තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සදහා බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා කණඩායමේ සුපිරි පිතිකරු සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හදිස්සියේ යලි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ ඔහුගේ බිරිඳ දෙවන දරු ප්‍රශුතිය සදහා සුදානම් වීම නිසා බවයි වාර්තා වන්නේ.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේද අබාධයකට ලක්වීම නිසා මැතිව්ස් සමග යලි දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඔහුට කොදෙව්වන් සමග ටෙස්ට් තරඟාවලියේ ඉතිරි තරඟ අහිමිවනවා. ඔවුන් වෙනුවට දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජය වුණා. ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තරඟය හෙට ශාන්ත ලුසියාහිදී අරම්භවීමට නියමිතයි.