"ඔහේ පරිස්සමට හිටපන් මල්ලියො අපි ඔහෙ එනකල් "
උබට නෙමේ රිදුනෙ..ජීවත්වන අපිට
කඩවත, අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් ගැටී අනතුරක් සිදුවුණා.
එම ත්‍රීරෝද රථය මෝටර් රථයේ ගැටෙන ආකාරය කැමරාවක සටහන් වී තිබෙනු අතර එහි සිටි පුද්ගලයෙකු විසිවෙන අයුරුද එහි දක්නට ලැබුණා.
මෙම මාරක රිය අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.
අනතුරින් මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ නො 38 නිවසේ පදිංචිව සිටි 23 හැවිරිදි වී.ඒ චිරාන් ඉසුරු නමැති තරුණයෙකුයි.
කෙසේ වෙතත් මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මුහුණු පොතේ මිතුරන් විසින් කඳුලු සටහන් කිහිපයක් දමා තිබුණා.