Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
"ගොඩක් වෙලාවට විරහව විඳලා විඳලා හොඳ ආදරයක් ලැබෙන්න පුළුවන්..." - දිලිනි ලක්මාලි - Photos

- "ගොඩක් වෙලාවට විරහව විඳලා විඳලා හොඳ ආදරයක් ලැබෙන්න පුළුවන්..." - දිලිනි ලක්මාලි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,779 Views
"මොකද එයාලා දන්නවා මම වැරදි දෙයක් කරන්නෙ නැහැ කියලා..."

"ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඒවා මට ගැළපෙන්නෙ නැහැ.."

දිලිනි ලක්මාලි පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින දක්ෂ රංගන ශිල්පිණියක්. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන දිලිනි ජනතාව අතර ඉන්න නිලියක්. ඇයගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක් සමග කතා කර තිබුණා.

මේ දවස්වල ඒ රංගනයන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා.

ටෙලි තිරයේ දැකපු දිලිනි වේදිකාවටත් ගොඩවෙලා?
ඔව්. සුදත් අයියා සහ ජනිත් අයියා තමයි මට 'දෙබිඩි බ්‍රෝ'කියන වේදිකා නාට්‍යයට ආරාධනා කළේ. ඒකත් එක්ක තමයි මම වේදිකාවට එකතු වුණේ. ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය කියන රටවල් දෙකේ සංචාරයක් තිබුණා. 'දෙබිඩි බ්‍රෝ ' වේදිකා නාට්‍යයට තමයි එහෙ ගියෙ. වේදිකා නාට්‍යයකට පිටරට ගිය පළමුවැනි අවස්ථාව. ඒක වෙනස්ම අත්දැකීමක්.

වැඩිය නිර්මාණවල පේන්න නැත්තෙ ලැබෙන නිර්මාණවල තෝරා ගැනීමක් කරන නිසාද?
මම හිතන විදියට නිතර රූපවාහිනියෙ ඉන්නවා කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ලැබෙන හැම නිර්මාණයටම වඩා අපිට දෙයක් කරන්න පුළුවන් නිර්මාණයක් තෝර ගන්න එක තමයි වැදගත්. මම කරපු ටෙලි නාට්‍යය අටක් විතර විකාශය වෙන්නත් තියෙනවා. අනෙක මම එහෙම වැඩිය තෝරා බේරා ගැනීම් කරන්නෙ නැහැ.

නිර්මාණවලට දායක වෙද්දි දිලිනිට වැඩි වාරණ දාන්නෙ කවුද?
මමම තමයි තීරණය කරන්නෙ. අම්මවත් තාත්තවත් මල්ලිවත් මට වාරණ දාන්නෙ නැහැ. මොකද එයාලා දන්නවා මම වැරදි දෙයක් කරන්නෙ නැහැ කියලා.

සිනමාවට එන්න අදහසක් නැද්ද?
ඒක නම් මගේ හීනයක් තමයි. ඒකටත් ඉතින් වෙලාව එනකම් ඉන්න වෙනවා.

සිනමාවට ආරාධනා ලැබිලම නැද්ද?
ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඒවා මට ගැළපෙන්නෙ නැති නිසා දායක වුණේ නැහැ.

දිලිනිට ක්ෂේත්‍රය ඇතුළේ කැපිලි කෙටිලි ඇවිත් තියෙනවද?
එහෙම නැහැ. මුල් කාලයේදී කට්ටිය උදවු කළා. පොඩි පොඩි කෙනෙහිලිකම් තිබුණත් ඒවා දුරදිග යන දේවල් නෙවෙයි.

ලංකාවේ ජනප්‍රිය කියලා රංගන ශිල්පිනියන් කොටසක් ඉන්නවා. ඔබත් ඒ ගොන්නටද වැටෙන්නෙ?
ඒක ඇත්තටම මම නෙවෙයි ප්‍රේක්ෂකයෝයි තීරණය කරන්න ඕන. නමුත් මම කැමතියි, ජනප්‍රිය ගොන්නට වැටෙන්නෙ නැතිව දක්ෂතම ගොන්නට වැටෙන්න.

දක්ෂතම ගොන්නට එකතු වෙද්දී සම්මානනීය ඇගැයුම් බලාපොරොත්තුත් තියාගෙනද ඉන්නේ?
2010 රයිගම් සම්මාන උළෙලේ නැඟී එන නිළියට හිමි සම්මානය මට ලැබුණා.  කුසලතා සම්මානයක් ලැබිලා තියෙනවා. හොඳම නිළිය සම්මානය සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා. දවසක හොඳම නිළි සම්මානයක් ලැබුණොත් සතුටින් භාරගන්නවා.

දිලිනි කියන්නෙ වැඩිය සද්ද නැති කෙනෙක් නේද?
ඔව්. මම කොහොමත් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒත් මට ලැබෙන චරිත මම හොඳට කරනවා.

දිලිනි ගැන ගොසිප් අඩුවෙන්නෙත් ඔය පරෙස්සම නිසාද?
එහෙම පරෙස්සම් වෙන්නෙ නැහැ. ඒත් මම මගේ පාඩුවේ ඉන්න නිසා මට දැනට නම් ගොසිප් හැදිලා නැහැ.

ඔබ යන රංගන ගමනෙත් හදිසියක් පේන්න නෑනේ?
මම බොහොම හෙමින් ගමනක් තමයි යන්නෙ. මම හැමදාම උත්සාහ කරනවා අඩියෙන් අඩිය ඉස්සරහට යන්න.

දිලිනිට ක්ෂේත්‍රයේ ඉන්න විශේෂම පිරිමි යාළුවා කවුද?
එහෙම එක්කෙනෙක් කියන්න බැහැ. කිහිප දෙනෙක්ම ඉන්නවා.

කවුද ඒ කිහිප දෙනා?
නළුවො, අධ්‍යක්ෂවරු එහෙමත් නැත්නම් කාර්මික ශිල්පියො වෙන්නත් පුළුවන්. එහෙම විශේෂ කියන්නත් බෑ. මුණගැසෙන හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා.

දිලිනිට විශේෂ රහසක් කියන්න පුළුවන් ගැහැනු හෝ පිරිමි යාළුවෝ ක්ෂේත්‍රයේ ඉන්නවද?
ඔව්. මගේ යහළු රංගන ශිල්පිනියකට මම මගේ පෞද්ගලික දේවල් කියනවා. ඒ ඇරුණම රංගන ශිල්පීන් සමඟ මම එහෙම ලොකුවට දේවල් කතා කරන්නෙ නැහැ.

ආදරය සහ විරහව ගැන මොකද හිතන්නෙ?
ආදරය ළඟින්ම යන දෙයක් තමයි විරහව කියන්නෙ. ගොඩක් වෙලාවට විරහව විඳලා විඳලා හොඳ ආදරයක් ලැබෙන්න පුළුවන්. ඒත් ආදරය තමයි ජීවිතයට මූලිකව අවශ්‍ය වෙන්නෙ.

දිලිනිට ආදරය කරන කෙනෙක් ඉන්නවාද?
එහෙම කෙනෙක් ඉදිරියේදි ලැබෙයි. තවම ආදරය කරන කෙනෙක් නැහැ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  12 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,747 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,759 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,382 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,393 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,188 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,790 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,929 Downloads



Top 10 Commenters

Latest Comments

Top