Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
"ඒ අවස්ථාවලදී මට සිතුණා මටත් මේ වගේ කෙනෙක් හිටියා නම් තනිකමක් දැනෙන එකක් නැහැ කියලා..." - ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න

- "ඒ අවස්ථාවලදී මට සිතුණා මටත් මේ වගේ කෙනෙක් හිටියා නම් තනිකමක් දැනෙන එකක් නැහැ කියලා..." - ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"පළමු ආදරය කවදාවත්ම අමතක වෙන්නේ නැහැ..."

"එයා දුන් අභියෝගයක් නිසයි මම අද මෙතැන ඉන්නේ.."

දිමුත් කරුණාරත්න කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණු දක්ෂ ක්‍රීඩකයෙක්. පසුගිය කාලයේ ඔහුගේ දක්ෂතා ජාතික කණ්ඩායම එක්ක දකින්න ලැබුණේ නැහැ. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

හොඳම චිත්‍රපටය
ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණත් සිනමාව කෙරෙහි විශාල ඇල්මක් මා තුළ තිබෙනවා. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම චිත්‍රපට බලනවා. එසේ බැලූ චිත්‍රපට අතරින් මට හොඳම චිත්‍රපටය ලෙස නම් කළ හැක්කේ American Sniper කියන චිත්‍රපටයයි.
එය ස්නයිපර් තුවක්කරුවෙකු වටා දිවෙන කතාවක්. මමත් පුංචි කා‍ලේ ඔය වගේ ස්නයිපර් තුවක්කුකරුවෙකු වෙන්න හීන දැක්කා. ඒකත් මේ චිත්‍රපටය මගේ හදවතට දැනෙන්න ගොඩාක් හේතුවක් වුණා.
 
නරකම චිත්‍රපටය
එකක් කියලා නෑ. ගොඩාක් තියෙනවා. නරකයි කියලා හිතුනොත් ඒ වෙලාවෙම මම චිත්‍රපටය බලන එක නතර කරනවා. ඒ නිසා නම මතක තියාගන්නේ නැහැ.
 
හොඳම දේශපාලනඥයා
දේශපාලනය පිළිබඳව මගේ කිසිම උනන්දුවක් නැහැ. ඒ ගැන මම කිසිම දෙයක් දන්නෙත් නැහැ.
 
නරකම දේශපාලනඥයා
ලෝක ඉතිහාසයේ බොහෝ නරක දේශපාලන චරිත බිහි වී තිබෙනවා. නමුත් මට ඔවුන් ගැන සොයන්නවත් දැනගන්නවත් කිසිම උවමනාවක් නැහැ. ඇත්තටම දේශපාලනය කියන මාතෘකාවටත් මම කැමති නැහැ.
 
හොඳම ඇගයීම
මා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බොහෝ ඇගයීම්වලට ලක් වුණා. වයස අවුරුදු 15 පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ සමයේ මා බොහෝ ඇගයීම්වලට ලක් වුණා. එවකට මා කොළඹ අශෝක විද්‍යාලයේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ හිටියේ. පාස‍ලේ විදුහල්පතිවරයාගෙන් වගේම ගුරුවරුන්ගෙන්ද මට බොහෝ ප්‍රශංසා හිමි වූ කාලයක් ඒක.
 
නරකම ඇගයීම
මැච් එකක් පැරදුනාම ක්‍රීඩා ලෝලීින්ගෙන් අපිට ගොඩාක් දොස් අසන්නට සිදුවනවා. එපමණකින් නොනවතින සමහර ක්‍රීඩා ලෝලීින් අපගේ මුහුණු ‍පොතටද විවිධ  විවේචනයන් එල්ල කරමින් බැණ වදිනවා. හැබැයි එය මට පමණක් ‍පොදු ධර්මතාවක් නොවෙයි. සාමාන්‍යයෙන් රට නියෝජනය කරන පුද්ගලයන්ට, දේශපාලනඥයන්ට ක්‍රීඩකයන්ට මෙවැනි නරක ඇගයීම්වලට මුහුණ දීමට සිදුවෙනවා. මටත් ඔය වගේ නරක ඇගයීම් ගොඩක් ලැබි තිබෙනවා.
 
හොඳම ක්‍රීඩකයා
ඇමෙරිකානු පිහිනුම් ශූර Michael Phelps (මයිකල් ෆෙල්ප්ස්)

නරකම ක්‍රීඩකයා
ක්‍රීඩා කරන මොහොතේ ඇතිවන තරගකාරී බවත් සමග අපට සමහර ක්‍රීඩකයන් නරකයි කියලා හිතෙනවා. නමුත් ඔවුන්ව ළඟින් ආශ්‍රය කර බලද්දී ඔවුන් ඉතා හොඳ පුද්ගලයන්. මේ නිසා ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න  මා ලබා ඇති අත්දැකීම් ප්‍රමාණවත් මදි.
 
හොඳම ටෙලි නාට්‍යය
අඹ යහළුවෝ. එම ටෙලි නාට්‍යය මා කුඩා අවධියේදී නරඹපු ටෙලි නාට්‍යයක් වුණත් අදටත් මම එයට ප්‍රිය කරනවා. එසේ ප්‍රිය කිරීමට හේතුව ලෙස මා දකින්නේ එහි සිටි යහළුවන් දෙදෙනා පවුල් පසුබිම් දෙකක ජීවත් වුවත් ඒවා ගණන් නොගෙන ඉතා හොඳින් ඔවුන්ගේ මිතුදම ඉදිරියට රැගෙන යාමයි. මගේ පාසල් සමයේදී මට ගොඩාක් යාළුවෝ සිටියේ නැහැ. මගේ හැම වැඩකටම මම තනිවමයි ගියේ. ඒ අවස්ථාවලදී මට සිතුණා මටත් මේ වගේ යහළුවෙක් හිටියා නම් තනිකමක් දැනෙන එකක් නැහැ කියලා. ඒ වගේම එම ටෙලි නාට්‍යයේ තේමා ගීතයටත් දැඩි ලෙස ප්‍රිය කරනවා.
 
නරකම ටෙලි නාට්‍යය
මෙගා නාට්‍යවලට නම් මගේ කිසිම කැමැත්තක් නැහැ. මොකද කොච්චර ලස්සනට පටන් ගත්තත් මැදක් වෙනකොට එය අච්චාරුවක් වෙන නිසා. මේ වගේ අච්චාරු ගණයේ නරක ටෙලි නාට්‍යය රැසක් මා දැක තිබෙනවා. ඒත් ඒ කිසිවක් අවසන් වනතුරු බලලා නෑ.
 
හොඳම පුරුද්ද
අන් කෙනෙකුගේ දුකක් කරදරයක් දුටු විට මගේ සිත ඉක්මනින්ම උණුවෙනවා. සමහර අවස්ථාවල එවැනි පුද්ගලයින්ට උදව් උපකාර කිරීමට ගොස් මා අමාරුවේ වැටුණු අවස්ථාත් තිබෙනවා.
 
නරකම පුරුද්ද
කුඩා කළ සිටම මගේ තිබෙන නරක පුරුද්දක් තමයි නිය‍පොතු කෑම. ඒ වගේම මම ටිකක් කම්මැලියි. දවල් කාලයේ නිදා ගැනීමත් මගේ නරක පුරුද්දක් ලෙසයි මගේ පවු‍ලේ අය නම් දකින්නේ.
 
හොඳම මතකය
පළමු ආදරය කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තවත් හොඳම මතකයක් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ලැබුණු දිනය.
 
නරකම මතකය
මගේ සිත කිසියම් තැනකට ඇදිලා ගියොත් ඒ තැනින් මගේ සිත ඉවත් කර ගන්න හරිම අමාරුයි. හරියට මගේ ප්‍රථම ප්‍රේමය වගේ. කොතරම් නරක වුණත් ඒ මතකය හැමදා හිතේ රැඳී තිබෙනවා.
 
හොඳම යාළුවා
හොඳම යාළුවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පාසල් අවධියේදී රකිත, යශෝද, කියලා හොඳ යාළුවන් දෙදෙනෙක් හිටියා. දැන් ඔවුන් කොහේ සිටිනවාද කියා මම දන්නේ නැහැ. ඒ යහළුවන් සමග කතා කරන්න මම තවමත් කැමතියි. ඒ වගේම දැන් ක්‍රිකට් කණ්ඩායමේ සිටින සියලුම සාමාජිකයන් මගේ යහළුවෝ.
 
නරකම යාළුවා
මට නරකම යාළුවෙක් හිටියා. ඔහුගේ නම මිනෝජ්. ඔහු නිතරම මාත් සමග ගැටුම් ඇති කරගත්තා. මාත් සමග තරග කළා. ඔහු හැම විටම මාව කකුලෙන් ඇදලා බිමට දාන්න හදපු යාළුවෙක්. ඒ හේතුව නිසා මම තව තවත් ශක්තිමත් වුණා. මම අද මේ වගේ දිගු ගමනක් ආවේ ඔහු එදා මට එල්ල කළ අභියෝගයන් නිසයි.
 
ශිරෝනි ග්‍රේරෝ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top