ජනප්‍රිය නිළියක වන ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඒ ඇයගේ නවතම චිත්‍රපටය වන ‘ඩිෆිනීෂන් ඔෆ් ෆියර්’ නමින් නම් කර ඇති චිත්‍රපටයේ රූගත කිරීම් සඳහායි.
මෙය ජේම්ස් සිම්ප්සන්ගේ නිර්මාණයක් වන අතර ජැකුලින් සමඟ කැතරිල් බැරල්, මර්සිඩ්ස් පපාලියා, බ්ලීත් හොබාර්ඩ්, මැතිව් ස්ටිෆික් යන නළු නිළියන් රංගනයේ යෙදෙනවා.
හොල්මන් කතාවක් වටා ගෙතුණු මෙම චිත්‍රපටයේ ජැකලින්ගේ රඟපෑම පිළිබඳව තවමත් ප්‍රකාශයට පත්වී ඇත්තේ එක් ඡායාරූපයක් පමණයි. එමෙන්ම ‘ඩිෆිනීෂන් ඔෆ් ෆියර්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් හෝ තවමත් නිකුත් වී නැහැ.