැටිලා තියෙනවා. සිගරට් සමාගම් පසුගිය දිනවල රජයට දැන්වූවා රජයේ ආදායම් බදු ගෙවිය යුතු අඩුවේගෙන එනවා. සිගරට් අලෙවිය පහත බැහැලා නිසා කියලා.

දැන් සාමාන්‍යයෙන් මාධ්‍යවල ඒ වගේම ආණ්ඩුවට විරුද්ධ දේශපාලන මතයන් දරන දේශපාලන ප්‍රතිවාදීන් බොහොම වේගයෙන් හඬින් කියනවා මේ වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ අපරාධ වැඩියි කියලා. මිනී මැරුම් වැඩියි කියලා. පොලිස්පතිතුමාත් මෙතන හිටියා වගේ මට මතකයි. ආ... ඉන්නවා. මගේ අතේ තිබෙනවා 2008 ඉඳලා ගෙවී ගිය අවුරුදු 10 තුළ ලංකාවේ මිනීමැරුම් පිළිබඳ පොලිස් වාර්තාව. මේක කාටවත් බොරු කියලා අභියෝග කරන්න බැහැ. ලංකාවේ 2007 වර්ෂයේදී මිනීමැරුම් 1378 යි. 2010 වර්ෂයේ 741 යි. 2013- 586 යි. 2014- 548.

2015 අවුරුද්දේ සිදු වූ මිනීමැරුම් 476 යි. ගිය අවුරුද්දේ 452 යි. මේ මිනීමැරුම්වලින් සියයට 90 ක් පිටිපස්සේ මත්ද්‍රව්‍ය තියෙනවා. පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මිනීමැරුම්, ස්ත්‍රීදූෂණ අඩුවෙලා තියෙනවා. මේ සිදුවන ස්ත්‍රී දූෂණවලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසා නොවෙයි ඇතැම් විට. වැඩි ප්‍රමාණයක් සමාජ වෙබ් අඩවි හරහා සිදුවන සිදුවීම්.

පසුගිය අවුරුදු කිහිපයේත් අත්දැකීම් එක්ක අපි දන්නවා ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශේෂයෙන් මත්කුඩු, මත්පෙති ඔවුන් නීතියට හසුවෙලා අධිකරණයෙන් දඩුවම් විඳලා ඒ දඬුවම් විඳින ගමන් එයින් සෑහෙන පිරිසක් ඉන්නවා මත්ද්‍රව්‍ය නිසා වැරදිකරුවන් වෙලා මරණීය දණ්ඩනය නියම වෙච්ච අය ඉන්නවා හිරේ. ඒ මරණීය දණ්ඩනය නියම වෙච්ච අය හිරගෙදර ඉඳන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා, රටේ මත්ද්‍රව්‍ය බෙදනවා.

මරණීය දණ්ඩනය දීම සඳහා අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා. මම හිතනවා මම පවක් කරගන්නේ නැහැ කියලා මුළු සමාජයට, රටට හෙට උපදින දරුවන් වෙනුවෙන් මම ඊයේ සවස් වෙනකොට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනයට නියම වී පසුවත් මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දණ්ඩනය නියම වෙච්චකරුවන්ට මරණීය දණ්ඩනය දීමට මම මගේ අත්සන යොදනවා කියන එක මම කියන්නට ඕනේ. එහෙම නැතුව හදන්න බැහැ කියලා අපිට පේනවා. දඬුවම් මදි බව පේනවා".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,218 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,003 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,712 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,892 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,353 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,285 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,306 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,464 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,668 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,880 Downloads



Top 10 Commenters

Latest Comments

Top