දින 5ක් පුරා පලාත් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවති ජාත්‍යන්තර මට්ටමේ පාපැදි තරඟයක් අතරතුර නේපාල ජාතික තරඟකරුවෙක් රන්ටැඹේ ජලාශයේ මිනිපේ ඇලට වැටීම නිසා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ තරඟය ගමන් මාර්ගය අනුව මිනිපේ ඇල හරහා වැටී තිබෙන සපත්තු පාලම තරණය කල යුතු අතර අද දිනයේදී සපත්තු පාලම උඩින් අඩියකට ආසන්නව ජලයෙන් යටවී තිබුණු බවයි පැවසෙන්නේ.
මේ නිසා සියලු තරගකරුවන්ට බයිසිකලයෙන් බැස ගමන් ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති අතර අදාළ තරඟකරුවා බයිසිකලය පදවාගෙන ගොස් ඇති අතර සපත්තු පාලමේ වලක වැටී ඔහු සහ බයිසිකලය ඇද වැටුණු බවයි වාර්තා වන්නේ.
ඒ සමගම බයිසිකලය සහ තරගකරුව ගගේ ගසාගෙන ගොස් තිබෙනවා.
පසුව සිදු කල බේරාගැනීමේ මෙහෙයුම් වලදී තරඟකරුගේ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.
දින 5ක පුරා පැවැත්වීමට නියමිතව තිබු පාපැදි සවාරියේ අද සිව්වන දිනය වූ අතර මේ සිදුවීම නිසා තරඟය අවලංගු කිරීමට පියවරගෙන තිබෙනවා.