Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
25
SPA එකට ඇවිත් බිරිඳ දරුවන් ගැන දුක කියලා අමුතු ආකාරයේ ලිංගික තෘප්තියක් ලබන පිරිමි ගැන සුරූපී තරුණියක් හෙළිකරන කතාව

- SPA එකට ඇවිත් බිරිඳ දරුවන් ගැන දුක කියලා අමුතු ආකාරයේ ලිංගික තෘප්තියක් ලබන පිරිමි ගැන සුරූපී තරුණියක් හෙළිකරන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
සමහර අය වැඩි දෙනෙක්ම සල්ලි දීලා මාව බදාගෙන ඉන්නවා, යට ඇදුම් අරන් යනවා..

තව අය හොඳටම බිලා එනවා. අපිට නොයෙක් කරදර කරනවා..


ආයුර්වේද මධ්‍යස්ථාන බොහොමයක කිසිදු ආයුර්වේද වෙදකමකට සම්බන්ධ සම්භාහන ක්‍රියාවලින් සිදු නොවන අතර ගණිකා වෘත්තිය සහ වෙනත් කාම ආශාවන් සංසිඳවන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති මෙම සම්භාහන මධ්‍යස්ථානයකින් කිසිදු ගැටලුවක් නොමැතිව දිනකට ලොකු ලාභයක් ලබා ගැනීමට හැකිව තිබේ.

තලවතුගොඩ, නුගේගොඩ, පිළියන්දල, කඩවත, මහරගම, හෝමාගම, අතුරුගිරිය ඇතුළු තවත්  ප්‍රදේශ ආශ්‍රිතව බහුල වශයෙන් මෙම මධ්‍යස්ථාන විවෘතවෙමින් තිබේ. මෙම ව්‍යාපාරය  හුදෙක් ලිංගික ආස්වාදය සඳහා පමණක්ම වෙන්වූවක් බව අප ලද තොරතුරුවලින් අනාවරණය විය.

මෙම ස්ථානවලට ඉංග්‍රීසි භාෂාවෙන් ‘ස්පා’  සහ චීන නාමය සඳහන් කරමින් සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.

වයස අවුරුදු 16-80 පමණ දක්වා කාණ්ඩවල පුද්ගලයින් මෙම ස්ථානවලට පැමිණෙන අතර  ලිංගික අවශ්‍යතාවන් මත මෙහි ගනුදෙනු වෙනස්වේ.

මෙම මධ්‍යස්ථානවලට ප්‍රථම වතාවට හෝ දෙවන වතාවට ඇතුළුවන පුද්ගලයින්ට තරුණියන් ලැබෙන්නේ  ගණිකාවන් හැටියට නොවෙයි. එම තරුණියන්ගේ ඇඟපත අතගෑම සහ තරුණියන් ලවා වෙනත් විවිධාකාර වින්දනයන් කර ගැනීමේ අවස්ථාව පමණක් ලබා ගනී. එහිදී ඇතැම් පුද්ගලයින් එම තරුණියන්ගේ ඇඳුම් ඉල්ලාගෙන යෑම හා ඒවා ස්පර්ශ කිරීම, පුරුද්දක් වී තිබේ.

මේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැයකට රුපියල් 1500-2500 දක්වා ගෙවීමක් සිදුකළ යුතුය. කාමරයට කාන්තාව සමග ඇතුළුවන හිමිකරු පවසන්නේ පැයක කාලයක් බොඩි මසාජ් (සම්භාහනය) කර ගතහැකි බවයි.

එහෙත් කාමරය තුළට යාමෙන් පසුව තරුණිය හෝ කාන්තාව ප්‍රකාශ කර සිටින්නේ ‘සර්’ වොෂ් එකක්දාගෙන මේ තුවාය ඇඳගෙන එන ලෙසය.

පසුව තරුණිය ඇඟපත ස්පර්ශ කිරීම ආරම්භ කරන අතර ශරීරය සිප ගැනීමද ආරම්භ කරයි. ඒ අතර තරුණයාගේ හෝ පැමිණි පුද්ගලයාගේ හැඟීම් උද්දීපනය වීමෙන් පසු ඇය කියා සිටින්නේ, ‘සර්’ වෙන මොනවහරි ඕනනම් ‘ටිප්’ එකක් දෙන ලෙසයි. ‘ටිප්’ එක බොහෝ විට රුපියල් 500 සිට 5000 හෝ වෙනත් මුදලක් දක්වා වැඩිවේ.

මෙම ස්ථානයට දිගින් දිගටම අවස්ථා කිහිපයකදී එන පුද්ගලයකුට එහි සිටින තරුණියක් ගණිකාවක් ලෙස ලබා ගත හැකිය. එහිදී මුදල රුපියල් 5000 සිට 10000 දක්වා හෝ ඊට ඉහළ මුදලක් දක්වා වැඩි වෙයි.

මෙම ආයතන මෙලෙස පවත්වාගෙන ගියද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්භාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකයක් ලත් ආයුර්වේදවරයකු සිටිය යුතු අතර ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු උපකරණ තිබිය යුතුය. එහෙත් මෙම ස්ථානවල එවැනි කිසිවක් දැකගත නොහැකිය. එහි ඇත්තේ ඇතුළුවෙන ස්ථානයේ මොනයම් හෝ ආගමික ප්‍රතිමාවක් තබා මල් පූජාකර නොයෙක් තෙල්වර්ග සහිත බෝතල් රඳවා කුරුඳු තෙල් සුවඳ හමන ලෙස සකස් කර ඇති පහන් කිහිපයකි.

මෙහි පැමිණෙන තවත් පිරිසක් පිළිබඳව පුදුම සහගත කරුණු රාශියක් අප හට සොයා ගැනීමට හැකිවූයේ මෙම ස්ථාන කිහිපයකටම ගොස්  තරුණියන් සමග කතාබස් කිරීමෙන් පසුවය.

මට අවුරුදු 22යි. මම කුරුණෑගල පදිංචිකාරියක් දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මේ රැකියාව කරනවා. මට නොයෙක්  කරදර හිරිහැර සිදුවෙනවා. මා ඒවා ගණන් ගන්නේ නැහැ.
කිසි ගැටලුවක් නැතිව මාසයකට රුපියල් අසූදහසයි ලක්ෂයයි අතර මුදලක් හොයාගන්නවා.  සෙව්වන්දි නමැති තරුණිය අප සමග කීවාය.

මෙතනට බෝඩින් ගාස්තු නැහැ. අප ඉන්නේ මේක ඇතුළෙමයි. වියදම් අඩුයි. හැබැයි දවස් හයේම වැඩ මා ළඟට ගොඩක් වයසක අය එනවා. ඔවුන් ඇත්තටම කරදර කරන්නේ නැහැ. සමහර අය වැඩි දෙනෙක්ම සල්ලි දීලා මාව බදාගෙන ඉන්නවා. ඊට පස්සේ මට ආදරෙයි කියලා යන්න යනවා. සමහර අය ආපසු  එන්නේ නැහැ. ඒත් මාසයකට වරක් මාව බලන්න එන පුද්ගලයන් ඉන්නවා. ඒ අය මට යනකොට  රුපියල් 2000-3000 දීලා යනවාමයි සෙව්වන්දි අප සමග කීවාය.  ඇය තවදුරටත් ඇගේ අත්දැකීම් කිහිපයක්ම සඳහන් කළාය.

තව සමහර අය මට උඩ ඇඳුම් ගලවන්න කියලා මුළු පැයම මගේ දිහා බලාගෙන ඉඳලා යන්න යනවා.

තවත් සමහරු මාව බදාගෙන ගෙදර නෝනාගේ ප්‍රශ්න ළමයින්ගේ දුක්ගැනවිලි කියලා අඬනවා. ඔයා හොයාගෙන ආවේ මගේ දුක කියන්න කියලත් ඇතැමුන් කියනවා.

ඇතැම් අවස්ථාවල තරුණ පිරිස් ඇවිල්ලා මට එයාලගේ ශරීරය ස්පර්ශ කරන්න කියලා වෙන කාන්තාවන්ට දුරකථන ඇමතුමක් අරන් කතා කරනවා. ඔයවගේ එකකට එකක් විරුද්ධ නොයෙක් අත්දැකීම් තියනවා.

සමහර අය හොඳටම බිලා එනවා. අපිට නොයෙක් කරදර කරනවා. එතකොට අපි එළියට දුවනවා. අපේ ආරක්ෂක අංශ විසින් ඒ අයව එළියට ඇදලා දානවා මෙවැනි සිද්ධීන් රාශියක් අප සතුව ඇතත් සමහර සිද්ධීන් පුවත්පතක පළකිරීමට පවා නීරසය. මෙම ස්ථානවලට පැමිණෙන තවත් පුද්ගලයින් එහි සිටින සුරූපී තරුණියන්ගේ යට ඇඳුම් මිලට ගෙන රැගෙන යන බවද එක්තරුණියක් අප සමග කීවාය.

බොහෝ මානසික ආතතින්ගෙන් පෙළෙන පිරිස් මෙම ස්ථානවලට පැමිණ තමන්ගේ මානසික ආතතිය අඩු කරගැනීමට හෝ මානසික සහනයක් ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් පෙනීයන්නේය.

එලෙසම බත්තරමුල්ල, කඩුවෙල ආශ්‍රිතව තිබෙන ‘ස්පා’ වෙත ප්‍රබල දේශපාලනඥයින්, ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් පැමිණෙන බව කියවේ. ඉන් බොහෝ දෙනකු සම්භාහන කර ගැනීමට පමණක් පැමිණෙන බව අපට අනාවරණය කර ගැනීමට හැකිවිය.

මෙම මධ්‍යස්ථානවලට ගණිකා වෘත්තිය සඳහා නොවන තරුණියන්ද මව්වරුන්ද සේවයට පැමිණෙන බව අපට තහවුරු විය.

විශේෂයෙන්ම එක් දරු මව්වරු,  තරුණ මව්වරු මෙම ස්ථානවල සේවයට පැමිණෙන අතර ඔවුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු හදාරන බවද පැවසේ.

එම මව්වරු මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන් හැර යාම සහ දික්කසාද වීම බව එවැනි තරුණ මව්වරු කිහිපදෙනෙකු සමග කතා බහ කිරීමෙන් පසු අපට සොයා ගැනීමට හැකිවිය.

මෙම සම්භාහන ආයතන උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා විවෘතව තබන අතර තවත් ප්‍රමාණයක් පැය විසිහතරේම විවෘතව තබන ඒවා ද ඇත.

ජාතික පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් පළකිරීමෙන් සහ ජංගම දුරකථන මගින් මුහුණු ‍පොත මගින් මේ සඳහා  තරුණියන් බඳවා ගැනේ.

මෙම රැකියාව සඳහා අත්දැකීම් ඇති තරුණියන් පැමිණෙන විට තවත් තරුණියක් රවටා ගෙන  පැමිණීමට පුරුදුව සිටිති. එහිදී අත්දැකීම් ඇති තරුණියන්ට සම්භාහන හිමිකරු විසින් විශේෂ තෑගි මුදලක් ලබා දෙනු ලබයි. මේ ආකාරයෙන්ම මේ ස්ථානවලට පැමිනෙන නව තරුණියන් සිය නිවෙස් වෙත දෙමව්පියන්, ඥාතීන් වෙත වෙනත් රැකියාවල නිරතවන බව පැවසීමට වගබලා ගනී.

මෙහි භයානක තත්ත්වයන් රැසක් පිළිබඳව අපට හැඟී යයි විශේෂයෙන්ම තරුණ කාන්තාවන් සම්භාහන රක්ෂාව ආරම්භ කර සල්ලි රසය දැනීමත් සමග ගණිකා වෘත්තියට පිවිසීමයි.  එයින් පසුව ඔවුන් මත්ද්‍රව්‍ය, මත් පෙතිවලට පුරුදු වෙති. තවත් සමහරුන්ට සමාජ රෝගවලට මුහුණදීමට සිදුවෙයි.  එහිදී මුළු ජීවිතයම විනාශ වන බව පෙන්වා දිය හැකියි.

මෙහිදී අපට පෙනීගිය කරුණක් වන්නේ යම් යම් මානසික ආතතින්ගෙන් පෙලෙන පුද්ගලයින් වැඩිවීම සමාජයේ   දකින්නට ලැබෙන අතර අදාළ ආයතන මේ පිළිබඳව සොයා බලා ඒවාට ප්‍රතිකර්ම සෙවිය යුතු බවයි. එසේ නොවන්නේ නම් සමාජගත මෙම ගැටලු වැඩි වශයෙන් වර්ධනය වී සමාජයට මහත් පිළිලයක් වන බවයි.

විශේෂයෙන්ම බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ කාන්තාවන් (තායි, පිලිපීන්) යොදා ගනිමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවේ ‍පොලිසියට සොයා ගැනීමට හැකිවූයේ එහි ගණිකා වෘත්තිය සිදු කෙරෙන බවයි. තවදුරටත් ‍පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේදී අනාවරණය වූයේ එම තරුණියන්ට ඒඩ්ස් රෝගය වැලඳී තිබූ බවත් ඔවුන් සමග සංවාසයේ යෙදුණු කිහිප දෙනකුටම මෙම රෝග පැතිරී යන්නට ඇති බවයි.

මේ  කාරණා පිළිබඳව අප විශේෂයෙන්ම සොයා බැලිය යුතු අතර වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙවැනි සිද්ධීන් එකක්  අනාවරණය වන නමුත් සිද්ධීන් කොතරම් සැඟවී යනු ඇත්දැයි අපි නොදනිමු. එලෙස සිද්ධීන් සැඟවී යාමේදී සැඟවෙන්නේ ඉතාමත් සමාජ ගත ප්‍රශ්නයකි. ගැටලුවකි. එයට විසඳුම් සෙවීමද පහසු කාරණයක් නොවනු ඇත.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top