මෙන්ඩිස්ට ශතකය අහිමි වෙයි
රොෂේන් යලි ලකුණු අතරට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 08 ක් දැවී ලකුණු 334 ක් රැස් කරගෙන සිටියා.
ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකණු 39යි. රොෂේන් සිල්වා ලකුණු 48ක් රැස්කළා.
සිව් වන දිනය අවසන් වනවිට අකිල ධනංජය සහ සුරංග ලක්මාල් පිළිවෙලින් ලකුණු 16 සහ 07ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 253 ක් පමණයි.
කොදෙව් පළමු ඉනිම ලකුණු 300 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර, මේ වනවිට ඔවුන්ට වඩා ශ්‍රී ලංකාව ලකුණු 287 ක් ඉදිරියෙන් සිටිනවා.
මේ අතර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල කරන චෝදනාව ඉවත් කරගත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් තරගය අවසන් වූ පසු පවත්වන බවයි.
තරඟයේ සිව් වන දිනයේ විශේෂ අවස්ථා පහතින්.