කිලිනොච්චිය - අම්බාල්කුලම ප්‍රදේශවාසීන් පිරිසක් ගම් වැදුනු දිවියෙකු අල්ලා අමානුෂික ලෙස පහර දී මාරා දැමූ පුවතක් ඊයේ අප වාර්තා කළා.
පසුගියදා ගම් වැදුනු මෙම දිවියා ප්‍රදේශවාසීන්ට පහරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබුනා.
කෙසේවෙතත් එම නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදු කළ ද දිවියා අල්ලා ගැනීමට හැකිවී නැහැ.
පසුව ගම්වාසීන්ගේ එකතුවෙන් ඊයේ දිනයේදී මහත් පරිශ්‍රමයක් දරා දිවියා අල්ලා ගෙන අමානුෂික ලෙස දිවියාට පොලු මුගුරු වලින් සහ උදලුවලින් පහර දී මරා දමා තිබුණා.