Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
"සෙක්‌ස්‌ හරියටම අපි ඉගෙනගත්තේ නයිට්‌ ක්‌ලබ් එකෙන්, එයාගේ පතිවත පවා මට දුන්නේ හරිම භක්‌තියෙන්.." - ජීවිතය වරදා ගත් තරුණයෙක් කියන සංවේදී කතාව

- "සෙක්‌ස්‌ හරියටම අපි ඉගෙනගත්තේ නයිට්‌ ක්‌ලබ් එකෙන්, එයාගේ පතිවත පවා මට දුන්නේ හරිම භක්‌තියෙන්.." - ජීවිතය වරදා ගත් තරුණයෙක් කියන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,360 Views
"ඉස්‌කෝලේදී මත්ද්‍රව්‍ය බිස්‌නස්‌ කරලා ගන්න සල්ලි රෑට අපේ ආතල්වලට මදි වුණා.."

"ඉතිරි වුණේ කසාද සහතිකයක්‌ නැති අඹු සැමි ප්‍රේමයක්‌ විතරයි..."

"කුඩු නතර කරන්න තාත්තා දහහත් වතාවක්‌ රට යෑව්වා..."

කැලණි පන්සල පෙනෙන මානයේ ජීවත් වූ මේ තරුණයා පාසල් වියේ සිටම කුඩුවලට ඇබ්බැහිවූවෙකි. තාරුණ්‍යය කුඩුවලටම දිය කර හැරි ඔහු නිසා දෙමාපියන්ට යාන වාහන, උන්හිටිතැන් පවා අහිමි වී ගියේය. එහෙත් සෙනෙහෙබර එම දෙමවුපියෝ මත්ලෝලී එකම පුතු අතනොහැරියහ. ඔව්හු තම පුතුව මතින් මුදවාගැනීමට නොගත් උත්සාහයක්‌ නැත. අවසානයේ ඒ මවුපියන් තම පුතු 'මිතුරු, මිතුරෝ' පවුලට එකතු කර ඇත. දැන් අප ඉදිරියේ සිටින්නේ ඔහුය. අපි ඔහු 'දිනා' ලෙස හඳුන්වමු. මේ දිනා අපට කියන කතාවය.

"මත්ද්‍රව්‍යයක්‌ කියලා මම මුලින්ම පාවිච්චි කළේ සිගරට්‌ එකක්‌. අපි සිගරට්‌ බොන්න පුරුදු වුණේ ඉස්‌කෝලේ හත වසර පන්තියේ ඉගෙනගන්න කාලේ. ඊට පස්‌සේ යාළුවොත් එක්‌ක එකතු වෙලා දුම්කොළ ගුලි හදලා කටේ තියාගන්න පුරුදු වුණා. බාබුල් කෑවා. පැණි පුවක්‌ කෑවා. අවුරුද්දක්‌ විතර යනකොට මත්ද්‍රව්‍ය ගන්න සල්ලි හොයන්න පහළ පන්තිවල මල්ලිලාට බාබුල්, දුම්කොළ විකුණන්න පටන් ගත්තා. ඒ මොනවා කළත් පොත, පතේ වැඩවලදී මගේ මීටරය හොඳට වැඩ කළා. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. උසස්‌ පෙළට තෝරාගත්තේ වාණිජ අංශය..."

"මම විභාගය පාස්‌වීමේ සතුටට තාත්තා ගෙදර පාවිච්චියට වෑන් එකක්‌ ගත්තා. ටික දවසක්‌ යනකොට ඒ වෑන් එක මගේම වාහනය වුණා. මම ඉගෙනගත්තේ ගමේ ඉස්‌කෝලේ. ගෙදර ළඟ ඉඳලා වැඩි දුරක්‌ නෑ. ඉස්‌කෝලේ ඇරිලා ගෙදර ඇවිත් වෑන් එකත් අරගෙන එළියට බැස්‌සම, ආයෙමත් ගෙදර ගියේ ඊට පහුවෙනිදා උදේ ඉස්‌කෝලේ යන්න. මුළු රෑම යාළුවොත් එක්‌ක එකතු වෙලා මත්ද්‍රව්‍ය ගත්තා. එතකොට අපි වැඩියෙන්ම පාවිච්චි කළේ මත් පෙති, පැණි, ගංජා, අරක්‌කු. රෑට මොන කූපාඩිකම් කළත් උදේ පාන්දරින් ඉස්‌කෝලේ ගියා. ගුරුවරු කියන හැම දේම කළා. ඉස්‌කෝලේ සෑම වැඩකදීම පෙරමුණේ හිටියේ අපියි. ඒ නිසා ගුරුවරුත් අපිට ආදරයෙන් සැලකුවා. පන්තියක්‌ කට්‌ කරලා මුල්ලකට වෙලා නින්දක්‌ දැම්මට ගුරුවරු හොයලා බැලුවෙත් නෑ. අපි නැති වෙලාවට පන්තියේ කරන පාඩම්වල නෝට්‌ එකත් අපේ පොත්වල සටහන් වුණා. ඒ උදව්ව කරලා දුන්නේ යාළු ගැහැනු ළමයි. අපේ සෙට්‌ එකේ කොල්ලො හතක්‌ විතර හිටියා. ඒ හත්දෙනාම යාළු වෙලා හිටියේ එකම පන්තියේ කෙල්ලො එක්‌ක. අපි මත්ද්‍රව්‍ය ගන්නවා කියලා ඒ කෙල්ලොත් දැනගෙන හිටියා. ඒත් එයාලත් අපි කරන දේවල් වරදක්‌ විදිහට දැක්‌කේ නෑ..."

"අපිට ඉස්‌කෝලේ තිබුණු හොඳ නමට මුවා වෙලා ගංජා කූරු, මත් පෙති ඉස්‌කෝලෙට ගෙනත් මල්ලිලාට විකුණුවා. ටික දවසක්‌ යනකොට බිස්‌නස්‌ එක නැඟලා ගියා. අපේ අත්වලට සල්ලි ගලන්න පටන් ගත්තා. යාළු ගෑනු ළමයින්ට ටොෆි, චොකලට්‌ අහුරු පිටින් දුන්නා. ඒ අතර ෆන් එකට මත් ටොෆිත් දුන්නා. ඉස්‌කෝලේදී මත්ද්‍රව්‍ය බිස්‌නස්‌ කරලා ගන්න සල්ලි රෑට අපේ ආතල්වලට මදි වුණා. ගෙවල්වලිනුත් සල්ලි හොරකම් කර ගත්තා. අපි හැමෝගේම අම්මා, තාත්තලාට හොඳට සල්ලි තිබුණා. බලය තිබුණා. අපි සෙට්‌ එකම ධනවාදී පැලැන්තියේ දරුවො කිව්වොත් වරදක්‌ නෑ..."

'අම්මේ මම පාඩම් කරන්න නලියලාගේ ගෙදර යනවා...' කිව්වට අම්මා එපා කිව්වේ නෑ. නලියට, ඉස්‌සට අපේ ගෙදර එන්න කිසිම තහනමක්‌ තිබුණෙත් නෑ. ඒ වගේම හැම යාළුවකුගේම දෙමවුපියෙක්‌ම එකිනෙකා දැන හඳුනාගෙන හිටියා. අපි හැමෝම එකම ක්‌ලාස්‌ එකක අය නිසා ගමන්, බිමන් යන්න උපරිම නිදහස දීලා තිබුණා. ඉල්ලන හැම වෙලාවකම බෑ නොකියා අම්මා මට සල්ලි දුන්නා. අපි ඒ හැම රුපියලක්‌ම වියදම් කළේ මත් වෙන්න..."

"ගංජා ගහලා, පෙති බීලා රෑට ෆන් එකේ ඉන්නකොට එක දවසක්‌ අපේ එකෙක්‌ නයිට්‌ කල්බ් යන්න කතා කළා. එදා හිටපු සෙට්‌ එකම එකා වගේ යෝජනාවට කැමැති වුණා. මගේ වෑන් එක ගත්තා කෙළින්ම නතර වුණේ සීදූවේ නයිට්‌ ක්‌ලබ් එකේ. නයිට්‌ ක්‌ලබ් එකකට ගිය පළමු දවස. හරිම වෙනස්‌. වට පිට බල, බල ඉන්නකොට කෙල්ලො පස්‌ දෙනෙක්‌ ඇවිත් අපේ ඇඟේ වෙලෙන්න පටන් ගත්තා. ටික වෙලාවක්‌ යනකොට උන්ගේ පෙරැත්තකම නිසා විස්‌කි බෝතලයක්‌, බයිට්‌ වර්ග කිහිපයක්‌ ගෙන්න ගත්තා. එදා හොඳටම බිව්වා. අපේ කොල්ලෙක්‌ එක කෙල්ලෙකුගේ අරක්‌කු වීදුරුවකට මත් පෙති කෑල්ලක්‌ දාලා දිය කරලා දීලා අන්තිමේ එකී බිම බඩ ගෑවා. පිස්‌සු ආතල්. පහුවෙනිදා පාන්දර ක්‌ලබ් එක වහනකම් අපි ආතල් ගත්තා. අපිත් එක්‌ක හිටිය කෙල්ලොත් උපරිම ෆන් ගත්තා. අපිට ඕන විදිහට හිටියා. ඒ රසයට දෙවැනි දවසෙත් නයිට්‌ කල්බ් ගියා. එක දිගට සතියක්‌ නයිට්‌ ක්‌ලබ් ගියා. ඒ සතියේම එකම කෙල්ලො සෙට්‌ එකක්‌ තමයි අපිත් එක්‌ක හිටියේ. උන්ටත් අපිව නැතිවම බැරි වුණා. ඊට පස්‌සේ සතියකට දෙතුන් දවසක්‌ නයිට්‌ ක්‌ලබ් ගියා. සුපිරි ආතල් ගත්තා. සෙක්‌ස්‌ කියන දේ හරියටම අපි ඉගෙනගත්තේ නයිට්‌ ක්‌ලබ් කෙල්ලන්ගෙන්. ඒ අක්‌කලා ගුරුවරු වගේ අපිට සෙක්‌ස්‌ විෂය ඉගැන්නුවා..."

"අපි යාළුවො සෙට්‌ එක කරුවලේ නටන නාඩගම් ගැන ටික කාලයක්‌ යනකොට අපේ අම්මලා, තාත්තලාගේ කන්වලට ගිහින් තිබුණා. ඒ කතා අහලා අපේ අම්මා අසනීප වුණා. මගේ තාත්තා බියර් වීදුරුවක්‌වත් බොන්නේ නෑ. හරිම සිල්වත්. තාත්තා වැඩ කළේ රජයේ ඉහළ ආයතනයක. අම්මා ජොබ් එකක්‌ කළේ නෑ. අපේ පවුලේ එකම කොල්ල මමයි. අක්‌කා හොඳට ඉගෙන ගත්තා. පවුලේ එකම කොල්ලා නිසා අම්මා, තාත්තා මට පණ ඇරලා ආදරෙයි. ඥාතිත් එහෙමයි. මම මත්ද්‍රව්‍ය ගන්නවා කියලා දැනගත්තම අම්මට ඒක දරාගන්න බැරිව ගියා. මම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා කියලා ගෙදර අය දැනගන්නකොට උසස්‌ පෙළ විභාගය ලියන්න මාසයක්‌වත් නෑ. විභාගය ලිව්වට වැඩක්‌ වුණේ නෑ. විෂයන් හතරම ෆේල් ..."

"ඊට පස්‌සේ තාත්තා මාව සිංගප්පූරු ඇකඩමියක හොටෙල් පාඨමාලාවකට යොමු කළා. පාඨමාලා ගාස්‌තුව මාසයකට තිස්‌පන්දහයි. ඇකඩමියට ගියේ, ආවේ වාහනයෙන්. ඔහොම යනකොට ඇකඩමියට ආපු ගෑනු ළමයෙක්‌ මට සෙට්‌ වුණා. ඉස්‌කෝලේ ලව් එකට තිත තියලා සම්පූර්ණ හදවතම අලුත් කෙල්ලට දුන්නා. ඒ ළමයත් හදවතින්ම මට ආදරය කළා. එයාගේ පතිවත පවා මට දුන්නේ හරිම භක්‌තියෙන්. හැඟීම්වලට වහල් වෙලා ඒ දේවල් කැඩිලා, බිඳිලා ගියා කියලා ඒ ළමයා දුක්‌ වුණේ නෑ. එයා මාව ගොඩක්‌ විශ්වාස කළා. මමත් එයාට හදවතින්ම ආදරය කළා. අන්තිමේ අපි දෙන්නම ඇකඩමියට ගියේ නෑ, ගෙවල්වලින් ඇවිත් කාමරවල තනි වුණා. ඒ තනි වෙච්ච හැම අවස්‌ථාවකම මම මත් පෙති ගත්තා. මම මත් පෙති බොන විත්තිය ඒ ළමයා දැනගෙන හිටියේ නෑ. ඒත් පෙතිවලින් ලැබෙන ෆිලින් එකට එයත් කැමති වුණා. අන්තිමේ මාස තුනේ පාඨමාලාව සහතිකයක්‌වත් නැතිව ඉවර වුණා. ඉතිරි වුණේ කසාද සහතිකයක්‌ නැති අඹු සැමි ප්‍රේමයක්‌ විතරයි..."

"එතකොට හැමදාම මම පෙති දහයේ කාඩ් එකක්‌ බොනවා. කොයි වෙලාවෙත් සාක්‌කුවේ පෙති කාඩ් එකක්‌ තියෙනවා. මදි පාඩුවට රෑට පැණි බෝතලයකුත් බොනවා. දවසක්‌ පෙතියි, පැණියි බීලා වැඩි වෙලා මට ෆිට්‌ එකත් හැදුණා. එදා නම් මට හිතුණා මැරෙයිම කියලා. ඒත් මම බේරුණා. ඒ දේවල් එහෙම වුණා කියලා මම මත්ද්‍රව්‍යවලින් ඈත් වුණේ නෑ. දවසින් දවස මතට ඇලුණා. ඔහොම යනකොට අපේ ඉස්‌කෝලේ අයියා කෙනෙක්‌ සැලොන් එකක්‌ පටන් ගෙන තිබුණා. මම නිතර, නිතර ඒ සැලොන් එකට යන්න පටන් ගත්තා. දවසක්‌ මම යනකොට සැලොන් එකේ අයියා හෙරොයින් ගන්නවා..."

'දිනා චුට්‌ටක්‌ ගන්නවද. මගේ නම් ෆන් එක මේක තමයි...' කියලා අයියා මට පේන්නම කුඩු ඇද්දා. මටත් ආසා හිතුණා. මමත් චුට්‌ටක්‌ ගත්තා. පාවිච්චි කරපු මත්ද්‍රව්‍යවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ ෆිලින් එකක්‌ මට දැනුණා. කුඩුවලින් ලැබුණු මතෙන් ඇඟට කිසිම වේදනාවක්‌ දැනුණේ නෑ. හිත, වෙන, වෙන ලෝකවල පාවෙනවා වගේ දැනුණා. දෙවැනි දවසෙත් මගේ හිත ඒ ෆිලින් එකම ඉල්ලුවා. සැලෝන් එකේ අයියාගේ පිහිටෙන් එදත් මම කුඩු චුට්‌ටක්‌ බිව්වා. තුන්වෙනි දවසේ වෙන යාළුවකුට කියලා කුඩු පැකට්‌ එකක්‌ ගෙන්න ගෙන ඒ යාළුවත් එක්‌ක බිව්වා. දවසින්, දවස කුඩුවලට මගේ හිත බැඳුණා. අන්තිමේ මට කුඩු නැතිව ඉන්න බැරිම වුණා. කුඩු බොන්න සල්ලි නැති වෙනකොට ගෙදර සල්ලි හොරකම් කළා. සල්ලි නැති වෙනකොට තාත්තා මාව සැක කළා. ඒ වෙනකොට මගේ ඇඟත් ඇදිලා ගිහින් වැල වෙලා තිබුණේ. මා දිහා බලලා තාත්තායි, අම්මයි අඬපු වාර අනන්තයි. ඒ අඬනකොට මටත් දුකයි. ඒත් කුඩු ඒ කඳුළු යටපත් කළා. පස්‌සේ තාත්තා විශාල මුදලක්‌ වියදම් කරලා මාව ඩුබායි රටට යෑව්වා. තාත්තා මාව රට යෑව්වේ ජොබ් එකක්‌ කරනවටත් වඩා කුඩුවලින් ගලවගන්නයි..."

"තාත්තාගේ දැන හැඳුනුම්කම් මත ඩුබායිවල සුපිරි හෝටලයක වේටර් කෙනෙක්‌ විදිහට වැඩ කරන්න අවස්‌ථාව ලැබුණා. මුල ඉඳලා හොඳ පඩියකුත් ලැබුණා. පාඩුවේ ජොබ් එක කරගෙන අවුරුද්දක්‌ විතර හිටියා. ඒ කාලය තුළ ඉංග්‍රීසි, හින්දි භාෂාව හොඳටම ඉගෙනගත්තා. වේගයෙන්ම වැඩ කරන සේවකයාට හිමි ඇගයීම් සහතික පත්‍රයකුත් මට ලැබුණා. අක්‌කාගේ වෙඩින් එකට ලංකාවට ආවා. ආපු දවසේ ඉඳලා යාළුවො එක්‌ක සෙට්‌ වුණා. අයෙමත් පරණ කුඩ්ඩම වුණා. ගෙනාපු සල්ලි හිඳෙනකම් කුඩු බිව්වා. අන්තිමට තාත්තා මාව නැවත ඩුබායිවලට යෑව්වේ එයාගේ සල්ලි වියදම් කරලා. ඔය විදිහට දහහත් වතාවක්‌ තාත්තා මාව ඩුබායි රටට යෑව්වා. අන්තිමේ ලංකාවට ඇවිත් කොළඹ තරුපහේ හෝටලයක කොපි ෂොප් එකක වැඩට ගියා. එතැනදි නම් උදේ වැඩ පටන් ගත්තේ කුඩු චුට්‌ටක්‌ බීලා. බහින්න, බහින්න චාර්ඡ් කළා..."

"ඒ කාලය වෙනකොට නිවාඩු දවස්‌ ගෙවන්නේ පෑලියගොඩ මාළු කඩේ. එතැන තමයි මගේ රජදහන. හම්බ කරන පඩිය කුඩු බොන්න මදි වෙනකොට අපි කප්පම් ගන්න පුරුදු වුණා. මළ ගෙවල්වල බූරුගහන්න ගියා. දිනපු දවසට නයිට්‌ ක්‌ලබ් යනවා. පැරුදුණු දවසට වාහනය උකස්‌ කරලා සෙල්ලම් කළා. ඊළඟ දවසේ කොහොමහරි වාහනය බේරගත්තා. ජීවිතේ ඔහේ අයාලේ ගෙවිලා ගියා. ඒත් කිසිම දවසක කුඩුත් එක්‌ක මාට්‌ටු වෙලා හිරේ ගිහිල්ලා නෑ. කිහිප වතාවක්‌ම පොලිස්‌ කූඩුවේ නම් තැපලා තියෙනවා. ඒ හැම අවස්‌ථාවකදීම තාත්තා ඉදිරිපත් වෙලා මාව බේරගත්තා. මම මොන ජරා වැඩ කළත් දෙමවුපියෝ වගේම මගේ කෙල්ලත් මාත් එක්‌ක හිටියා. එතකොට එයා කොළඹ කැම්පස්‌ එකේ ඉගෙනගත්තේ. කොළඹ කොපි ෂොප් එකේ වැඩට ආවට පස්‌සේ නැවත අපි දෙන්න එකම කාමරයක්‌ අරගෙන එකටම ජීවත් වුණා. ඒත් කුඩු නිසා කොපි ෂොප් එකේ ජොබ් එකත් වැඩි කාලයක්‌ කරන්න බැරිව ගියා..."

"ඊට පස්‌සේ මම කිරිබත්ගොඩ හෝටලයක රූම් බෝයි කෙනෙක්‌ විදිහට වැඩ කළා. කුඩු නිසා ඒ ජොබ් එකත් අකාලේම නැති වෙලා ගියා. ඊට පස්‌සේ මම කිසිම ජොබ් එකක්‌ කරන්නේ නැතිව, යාළුවන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා කෙල්ලත් එක්‌ක කාමරයක්‌ අරගෙන වෑන් එක හයර් කරගෙන ජීවත් වුණා. ඒ වෙනකොට මගේ කාලකණ්‌ණි ජීවිතය ගැන මට කලකිරිලා තිබුණේ. ඒ විදිහට කෙල්ලත් එක්‌ක ජීවත් වෙනවට මගේ අම්මයි, තාත්තයි කැමැත්තෙන් හිටියා..."

'උඹ ජොබ්වලට යන්න එපා. මේ කෙල්ල ඉගෙනගන්නකම් උඹ ගෙදර වැඩ ටික කරගෙන හිටපං. මම උඹලා දෙන්නගේම වියහියදම් බලාගන්නම්...' ඔය කතාව තාත්තා මන්තරයක්‌ වගේ මැතිරුවා. ඒත් කුඩු සික්‌ එක හැදුනාම උන්හිටි තැනුත් අමතක වෙනවා. මම කුඩු හොයාගෙන පාරේ දිගේ දුවපු දවස්‌ තිබුණා. ඒ වෙනකොට මම දවසකට රුපියල් හය, හත්දාහක කුඩු බිව්වා. හොඳින්, නැති නම් නරකින් හරි සල්ලිත් හොයාගත්තා. කෙල්ලත් එක්‌ක එක කාමරයක ජීවත් වුණත් මම වැඩි හරියක්‌ හිටියේ එළියේ කුඩ්ඩොත් එක්‌ක. මගේ ජීවිතේ වෙලා තිබුණේ කුඩු විතරයි. අන්තිමේ කෙල්ලටත් මාව එපා වුණා. ඒත් මම කෙල්ලගේ පස්‌සෙන් ගියේ නෑ..."

"නැවත මම ගෙදරට ඇවිත් පිස්‌සු කෙලිනකොට තාත්තා මාව ගාල්ලේ විශෝධන මධ්‍යස්‌ථානයකට ඇතුළත් කළා. එතැන දවස්‌ දහහතරක්‌ ඉඳලා ගෙදර ආපු දවසේම කුඩු බිව්වා. ඒ විදිහට විටින්, විට විශෝධන මධ්‍යස්‌ථාන හතරක නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ඒ කිසිම තැනකදී හරියට මොළේ සේදුණේ නෑ. ඒ තැන්වල ඉඳලා ගෙදර ආපු සැණින් මම ගියේ කුඩු හොයාගෙන. කරන්නම දෙයක්‌ නැති තැන තාත්තා නැවත මාව ඩුබායි රටට යෑව්වා. මාස තුනක්‌ විතර රට ඉඳලා ලංකාවට ආවා. ඒ ආපු දවසේ ඉඳලා කුඩු බොන්න පටන් ගත්තා. එක දිගට කුඩු බිව්වා. ගෙදර පාවිච්චියට තිබුණු වාහනයත් උකස්‌ කරලා කුඩු බිව්වා. විවිධ යාළුවො ගෙදරටම ගෙන්න ගත්තා. රෑ ජාමේ ඇවිදලා මහා පාන්දරට මාව දාන්න ඇවිත් ගෙවල් ඉදිරිපිට යාළුවො කෑකෝ ගහන්න පටන් ගත්තා. ගමේ මිනිස්‌සුන්ටත් අපේ විකාර වදයක්‌ වුණා. අන්තිමේ අම්මා, තාත්තාට ගමේ මිනිස්‌සුන්ට මූණ දීගන්න බැරිව ගියා. ගමේ ඉන්න බැරිම තැන තාත්තා ලක්‍ෂ අසූවකට ගේ විකුණලා පිටගමක පදිංචියට ගියා. ඒත් මම ගම දාලා ගියේ නෑ. කාමර කෑල්ලක්‌ කුලියට අරගෙන ජීවත් වුණා. කඩවලින් කප්පම් අරගෙන ඒ සල්ලිවලින් කුඩු බිව්වා. රෑට කාමරයට ගෑනු දෙතුන් දෙනා ගෙන්න ගත්තා. බීච් පාටි, අලුත් නයිට්‌ ක්‌ලබ් හොය, හොය ගියා. සුපිරි සල්ලාල ජීවිතයක්‌ ගත කළා. ඔහොම ඉන්නකොට තමයි මෙතැන වැඩ කරන අයියා කෙනෙක්‌ මාව මේ පන්සලට අරගෙන ආවේ..."

'ඒ අයියා එක්‌ක තමයි මම මුලින්ම සැලෝන් එකේ තියාගෙන කුඩු බිව්වේ. පස්‌සේ ඒ අයියා මේ පන්සලට ඇවිත් හිත හදාගෙන මතින් වැළකිලා දැන් මෙතැනම වැඩ කරගෙන ඉන්නවා. දැන් මමත් මෙතැනට ඇවිත් අවුරුද්දකට වැඩියි. අවුරුදු නවයක්‌ විතර කුඩු බීපු මගේ හිතේ දැන් මතට කිසිදු ඉඩක්‌ නෑ. ඒත් අපි ජීවත් වෙච්ච සමාජයට යන්න බයයි. මගේ යාළුවො තවමත් කුඩු බොනවා. හිත කියන දේ හරි අමුතුයි. නිතරම බලන්නේ වරදේ පැටලෙන්නමයි. තවම මගේ හිත පාලනය කරගැනීමට අසීරුයි. සම්පූර්ණයෙන්ම හිත පාලනය වෙච්ච දවසට මම මේ පන්සලෙන් යනවා. හිත ශක්‌තිමත් කරගන්නේ නැතිව සමාජයට ගියොත් නැවත ජරා වළට වැටෙන්න තියෙන ඉඩ වැඩියි..."

තරංග රත්නවීර
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  7,308 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,626 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,172 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,576 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,087 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,629 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,500 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  587 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,222 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,174 Downloads



Top 10 Commenters

Latest Comments

Top