Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
Update - සබරගමු සිසුන් රෑ 12ට නේවාසිකාගාරයට ගියේ තේ බොන්නලු

- Update - සබරගමු සිසුන් රෑ 12ට නේවාසිකාගාරයට ගියේ තේ බොන්නලුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,638 Views
සරසවි සිසු සිසුවියන්ගේ ප්‍රශ්න පිළිබඳව පසුගිය සති කීපය පුරාම අපට අසන්නට ලැබුණා. ඒ අකාරයේම තවත් පුවතක් මේ වන විට වාර්තා වෙනවා. නමුත් මේ ගැටුමක් සම්බන්ධවනම් නොවෙයි.

මේ සිදුවීම වාර්තා වන්නේ සබරගමුව සරසවියේ කෘෂි පීඨයෙන්. මෙම පීඨයේ සිසුන් 4දෙනෙකු විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට 3වනදා රාත්‍රී 12ට පමණ ඇතුල්වීමට උත්සාහ දරා තිබෙනවා.


කෙසේ නමුත් ඔවුන්ගේ මෙම උත්සාහය අසාර්ථක වී ඇති අතර මේ වන විට ඔවුන්ට පන්ති තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අදාල සිසුන් 4 දෙනාට නේවාසිගාරයට ඇතුල්වීමට සහය දැක්වූ සිසුවියකගේද මේ වන විට නේවාසිකාගාර පහසුකම් අත්හිටුවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Update :-

සබරගමුව විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයකට ඇතුලූවිමට උත්සහ කිරීමේ චෝදනාව මත එම විශ්ව විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකුගේ පංති තහනම් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් 3 වනදා රාත්‍රි 12 ට පමණ පානය කිරීමට තේ අවශ්‍ය බව පවසමින් මෙම සිසුන් 4 දෙනා මෙලෙස කාන්තා නේවාසිකාගාරයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කළේ.

මෙලෙස වලවේ කාන්තා නේවාසිකාගාරයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවට චෝදනා කරමින් පන්ති තහනම් කර ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකු සහ දෙවන වසරේ සිසුන් දෙදෙනෙක්. කෙසේ වෙතත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ ශිෂ්‍ය ක්‍රියාකාරීක රසිඳු ජයසිංහ  සදහන් කලේ මෙය අසත්‍ය චෝදනාවක් බවයි.

විශ්ව විද්‍යාලයේ යලි ගැටලූකාරී තත්වයක් ඇති කිරීමේ අරමුණින් පාලනාධිකාරිය මෙම චෝදනා එල්ල කරන බව ඔහු කියා සිටියා. මීට එරෙහිව අද දහවල් විරෝධතාවක් ද පවත්වන බවයි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ ශිෂ්‍ය ක්‍රියාකාරක රසිඳු ජයසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්තගෙන්ද අප විමසීමක් කළා. ඔහු කියා සිටියේ  කිසිදු හේතුවක් මත හෝ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර තුලට ඇතුල් වීමට ශිෂ්‍යන්ට අවසර නොමැති බවයි.  පන්ති තහනම් කළ සිසුන්ට තේ ලබාදීමට සූදානම් වූ ශිෂ්‍යාවකගේ ද නේවාසිකාගාර පහසුකම් අත්හිටුවීමට පියවර ගත් බව සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය චන්දන උඩවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සබරගමුව විශ්වවිද්‍යාලය තුළ පසුගිය කාලයේ විවිධ ගැටලූකාරි තත්ත්වයන් මතුවුණා. ශිෂ්‍ය විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව සිසුන් පඹහින්න මංසන්ධියේ ආරම්භ කළ සත්‍යග්‍රහය එහි ආරම්භයයි. පසුව අලූතින් විවෘත කළ කාන්තා නේවාසිකාගාර 2 ක් ප්‍රමිතියෙන් තොර බව පවසමින් සිසුවියන් පිරිමි නේවාසිකාගාරයකට ඇතුළු වීම නිසා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමුණා. විශ්වවිද්‍යාලය පළමු වසර සිසුන්ට ප්‍රථමයෙන් විවෘත කෙරුණු අතර අනෙකුත් සිසුන්ට එය යළි විවෘත කළේ නොවැම්බර් 3 වනදායි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  591 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  9,936 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,599 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,263 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,713 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,834 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,977 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,187 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,275 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,017 Downloads



Top 10 Commenters

Latest Comments

Top