Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
නාහිමියන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

- නාහිමියන්ට වෙඩි තැබූ හේතුව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,693 Views
කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිට ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම කතරගම - මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් සිදුව ඇති බව දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
 
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ද මේ වන විට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා. 
 
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමි නම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණු අතර පසුව නාහිමියන් ගුවනින් ජාතික රෝහලට රැගෙන ඒමට තීරණය කළා.
 
නාහිමියන් හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ අද අළුයම උන්වහන්සේට සිදුකළ ශල්‍යකර්මයකින් අනතුරුවයි.
 
හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නාහිමියන්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි. 
 
පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබෙනවා. 

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යූ.පී. සී.ඒ.ජී. 8531 දරණ සුඛෝපභෝගී ජීප් රථය කතරගම පුද බිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8ක් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම - කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,587 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,330 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,188 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,963 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,017 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,972 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,143 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,743 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,697 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top