මාස 4 ක බිළිඳාට වුණු දේ..
හංවැල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනය කරන ලද කැපුම් තුවාල සහිත මවකගේ සහ දියණියකගේ සිරුරු පොලිසිය විසින් අද (19) සවස සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිරිදි වියේ පසුවූ ඇගේ දියණියයි.
38 හැවිරිදි දියණියගේ ස්වාමිපුරුෂය විසින් මෙම ඝාතනය ඊයේ (18) රාත්‍රීයේ සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
සිද්ධිය සිදු වූ නිවස පොලිසිය පැමිණෙන විට ඝාතනයට ලක් වූ දියණියගේ මාස 4 ක් වයසැති දරුවාද නිවසේ සිට තිබෙනවා.
දරුවා කුසගින්නේ සිටි බවට පෙනී ගිය බැවින් පොලිසිය විසින් දරුවා රෝහල් ගත කර තිබූ බවයි වාර්තා වන්නේ.
හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.