Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
25
"මගෙ ලොකු හීනයක් තිබුණා ඇමෙරිකාවෙ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥවරියක් වෙන්න " ලංකාවට අභිමානයක් ගෙන එමින් නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරිය වූ මල්මි - Photos

- "මගෙ ලොකු හීනයක් තිබුණා ඇමෙරිකාවෙ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥවරියක් වෙන්න " ලංකාවට අභිමානයක් ගෙන එමින් නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරිය වූ මල්මි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
"මගේ විකාර හීන ගැන සමහරු මට හිනා වුණා"
"අභියෝග ජය ගන්න කැපවීම් කරන්න මැළිවන්න එපා"

විශ්වය යන වචනය අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ ඇති දෙයක් ලෙසිනි. නැහැ විශ්වය කියන වචනයට නිර්වන ගණනාවක් දේනනට පුළුවන්. ඉතින් අප ජීවිත්වන පෘථිවියට එහා ලෝකයන් ගැන අප ගොඩක් දේවල් අහල තියෙනවා. අපි දැකලා තියෙනවා. ඉතින් දැන් වර්තමාන ලෝකය තාක්ෂණය අතින් විශාල දියණුවක් ලබා තිබෙනවා.

ඒ තාක්ෂණය උපයෝගි කරගෙන විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන විවිධ වූ ගවේෂණ කරනවා. අප ජීවිත් වන ජීවි ලෝකය තුළ අප නිතර දක්නට ලැබෙන ග්‍රහ වස්තු තමයි හිරු, සඳු, තරු. ඉතින් මේ ග්‍රහ වස්තු ගැනත් මේ වනවිට තාරකා විද්‍යාඥායන් නව සොයාගැනීම මෙන්ම ගවේෂණද කරමින් සිටිනවා.

ඉතින් මේ විදියට විශ්වයේ රහස් සොයන මහා ගවේෂණ ආයතනය තමයි ඇමරිකාවේ නාසා ආයතනය කියන්නේ. මේ ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහනේ තානාපතිවරියක් ලෙස කටයුතු කරන අපේ රටේ දිරිය දිණියක් ගැන පුවතක් අසන්නට ලැබුණා.

පුංචි කාලයේ සිටම විශ්වයේ තතු සොයන්න මහත් උනන්දුවක් තිබූ ඇය අනාතයේ තාරකා විද්‍යාඥවරියක් වීමේ සිහිනයක පසුපස හඹාගිය ඇය නමින් මල්මි ප්‍රසන්දි කිරිවන්දලගේය. ඇයට තවමත් වයස අවුරුදු 22 ක් පමණ වුවත් ඇය මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන් අයිලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට නාසා ආයතනයේ කටයුතු පිළිබඳ අලුත්ම දැනුම ලබා දෙන්නේද ඇයයි.

ඇය පිළිබඳව පුවත්පතක පල වූ සවිස්තරාත්මක සටහනක් පහතින්..

"මම කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකාවෙ ඉගෙන ගනිද්දි තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවක වුණා. පස්සෙ සංගමයෙ සභාපති වෙලා බාහිර ක්‍රියාකාරකම් රැසකට දායක වුණා. අපි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වෙලා "රොකට්" එකකුත් හැදුවා. සෞරග්‍රහ මණ්ඩලය ගැන දැන ගන්න විශ්වය ගැන ඉගෙන ගන්න මහා කුතුහලයකින් මම හිටියෙ. පන්තියෙ විෂයයන් ගැන උනන්දුවක් නෑ කියලා ටීචර් මගෙ අම්ම ඉස්සරහදි මට බැනලත් තියෙනවා.

මගෙ විශාල සිහිනයක් තිබුණා මම කවදා හරි ඇමෙරිකාවෙ නාසා ආයතනයේ රැකියාවකට යනව තාරකා විද්‍යාඥවරියක වෙලා. අලුත් ග්‍රහ ලෝක සොයා ගන්නවා කියන සිහිනය ඔස්සේ මම ගියා. ඒ සඳහා යන පාර මොකක්ද කියන එක ගැන මට වැටහීමක් තිබුණෙ නැහැ. මගෙ විකාර හීන ගැන සමහරු මට හිනා වුණා. ඒත් මම මගේ අරමුණ අතඇරියෙ නැහැ. මම සෞරග්‍රහ මණ්ඩලය ගැන පර්යේෂණ කරන නොයකුත් ආයතන සමඟ සම්බන්ධ වුණා. මේ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙද්දි මට ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ හය මාසික වැඩමුළුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ බව කිව හැකියි.වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතු කොයි ආකාරයෙන්ද කියලා මම එහිදී තේරුම් ගත්තා.

නාසා ආයතනය හා සම්බන්ධ මගේ විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරයාගේ උපදේශකත්වය යටතේ මා සිදුකළ පර්යේෂණය පදනම් කර ගනිමින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවක් නාසා ආයතනය 2017දී පිළිගත්තා. මගේ පර්යේෂණයට විෂය වූයේ අඟහරු ග්‍රහයාගේ දක්ෂිණාර්ධ ගෝලයේ හඳුනා ගත් ජල විවර සම්බන්ධවයි. අඟහරුගේ උත්තරාර්ධ ගෝලයේ කුහර තුළ ජලය පවතින බව නාසා ආයතනය සොයාගෙන තිබුණා. මම දක්ෂිණාර්ධ ගෝලයේ පවතින විවර සිතියම් ගත කර එම විවරයන්හි ජලය නොමැති බව තහවුරු කළා. මගේ දෙවැනි පර්යේෂණ පත්‍රිකාව තරු පොකුරේ විකිරණ වර්ගීකරණය සම්බන්ධව සිදුකළා. මේ සියලු පර්යේෂණයන් සමීක්ෂණය කිරීමෙන් පසුවයි 2018 මාව නාසා ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානාපතිවරියක වශයෙන් පත්කර ගත්තේ.

වෘත්තීයමය වශයෙන් මා මේ කාර්යයේ නිරත වන්නේ මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අතරමයි. මම දැනට නිව්යෝර්ක් සෙල්ඩන්හි සෆ්ලොක් ප්‍රාන්ත විද්‍යාලයේ තාරකා විද්‍යා හා භූ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබා සිටිනවා. ලබන මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවත්වන විද්‍යාඥයන් 3000ක් සහභාගි වන වැඩමුළුවකටද සහභාගි වීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වැඩමුළුව මගේ ජීවිතයේ අමතක නොවන දින 10ක් වේ යැයි මා හිතනවා. මා අපේක්ෂා කළ ඉලක්කය වූ තාරකා විද්‍යාඥවරියක් වී ලංකාවට කීර්තියක් අත්කරදීම අතේ දුරට සමීප වීම ගැන මා අවංකවම සතුටු වෙනවා.

අන්තර්ජාලය ඔස්සේ මට හමුවන බොහෝ නංගිලා මල්ලිලා අජටාකාශ විෂයන් ගැන උනන්දුවෙන් කතා කරනවා. ඒ හැම දෙනාටම මම කියන්නෙ "ඔබ සිහින දකින්න. ඒ සිහින සැබෑ කරගන්න. ආත්ම ශක්තිය ඇති කරගන්න. කුමන බාධක ආවත් ඉලක්කය අත්නොහරින්න. අභියෝග ජය ගන්න කැපවීම් කරන්න මැළිවන්න එපා. අධිෂ්ඨාන සහගතව ඉදිරියට යන්න ඔබට වරදින්නේ නැහැ" කියලා.

අප මල්මි ප්‍රසන්දි දියණිය හමුවේ තැබූ අවසන් ප්‍රශ්නය වූයේ,

විශ්වයේ කිසියම් ස්ථානයක ජීවීන් සිටීද..?" යන්නයි. මේ ඇය ඊට දුන් පිළිතුරයි.

"අනිවාර්යයෙන්ම විශ්වයේ ජීවය පවතිනවා. එම ජීවය අප වැනි මනුෂ්‍යයන් යැයි නිශ්චිත කළ නොහැකියි. බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් 64ක් තිබෙනවා. ඉන් 4ක් ප්‍රධානයි. එයින් "යුරෝපා" යන චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ක්ෂුද්‍රජීවීන් සිටින බව නාසා ආයතනය තහවුරු කරගෙන තිබෙනවා"

නාසා ආයතනය සිදුකරන සෞරග්‍රහ මණ්ඩල ගවේෂණයන් සඳහා වැය කරන්නේ ඇමෙරිකානු ෆෙඩරල් රජයට බදු ගෙවන ජනතාව බවත් එබැවින් ඔවුන් සොයාගන්නා දේ සහ ඔවුන්ගේ පර්යේෂණ සම්බන්ධව ජනතාව දැනගත යුතු අතර සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානාපතිවරුන් පත්කරන්නේ ඒ සඳහා බවත් ඇය ප්‍රකාශ කළාය. නොදුරු අනාගතයේම ඇය නාසා තානාපතිවරියක ලෙස ලංකාවේ ප්‍රජාව දැනුවත් කරනු ඇත. අපි ඇයට සුබ පතමු.

- උදේනි සමන් කුමාර පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් -
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top