Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
18
"මගේ නමින් ඉන්න කවුරු හරි කෙනෙක්‌ ගොඩක්‌ දෙනෙක්‌ට අයුතු යෝජනා කරලා තියෙනවා..." - ගිහානි වීරසිංහ

- "මගේ නමින් ඉන්න කවුරු හරි කෙනෙක්‌ ගොඩක්‌ දෙනෙක්‌ට අයුතු යෝජනා කරලා තියෙනවා..." - ගිහානි වීරසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85 Views
"ඒ වැඩේට ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුගේ නමත් පාවිච්චි කරලා.."

"ඒ දේශපාලනඥයා මට කතා කරලා බැන්නා.."

පසුගිය දවස්‌වල චෝගම් උත්සවයට ගිය ගිහානි වීරසිංහ කියන නිළියට බොහෝ දෙනා චෝදනා එල්ල කළා. ඒ වගේම ඇයගේ විලාසිතා නිසාත් ඇය කතාබහට ලක් වුණා. මේ දවස්වල ආයෙමත් ඇය ගැන කටකතා පැතිරෙන්න පටන් අරගෙන. ඇය ඇතැම් අයට යුතු යෝජනා කරනවා කියලා. නමුත් ඇය නම් කියන්නේ ඒ ඇය නෙමෙයි කියලයි. ඒ ගැන මේ විදිහට පුවත්පතකට සදහනක් කර තිබුණා. මේ ඒ ගැනයි.

ආයෝජන දූතිකාව කියලා මඩ ගහපු ගිහානිට ආයෙමත් ප්‍රශ්නයක්‌ නේද?
ඔව්.

මොකක්‌ද මේ ඉමෝ ගිණුම ප්‍රශ්නය ?
මේ පාර මගේ දුරකථන අංකයෙන් ව්‍යාජ ඉමෝ ගිණුමක්‌ හදලා තියෙනවා. ඒ හරහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට දේශපාලනඥයන්ට, ආයෝජකයන්ට, නළු නිළියන්ට සහ ලාබාල තරුණයන්ට කතා කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ මගේ නම සහ පින්තූර පාවිච්චි කරලා.

මේ නිසා ඔබ අපහසුතාවට පත්වුණාද?
මොකද එක්‌තරා දේශපාලනඥයෙක්‌ සමග මගේ නමින් චැට්‌ කර කර ඉඳලා මගේ දුරකථන අංකය හැක්‌ කරපු විදිහට ඔහුගේ දුරකථන අංකයත් හැක්‌ කරලා තියෙනවා. ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ කතා කරලා මට චෝදනා පවා කළා. ඔහු හිතුවේ මේක මගේ ක්‍රියාවක්‌ කියලා. වීඩියෝ කෝල් පවා අරගෙන තියෙනවා. ඉතිං මගේ නම අවභාවිතා කිරීමක්‌ කරලයි තියෙන්නේ.

ඇත්තටම ඔබ ඉමෝවල නැතිද?
කිසිම දුරකථන අංකයකින් මට මේ තාක්‌ ඉමෝ ගිණුමක්‌ තිබිලා නැහැ.

එක ප්‍රශ්නයක්‌ ඉවරවෙන්න කලින් තවත් ප්‍රශ්නයක්‌ ?
මේ ප්‍රශ්නත් නෙමෙයි. මම මේවා දකින්නේ කාන්තාවන් අපහසුතාවට පත්කරන්න සමාජ ජාලවල සැරිසරන මානසික ලෙඩ්ඩුන්ගේ ක්‍රියාකාරකම් විදිහට. ඉතිං අපි ඒවා නැවැත්විය යුතුයි. මගේ මේ ගිණුම හැක්‌ කරන්න ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුගේ නමත් පාවිච්චි කරලා. මේකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ.

මේ වැඩේ පිටිපස්‌සේ කවුරු ඉන්නවාද කියලා ද ඔබ හිතන්නේ ?
මට හිතාගන්න අමාරුයි. පැහැදිලි නිගමනයකට එන්න බැහැ. මේක කාගේ වැඩක්‌ද කියන්න මම දන්නේ නෑ.

මේ ප්‍රශ්නය විසඳන්න ගිහානි සී. අයි. ඩී. එකටත් ගියා කියන්නේ ?
මේ සිදුවීම සිද්ධ වුණ දවසට පසු දවසේ මම රහස්‌ පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළා. මේ ව්‍යාජ ගිණුම හරහා ගනුදෙනු කළ සියලුම දෙනාගේ තොරතුරු ලබාදුන්නා. ඔවුන් ඉක්‌මනටම තොරතුරු සොයාගනීවි.

සයිබර් අවකාශයේ ගිහානිට එලවා එලවා පහරදෙනවා නේද?
සමහර වෙලාවට මම දැකලා තියෙනවා ලංකාවේ අපි මිනිස්‌සුම එකතුවෙලා චරිත නිර්මාණය කරනවා. ඒ චරිත වන්දනාමාන කරනවා. ඊට පසුව වන්දනාමාන කරපු චරිත මොකක්‌ හරි සුළු වැරැද්දක්‌ කරපුවහම නොකඩවා පහරදීලා ඒ චරිතය මරලා දානවා. ඉතිං තවත් වෙලාවකට චරිත ඝාතනය කරනවා. ඕක තමයි ස්‌වභාවය.

එතකොට ඔබ වට්‌ස්‌අප්, වයිබර්, ඉමෝවල නැහැ. එහෙමද?
ඔය කියන දුරකථන අංකයෙන්ම මම වට්‌ස්‌අප්වල ඉන්නවා. ඒක තමයි මගේ දුරකථන අංකය. මට තවත් දුරකථන අංකයක්‌ තියෙනවා. කලාකරුවන් අතර තියෙන්නෙත් ඔය දුරකථන අංකයම තමයි. හැබැයි මේ අංකයෙන් කවදාවත් ඉමෝ ගිණුමක්‌ තිබිලා නෑ. ඔය කියන ඉමෝ ගිණුමේ ඉන්නේ ව්‍යාජ පුද්ගලයෙක්‌.

මේ සිද්ධිය හරහා ඔබට අයුතු යෝජනා පවා ආවා කියන්නේ ඇත්තද?
මේ ව්‍යාජ ගිණුම හරහා මගේ නමින් ඉන්න කවුරු හරි කෙනෙක්‌ ගොඩක්‌ දෙනෙක්‌ට අයුතු යෝජනා කරලා තියෙනවා. මේක මගේ නම අවභාවිතා කිරීමක්‌. කාටහරි හිතන්න පුළුවන්නේ මම මේ වැඩේ කරනවා කියලා.

මේ ගැන හරියටම දැනගත්තේ ?
ප්‍රසිද්ධ දේශපාලන චරිතයකගේ ගිණුමක්‌ හරහා කෝඩ් නම්බර් යවලා තියෙනවා. ඒ දේශපාලනඥයා මට කතා කරලා බැන්නා. මේ වැඩේ කළේ මම කියලා හිතුවා. මම අන්තිමේ තේරුම් කළහම මොකක්‌ද වෙලා තියෙන්නේ කියලා දැනගත්තා.

පසුගිය දවස්‌වල ඔබට ආයෝජන දූතිකාව, ගණිකාව කියලත් පහත් විදිහට අන්තර්ජාලයේ පහරදුන්නා. අද වෙනකොට මොකද හිතෙන්නේ ?
රටේ ප්‍රසිද්ධ චරිත අලලා මට පහරදුන්නා. මම චොගම් ගියේ රටේ බදු මුදල් හරහා කියලත් කිව්වා. මම තරම් අගතියට පත් වෙච්ච කෙනෙක්‌ සමාජජාලවල තවත් නෑ. කාන්තාවකගේ ඇඳුමේ එල්ලිලා කර මේ පහත් ක්‍රියාව ඉතාමත් අප්‍රසන්නයි.

මේ හින්දා ඔබ අඳින පළඳින විදිහ වෙනස්‌ කළාද?
නැහැ. මම අඳින පළඳින විදිහ වෙනස්‌ කරන්නේ නෑ. මම ඇත්තටම ඉන්ස්‌ටර්ග්‍රෑම්, ෆේස්බුක්  හරහා සිදුකළේ මම අඳින පළඳින ක්‍රම ප්‍රදර්ශනය කිරීමක්‌ නොවෙයි.

එහෙනම් ?
අපේ ලංකවේ මිනිස්‌සු නොදන්න සංකල්පයක්‌ කියාදෙන්න.

මොකක්‌ද ඒ සංකල්පය ?
බොඩි පොසිටිව් කියන සංකල්පය යටතේ ලෝකයේ රටවල සිටින කාන්තාවන් සරාගී පැෂන් යටතේ විලාසිතා කරනවා. ඒ එක්‌කම මහත කාන්තාවන් ධෛර්යමත් කරමින් බොඩි පොසිටිව් එක ගැන කතා කරමින් තමයි මේ විලාසිතා ක්‍රමය සිදුකරන්නේ. අන්න ඒ වගේ මතයක්‌ ගෙනියන්නයි මම උත්සාහ කළේ. ඕකට තමයි පහරදුන්නේ. නමුත් කාන්තාවකගේ චරිතය ඇඳගෙන ඉන්න ඇඳුමින් මනිනවාට මම විරුද්ධයි.

දිනේෂ් විතාන



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top