Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
සිංහරාජයෙන් ගෙනියන්න ගිය අලි දෙදෙනා ගැන ජනාධිපති අද ගත් දැඩි තීන්දුව මෙන්න - Photos

- සිංහරාජයෙන් ගෙනියන්න ගිය අලි දෙදෙනා ගැන ජනාධිපති අද ගත් දැඩි තීන්දුව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,554 Views
සිංහරාජ රක්ෂිතයේ සිටින දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදු කරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ.

අද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ නිලධාරීන් හමුවු අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

ලෝක ප්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුත් සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා. 

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශ්‍රිතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ද ජනධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

සුරැකිමු ශ්‍රී ලංකා සංවිධානය ඊයේ චෝදනා කළේ ලෝක උරුම සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇති බවයි. 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ මෙම අලි දෙදෙනා රැගෙන ගියහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට යුනිස්කෝ සංවිධානය ද දැනුම් දී ඇති බවයි. 

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මෙම වන අලි දෙදෙනාගෙන් සිංහරාජ අඩවිය ආසන්නයේ පිහිටි ගම්මානවල ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බාධා සිදුව ඇති බවයි.

එසේම වන අලි දෙදෙනාගේ ජීවිත අනතුරට ලක්විය හැකි බැවින් අදාළ තීරණය ගෙන ඇති බව ඔහු කියා සිටියා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  18,998 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,243 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,307 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,025 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,197 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  7,991 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,722 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,050 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,965 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top