ඊයේ (12) දිනයේදී දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවි කරන ස්ථානයකදී තරුණියකට අතවර කිරීමට තැත්කල සේවකයෙකුගේ පුවතක් වාර්තා වුනා.
මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රදේශයේ පිරිස් විසින් විරෝධතාවක්ද පවත්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම සිදුවීමට මුහුණ දුන් තරුණිය ඇය මුහුණ පෑ සිදුවීම පිළිබඳව තොරතුරු අනාවරණය කරනු ලැබුවා.
ඇය දැක්වූ අදහස් පහතින්...
"එයා කිව්වා උඩට යන්න කියලා. ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා. ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකේ එක්කෙනෙක් ඉන්නවා කියලා.. ඒකේ ඇත්තටම හිටියා. පස්සෙ මං ෆිටොන් කරලා යාලුවාට පෙන්නන්න බලනකොටම එයා එකපාරටම මගේ ඇඟ පහතින් අතදැම්මා..