Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
“මහාචාර්යවරියකට වඩා පාසල් ගුරුවරියකට ළමයි වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තියෙන නිසා ඒ වෘත්තිය තෝරා ගන්නවා“ - වාචිකව පිළිතුරු සපයා ලොව මුල් වරට උපාධියක් ලැබූ තිළිණි නිමේෂා කියයි - Photos

- “මහාචාර්යවරියකට වඩා පාසල් ගුරුවරියකට ළමයි වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තියෙන නිසා ඒ වෘත්තිය තෝරා ගන්නවා“ - වාචිකව පිළිතුරු සපයා ලොව මුල් වරට උපාධියක් ලැබූ තිළිණි නිමේෂා කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42 Views
“විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ආවේ ගියේ රෝද පුටුවෙන්..“ 
“පේරාදෙණිය සරසවියේ මට වෙනම ඒකකයක් ආරම්භ කළා..“ 
 
දෑත දෙපා උපතින්ම සම්පූර්ණයෙන්ම ආබාධිත දැරියක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත්වීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉකුත්දා ලෝකයේ ප්‍රථම වතාවට උපාධියක් හිමිකර ගැනීමට සමත් වුණා.

ඇය කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි යූ.ජී. තිළිණි නිමේෂා ජයතිලකයි. 
 
ඇගේ පියා වන පුෂ්පකුමාර ජයතිලක සහ ඇගේ මව වන ධම්මිකා කුමාරි සෙනෙවිරත්න යන දෙදෙනාම ගුරුවරුන් වන අතර තිළිණිගේ එකම බාල සහෝදරයා චතුරංග ජයතිලක කටුනායක තාක්‍ෂණ විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබයි. 
 
පුෂ්පකුමාර හා ධම්මිකා යුවළට 1992 ජුනි 25 වැනි දින කෑගල්ල මහ රෝහලේදී ඔවුන්ගේ කුලුඳුල් දියණියක් උපත ලැබුවාය. ඔවුන් ඇයට තිළිණි නිමේෂා ජයතිලක නමින් මවුපියන් නම තබා තිබෙනවා. කෙසේ වුවත් මාස හතරක් පහක් පමණ ගතවන අවස්ථාවේදී මෙම දැරිය සාමාන්‍ය දරුවකුට වඩා වෙනසක් පෙන්නුම් කළ බව පුෂ්පකුමාර හා ධම්මිකා යුවළ පවසනවා. ඔවුන් පවසන්නේ සිය කුලුඳුල් දියණියගේ දෑත දෙපා අප්‍රාණික වූ බවයි. 
 
ඒ අනුව රෝහල් ගණනාවකින් ඇයට ප්‍රතිකාර කර කොළඹ ජයසිංහ විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයෙන් හා පසුව 2004 වර්ෂයේ ලංකාවේ එකම විශේෂිත කනිෂ්ඨ විද්‍යාලය වූ කෑගල්ල අඹන්පිටිය විශේෂ කනිෂ්ඨ විද්‍යාලයට ඇය ඇතුළත් කරන්නට මව්පියන් කටයුතු කර තිබේ. 
 
නිමේෂා අධ්‍යාපනය ලැබීමට පාසලට ආවේ ගියේ රෝද පුටුවෙනි. ඇයට අකුරු ලිවීමට අපහසුය. ඒ නිසාම නිමේෂා ගුරුවරුන් උගන්වන අවස්ථාවේදී ඇහුම්කන්දී පසුව විභාගවලදී පිළිතුරු ලබාදී ඇත්තේ වාචිකවය. ලංකාවේ පළමු වරට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සැපයූ එකම ශිෂ්‍යාව වන්නේද තම දියණිය බව මව ප්‍රකාශ කරයි. 
 
2012 වර්ෂයේ උසස් පෙළ විභාගයට කලා අංශයෙන් බෞද්ධ සංස්කෘතිය, සිංහල හා දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇය ඉහළින් සමත් වී තිබේ. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ නිමේෂාට එහි පාලන අධිකාරිය විසින් වෙනම ඒකකයක් පිහිටුවා අධ්‍යාපනය ලබාදුන් බව නිමේෂා පවසන අතර එදා සිට අද දක්වා දිවයිනේ නන්දෙසින් විශ්වවිද්‍යාලයට පැමිණෙන ආබාධිත ශිෂ්‍යයන් එම ඒකකයට ඇතුළත් කර අධ්‍යාපනය ලබාදෙන බවයි ඇය ප්‍රකාශ කළේ. 
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 80 වැනි උපාධි උත්සවය පසුගිය ජූලි 05 දා යෙදී තිබුණ අතර ලෝකයේ ප්‍රථම වරට සියලු විභාගවලට පිළිතුරු වාචිකව සපයා ඉහළින් සමත්වෙමින් උපාධියක් හිමිකර ගත් එකම උපාධිධාරිනිය ලෙස ඇය ඉතිහාසගත විය. තිළිණි නිමේෂා ජයතිලක උපාධිධාරිනිය තමා ලබා ගත් ජයග්‍රහණය ගැන මෙසේ ප්‍රකාශ කළා. 
 
“මගේ මවුපියන් මේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණා. 2004 වර්ෂයේ කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයට ඇවිත් 2009 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඉහළින් සමත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මට උසස් පෙළ කරන්න කෑගල්ල රංවල මහා විද්‍යාලයට යන්න සිද්ධ වුණා. එම විද්‍යාලයේ පන්ති තිබුණේ තෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ. මට ඒකට යන්න බැරි නිසා එවකට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යව සිටි මහීපාල හේරත් මහතා අඹන්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට ආපු දවසක මම කීවා මට උසස් පෙළ විභාගය ලියන්න රංවල විද්‍යාලයට යන්න බැහැ. පුළුවන් නම් ඔබතුමාට මට උසස් පෙළ ඉගෙන ගන්න මෙම විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පුළුවන්ද කියා ඉල්ලීමක් කළා. පසුව මහ ඇමැතිතුමා මා වෙනුවෙන් උසස් පෙළ ගුරුවරුන් මෙම විද්‍යාලයට එවලා කනිෂ්ඨ විද්‍යාලයක්ව තිබූ අඹන්පිටිය විද්‍යාලය මහ විද්‍යාලයක් බවට මා වෙනුවෙන්ම පත්කළා. මා මේ වෙලාවේ මහ ඇමැතිතුමාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.“ 
 
“ඊට පස්සේ මගේ අම්මයි, තාත්තයි දෙන්නම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මාව හැමදාම ත්‍රිරෝද රථයෙන් අරන් ගියා. ඒ දෙන්නත් ළඟ පාසලකට ස්ථාන මාරු හදාගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෙනම විශේෂ ඒකකයක් මටම කියලා ආරම්භ කළා. දැන් මට පස්සේ ඒ ඒකකයෙන් තවත් විශාල පිරිසක් ඉගෙනුම ලබනවා. මා මේ තැනට එන්නට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු මහචාර්යවරුන්, ශිෂ්‍යාවන් මට ගොඩක් උදවු කළා.“ 
 
“උසස් පෙළ සමත් වෙලා මගේ බලාපොරොත්තුව තිබුණේ මහාචාර්යවරියක් වෙලා විශ්වවිද්‍යාලයේ උගන්වන්න. නමුත් ඒ ගොඩක් ඉගෙන ගත්ත අය තමා විශ්වවිද්‍යාලයට එන්නේ. එතැනදී අපට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඊට වඩා මට හිතුණා මගේ සීයා, කිරි අම්මා සහ මවුපියන් ගුරුවරුන් නිසා මමත් ගුරුවරියක් වෙලා පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට උගන්වන්න. මොකද බෞද්ධ සංස්කෘතිය මට හොඳට පුළුවන්. මට දැන් ඒ අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතාත්, මාගේ බාල සහෝදරයාත් මා වෙනුවෙන් කළ කැපවීම අගය කර සිටිනවා“
 
- චමින්ද ජයලත් - 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top