ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියට සහභාගිවන දකුණු අප්‍රිකා සංචිතය අද(18) ප්‍රකාශ කල අතර ඊට ඉම්රාන් තහීර් ඇතුලත් කර නොතිබීම විශේෂත්වයක්.
සීමිත පන්දුවාර තරඟවල දකුණු අප්‍රිකාව වෙනුවෙන් හොදම දක්ෂතා දක්වා ඇති පන්දු යවන්නා වන තාහීර් එක්දින ශ්‍රේනිගතකිරීම්හි පසුවන්නේ 6වන ස්ථානයේ. දඟ පන්දු යවන්නට හිතකර ශ්‍රී ලංකා තණතීරුව තරඟ වැදීම සදහා ඔහු නම් නොකිරීම විමතියට කරුණක්.
දකුණු අප්‍රිකා සංචිතය වන්නේ,
ෆෆ් ඩු ප්ලේසි(නායක), හෂීම් අම්ලා, ජුනියර් ඩලා, කුයින්ටන් දී කොක්, ජේ.පී. ඩුමිනි, රීසා හෙන්ද්‍රිකස්, හෙන්රිච් ක්ලාසන්, කෙශාව් මහාරාජ්, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි ගිඩි, අන්දිල් පෙහෙලුක්වායෝ, කගිසෝ රබාඩා, තැබ්රෙස් සම්සි.