Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
මංගල සාදයේ මත්පැන්වලට යන මුදලින් ඉගෙන ගත් පාසලට ක්‍රීඩාපිටියක් සාදා දුන් අහුංගල්ලේ අපූරු මනාලයා - Photos

- මංගල සාදයේ මත්පැන්වලට යන මුදලින් ඉගෙන ගත් පාසලට ක්‍රීඩාපිටියක් සාදා දුන් අහුංගල්ලේ අපූරු මනාලයා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,832 Views
මනාලිය එවන ලද පන්දුවකට මනාලයාගෙන් හතරේ පහරක්
"දරන්න බැරි විශාලම වියදම තමයි අරක්කු හා සිගරට් වලට යන වියදම"
කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයකුත් ඉදිකරලා......

සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන් සහ දුම්වැටි සඳහා වැයවන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටු කොට විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් ඊයේ (12) අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේදී සිදුකෙරුනා.

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ සිය නිවෙසට පැමිණෙන විට සංඝරත්නයේ ආශීර්වාද මැද දෙපාර්ශ්වයේ ඥාතින්ගේ සහභාගිත්වයෙනුයි ඒවා විවෘත කෙරුනේ.

අහුන්ගල්ල කටුවිල කණිටු විදුහලට අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සඳහා ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබුනා.

මෙම පොදු සේවාවන් විවෘත කිරීමේ අවස්ථාවට බළපිටිය බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත්‍රි මූර්ති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, පළාතේ දේශපාලඥයන් මෙන්ම කටුවිල කණිටු විදුහලේ විදුහල්පති ගුරුමණ්ඩලය සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනාළ මහතාගේ පියා වූ ආචාර්ය පිටියගේ ජයසේන මහතා මෙසේ පැවසුවා.

"මේ පාසලට ක්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. විදුහල්තිතුමා මීට මාස දෙකකට පමණ ඉහතදී මට කතා කරල කිව්වා ක්‍රීඩා පිටිය සකස් කර ගැනීමටත් පොඩි ක්‍රීඩා මණ්ඩපයක් හදා ගැනීමටත් අවශ්‍යයි කියල. මමත්, මගේ පියා වූ කොස්ගොඩ ගම් සභාවේ හිටපු උප සභාපති පිටියගේ දාවිත් අප්පුහාමි මහතාත් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ. මගේ පුතාගෙ විවාහ මංගල්‍යයට දින යොදා ගෙන තිබුණේ. මගුල් ගෙදර කටයුතු ගැන සාකච්ජා කරන විටදී අරක්කු සිගරට් හා කට ගැස්ම වලට පමණක් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වෙන බව වැටහුණා. ඒ වෙලාවේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමත් සිහියට නැගුණා. අරක්කු වලට නිකරුණේ වැය කරන මුදලින් නැසී ගිය පුතාගේ සීයා සිහිවීමටත්. පුතා ඉගෙන ගත් පාසලටත්, ගමටත් සේවයක් ලෙස ක්‍රීඩාපිටිය, ක්‍රීඩා මණ්ඩපය හා බස් නැවතුම ඉදිකිරීමට තීරණය කළා.

අද මගුල් ගෙදරක් කරන විට දරන්න බැරි විශාලම වියදම තමයි අරක්කු හා සිගරට් වලට යන වියදම. එයින් ඇති ඵලයකුත් නැහැ. මම මේ යෝජනාව ගෙනා විට පුතා බොහොම සංතෝෂයෙන් කැමති වුණා. මෙම සේවාවන් ඉටුකිරීමට හැකිවිම ගැන සතුටු වෙනවා. ඇත්තෙන්ම මෙය රටට ඉතා හොද ආදර්ශයක්. මතට තිත තැබිය හැක්කේ මෙවැනි කාරණා තුලින් විතරයි".

පළමුව මනාල යුවළ විසින් බස්නැවතුම පොළ විවෘත කරන ලද අතර දෙවනුව ක්‍රීඩාගාරයත් ක්‍රීඩා පිටියත් විවෘත කරනු ලැබූවා.

මනාලිය එවන ලද පන්දුවකට පහර දී ලකුණු හතරක් රැස් කරමින් මනාල මහතා ක්‍රීඩාපිටිය විවෘත කරනු ලැබුවේ කාගෙත් අත් පොළසන් හඬ මධ්‍යයේයි.

මේ අවස්ථාව දැක බලා ගැනීමට පාසල් සිසු සිසුවියන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටීමත් විශේෂත්වයක්.

එම අවස්ථාව පහතින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  10 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  11 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  10 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  71 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  243 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  34 Downloads

Maha Muhuda Kalabi - Pradeep Waduge
Maha Muhuda Kalabi
Pradeep Waduge
⤵  920 Downloads

Pinsara Nethu - Parami Upeksha
Pinsara Nethu
Parami Upeksha
⤵  617 Downloads

Sanasum Hade - Theekshana Anuradha ft Vidurangi Madumali
Sanasum Hade
Theekshana Anuradha ft Vidurangi Madumali
⤵  5,562 Downloads

Danena Duka - Prabath Sameera
Danena Duka
Prabath Sameera
⤵  3,989 Downloads



Top 10 Commenters

Latest Comments

Top