Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
"ඒ විවේචන එල්ල කරද්දි වටින් ගොඩින් එල්ල කරනවට වඩා කෙළින්ම කියන්න ඕන කෙනාට කියන්න ඕන.." - උමාලි තිලකරත්න

- "ඒ විවේචන එල්ල කරද්දි වටින් ගොඩින් එල්ල කරනවට වඩා කෙළින්ම කියන්න ඕන කෙනාට කියන්න ඕන.." - උමාලි තිලකරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73,639 Views
"පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ජීවත් වෙනවා..."

"මගේ තාත්තාගේ ආසාවට මම ඒ දේ කරන්නේ.."

"ඒ හැමදෙයක්ම මට ශක්තියක්.."

නටන්න ගයන්න රඟන්න හැමෝටම බැහැ. නමුත් කැමරාව ඉදිරියේ විවිධ චරිත රගපාන්න උමාලි තිලකරත්න දක්ෂයි. ගායනයටත් දක්ෂ උමාලි නිරන්තරයෙන්ම කතා බහට ලක් වුණු චරිතයක්. ඒ රංගනයේ දක්ෂතා නිසා. අලුත් තොරතුරු ගැන ඇය මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි

උමාලි පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැත්තේ?
මම දැන් තාත්තාගේ වැඩවලට උදවු වෙනවා. ඉතිං ඒ වැඩවලදි නේපාලය, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් කිහිපයක සංචාරය කරන්න වුණා. ඒකයි එක දිගට ලංකාවේ රැඳෙන්න කාලය නැති වුණේ.

ඔය වැඩ කටයුතුත් එක්ක රංගනයට වෙන් කරන්න උමාලිට කාලය තියෙනවද?
ඔව්. ඒ වැඩ කටයුතු එක්ක කතාබහ කරලා රංගන කටයුතුවලට වෙන් කරන්නත් කාලය තියෙනවා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?
ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒවා තවම සාකච්ඡා මට්ටමෙන් තියෙන්නේ.

උමාලිගේ ගායන හැකියාවෙන් අලුත් නිර්මාණයක් කළේ නැද්ද?
මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ නවරත්න ගමගේ සර් සංගීතවත් කළ කුමාර ලියනගේ මහත්මයා ලිව්ව ගීත දෙකක් මම ගායනා කරලා පටිගත කළා. මම ඒ ගීත කළේ මගේ තාත්තගේ ආසාවට. මගේ සින්දු අහන්න ගෙදර අය ආසයි. නිර්මාණ කටයුත්තක් ළඟදී කළේ නැති නිසා තමයි මේ ගීත දෙක පටිගත කළේ. හෙමින් සැරේ ගීතවල රූපරචනා කරනවා.

පෞද්ගලික ජීවිතේ අලුත් වෙනස්කම්, සැලසුම් තියෙනවද?
සැලසුම් කරපු දේවල් නම් නෑ. ධර්මානුකූලව ජීවිතය ගත කරනවා. ධර්මයෙන් මට ලැබුණ පිටිවහල අසීමිතයි. පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

පහුගිය කාලේ උමාලිගේ පෞද්ගලික ජීවිතයට විවිධ විවේචන එල්ල වුණා. ඒ විවේචන ගැන උමාලිට මොකද හිතුණේ?
විවේචනය කියන දේ සමාජයේ පොදු දෙයක්. විවේචන අපි හැමෝටම එල්ල වෙනවා. කලා ශිල්පීන් කියන්නේ මිනිස්සු අතරට වැඩිපුර ගිය පිරිසක්. ඒ අය ගැන විවේචන වැඩියි. ඒ විවේචන එල්ල කරද්දි වටින් ගොඩින් එල්ල කරනවට වඩා කෙළින්ම කියන්න ඕන කෙනාට කියන්න ඕන. එක එක අය එක එක විදියයි. ඒ අය කියන දේවල් මට අදාළ නැහැ. මම ඒ දේවල් පස්සේ යන්නෙත් නෑ. ඒවා බල බල දේවල් හැඩ ගස්ස ගන්න ගියෙත් නෑ. මගේ ඉස්සරහට ඇවිත් කවුරු හරි මාව විවේචනය කළොත් මම ඒවට ප්‍රතිචාර දක්වනවා. නැත්නම් මට ඒ විවේචන අදාළ වෙන්නේ නෑ.

ඒ විවේචනවලින් උමාලිට හානියක් නැද්ද?
නෑ. මගේ හිත ශක්තිමත් වෙනවා. අටලෝ දහම කාටත් පොදුයි. මේ කිසිම දේකින් සිත නොසැලී තියාගන්න ප්‍රගුණ කළ යුතුයි. ඒක මට උපරිම පුහුණු කරන්න ඒ වාතාවරණය රුකුලක් දෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,223 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,604 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,083 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,053 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,980 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  204,321 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  2,989 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,128 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top