Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
වරෙන්තු අරන් පන්සලට ආ පොලිස් නිලධාරියාට චීවරධාරියෙකු අහස පොළොව නුහුලන අපරාධයක් කළ හැටි

- වරෙන්තු අරන් පන්සලට ආ පොලිස් නිලධාරියාට චීවරධාරියෙකු අහස පොළොව නුහුලන අපරාධයක් කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
පොලිසිය පන්සලට එනවිට හිමිනම සිටියේ කොට කලිසමක් ඇඳගෙන.. 
කවුෙදා් මරහඬ දෙන හඬක් පන්සලෙන් ඇසුණා.. 
 
රත්නපුර, වෙරළුප ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානාධිපති කෝන්වලානේ ධම්මසාර හිමියන් විසින් පන්සලට පැමිණි පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණේ ඊයේ දිනයේදීයි. මෙම හිමියන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග අතර නමුත් අවස්ථා ගණනාවකදීම එම නඩුව මගහැර තිබෙන අතර එම හිමියන් පන්සලෙන්ද පළාගොස් තිබී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා හිමියන්ට නඩුවට පැමිණෙන්නැයි වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර ඊයේ ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියා පන්සලට ගොස් ඇත්තේ එසේ වරෙන්තු භාර දීමට බවයි පැවසෙන්නේ. 
 
ඔහු එහි ගොස් ඇත්තේ තනිවමයි. 
 
ඒ අවස්‌ථාවේ විහාරස්‌ථානය තුළ සැඟව සිටි විහාරාධිපති හිමියන් පොලිස්‌ සැරයන්වරයාගේ ගෙල මිරිකා ඇති අතර සැරයන්වරයාගේ කෑගැසීම ඇසුණු අසල්වාසීන් ඒ බව 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා. 
 
ඒ අනුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පන්සල වටලා ඇති අතර පොලිසියෙන් එනවා දැක ආවාස ගෙයට රිංගා දොර වසාගත් සැකකාර හිමියන් එළියට ඇවිත් ඇත්තේ අත්බෝම්බයක්ද අත ඇතිවයි. 
 
එම බෝම්බය එල්ල කරන්නට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන් අත තිබූ පොල්ලකින් පහරදී සැකකාර හිමියන් මෙල්ල කරගෙන ඇත. එම පහරදීම නිසා හිමියන්ගේ අත බරපතල බිඳීමකට ලක්වූ බවද පැවසේ. 
 
හිමියන් ගෙළ මිරිකීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව එම ස්ථානයේ වැටී සිටි සැරයන්වරයාව පසුව රෝහල් ගත කර තිබෙන අතර පොලිස් සැරයන්වරයා ඒ වන විටත් මියගොස් සිටි බවත් පොලිසිය පවසනවා. 
 
මියගොස් ඇති 53 හැවිරිදි පොලිස් සැරයන්වරයා පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ඔහු මෑතකදී පල්ලේබැද්ද පොලිසියේ සිට රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව ස්ථාන මාරුවක් ලබා පැමිණි නිලධාරියෙක්. 
 
මෙම විහාරාධිපති හිමියන් විහාරස්ථානය අවට වෙසෙන්නන් සමඟද විවිධ ආරවුල් ඇති කරගෙන නඩු කිහිපයකටම පෙනී සිටින හිමිනමක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අසද්ධිය වූ දිනයේ විහාරස්ථානය දෙසින් පුද්ගලයකු මර හඬ දී කෑගසනු ඇසුණ නමුත් විහාරාධිපති හිමියන්ගේ හැටි දන්නා නිසා එහි නොගිය බවත් නිවෙසෙන් පිටතට පැමිණ බලද්දී ආවාස ගෙය ‍දොරකඩ කෙනකු බිම පෙරළා ගෙන ගෙල සිර කරගෙන සිටින අයුරු දුටු බවත් ඒ නිසා පොලිසියට දැනුම් දුන් බවත් අසල්වැසියෙකු පවසා තිබෙනවා. 
 
සැකකාර හිමිනම පොලිසිය පන්සලට එනවිට සිට ඇත්තේ චීවරයකින් තොරව කොට කලිසමකින් සැරසී ගෙනය. විදේශ රටක නිෂ්පාදනය කළ අත්බෝම්බයක් ආවාස ගෙය ඉදිරිපස කොටසේ වැටී තිබි හමුවී තිබී හමුවී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට රත්නපුර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. 
 
සැකකාර හිමිනම කෝන්වලානේ ධම්මසාර යන නමින් පෙනී සිටිමින් මින් වසර 10කට පමණ පෙර මෙම ස්ථානයට පැමිණ ඇත්තේ ආගන්තුකයකු ලෙසටය. පැමිණ ටික කලකදීම ප්‍රදේශවාසීන් සමඟ ගැටුම් ඇති කරගෙන නොයෙක් විට ගම්මුන්ට පහර දීම්ද සිදු කර ඇත. ඔහු අංගම්පොර ශූරයකු බවද අසල්වැසියෝ පවසති. පන්සල හා විහාරස්ථානයේ නඩත්තුව සඳහා විවිධ කරුණු සඳහන් කොට ටිකට්පත් අලෙවි කර මුදල් ලබා ගන්නා බවද වාර්තා වනවා. රත්නපුර පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top