පිශාචයෙකුගේ පෙනුම ගත් දත් දෙකක් සහිත මුවෙකු ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශයෙන් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ ආකාරයෙන් දත් පිහිටි මුවෙකු මීට වසර 60කට පෙර ප්‍රථම වතාවට හමුවී ඇති අතර ඉන් අනතුරුව දක්නට ලැබුණු එකම මුවා මෙම මුවා වීම විශේෂත්වයක්.
දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මේ කස්තුරි මුවන් තම සහකාරිය ආකර්ෂණය කරගැනීමට මෙන්ම සතුරන්ගෙන් ආරක්ෂා වීමට මෙම දල යෝදාගන්නා බවටත් වාර්තාවෙනවා. ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේදී ඔවුන්ගේ ලේ උරාබීමටත් මෙම දත් යොදාගන්නා බවට මතයක් පැතිරෙමින් පවතිනවා.
එසේම එකිනෙකාට සමාන මෙම මුවන් විශේෂ හතක් මේ වන විට ආසියානු කලාපයේ දැකගැනීමට හැකිවන අතර ඒ අතරින් කාශ්මීර කස්තුරි මුවන් ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ වනාන්තර බෑවුම්වල වාසය කරන බවටත් වනසත්ව සංරක්ෂණ සංගමය පවසනවා.
මේ ආකාරයේ දළ සහිත මුවෙක් විද්‍යාත්මක ආකාරයට දැකගත හැකිවුනේ 1948දී ඇෆ්ගනිස්ථානයේ නුරිස්ටාන් පළාතේදී බවත් කියැවෙනවා. ඒ නෙදර්ලන්තයේ සමීක්ෂණ කණ්ඩායමක් මෙම කලාපය තුල සිදුකල සංචාරයකදීයි.