Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
"මම දුෂණයට ලක් වූ රාත්‍රියේම ඒ ගැන ලියන්න වුවමනාවක් මට ඇති වුණා.." - දුෂණයට ලක් වූ අත්දැකීම පොතකට ගෙන ලෝකප්‍රකට වූ ඇලිස් කියයි

- "මම දුෂණයට ලක් වූ රාත්‍රියේම ඒ ගැන ලියන්න වුවමනාවක් මට ඇති වුණා.." - දුෂණයට ලක් වූ අත්දැකීම පොතකට ගෙන ලෝකප්‍රකට වූ ඇලිස් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,260 Views
"ස්ත්‍රී දුෂණය ගැන ලියන්න වුවමනා වුණා මොකද මම ඒ අත්දැකීම හරියටම දන්නවා.."

"ඒ නිසයි මම මගේ අත්දැකීම බෙදාගත්තේ.

කලාකරුවන් සිය අත්දැකීම් කලාව සදහා පරිහරණය කරනවා කියලා කතාවක් තිබෙනවා. ඊට කදිම නිදසුන හැටියට ඇමරිකානු ලේඛිකාවක  සහ සමාජ ක්‍රියාකාරිනියක වන  ඇලිස් සිබෝල්ඞ්ව හදුන්වා දෙන්න පුළුවන්. ඇය මුලින්ම ලේඛිකාවක වන්නේ තමාව දුෂණයට ලක් වූ සිය අත්දැකීම් කැටිකොටගෙනයි. ඇය වර්ෂ 1999 දී ලියු ලකී නවකතාව එනිසා ලෝකයේම අවධානයට ලක් වෙනවා. පසුව ඇය The Lovely Bones,The Almost Moon, Looking Glass: A Special Edition of the Lovely Bones, The Almost Moon, වැනි කෘතීන් සම්පාදනය කරනවා. නවකතාවක් ලියන්නට පාදක කරගත් ඒ සිදුවීම ගැන ඇය මෙවැනි මතකයක් විදෙස් මාධ්‍යයකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි

ලේඛකයකු නිර්මාණශීලි වන්නට බලපාන හේතුව විදිහට ඔබ දකින්නේ කුමක්ද ?
මම හිතන්නේ බලාපොරොත්තු සුන්වීම තමයි ලේඛනයේ යෙදෙන්නෙක්ව එතැනට අරගෙන යන්නේ. මම ශිෂ්‍යයින්ට උගන්වද්දී  කියන ප්‍රධානම දේ තමයි බලාපොරොත්තු සුන්වීම තමයි අපිට ජීවිතයේ හමුවන හොඳම දිරිගන්වන්නා.

බලාපොරොත්තු සුන් වුණාම සාර්ථක වෙන්න අමාරුයි. ඒත් ඔබට පුළුවන් ඔබට දැනෙන දේ හරිම විදිහට ප්‍රකාශ කරන්න. වෙන කොහෙවත් නැති කතාවක් වෙනස්ම විදිහකට කියන්න ඒක ඔබට උත්තේජනයක්. බලාපොරොත්තු කඩ වීම කියන්නෙම එක්තරා විදිහක අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක්. මම ඒ විදිහට වෙනස් දේවල් හොයනවා, ඉගෙන ගන්නවා ඒ වගේම ලියනවා.

ඔබ ලියු ”ලව්ලි බෝන්ස් සහ  ඕල්මෝස්ට් මූන්” කෘතිවල ගැබ්වෙලා තියෙන්නේ ඒ විදිහේ අඳුරු දුක්බර අත්දැකීම්ද ?
මම හරි කැමතියි සැහැල්ලූවෙන් සතුටින් ඉන්න. යහළුවෝ එක්ක කාලේ ගෙවන්න. ඒ ගෙවන කාලය වගේම සුන්දර, සැහැල්ලූ , බොළඳ දෙයක් ලියන්න දවසක් එනකල් මම බලාගෙන ඉන්නවා. ඒක හොඳ අත්දැකීමක් වේවි. නමුත් ඒක මගේ විදිහ නෙමෙයි. සතුට විතරක් මතු කරන විදිහේ දෙයක් කරන එක මට දැනෙන්නේ  නෑ.

වේදනාව තුළින් අලංකාරය සෙවීමද ඔබේ විලාසිතාව ?
මම හිතන්නේ වේදනාව අවබෝධ කරගැනීම තමයි මගේ විලාසිතාව. අසීමාන්තිකව ඔබ ඔබට අවශ්‍ය දේ හඹා යද්දී ඉතා සියුම් දේවල් හසු වෙනවා. ඒ අතරේ අනිවාර්යෙන්ම අලංකාරවත් දේවල් හමු වෙනවා.

එවැනි සියුම් දේ හසු කරගැනීම ඔබට යම් සහනයක්ද ?
අනිවාර්යෙන්ම ඔව්. යමක් ලියද්දී රසවත් දේවල් හමු විය හැකියි. ඒ වගේම ඔබට පුළුවන් ඔබව සහනයට පත් කරන දෙයක් කරන්න. නමුත් මම විශ්වාස කරන විදිහට චරිත නිර්මාණය කිරීම වගේම තේරුම් ගැනීමත් සහනයක්ම බලාපොරොත්තුවෙන්ම  කරන්න අවශ්‍ය නෑ.

ඔබ වරක් දුෂණයට ලක් වූ කාන්තාවක්. ”ලකී ” කෘතිය ලියන්න ඒ මතකය ඔබට කොහොමද බලපෑවේ?
ස්ත්‍රී දුෂණය ගැන මට විශේෂයෙන් ලියන්න වුවමනා වුණා. මොකද මම ඒ අත්දැකීම හරියටම දන්නවා. මම දුෂණයට ලක් වූ දිනයේ රාත්‍රියේ ඒ ගැන ලිවීමේ වුවමනාව මට ඇති වුණා. ලේඛකයින්ට තමන්ගේම කියලා කාර්යභාරයක්, මෙහෙවරක් තියෙනවා. මම හිතන්නේ මේක තමයි මට කරන්න තියෙන කාර්යභාරය.

ඔබ අදහස් කරන්නේ ඔබේම අත්දැකීම ගැන ලිවීමද ?
අනිවාර්යෙන්ම ඔව්. මොකද මම හිතනවා ඒක මගේ වගකීමක් කියලා. කවදාවත් එවැනි අතවරයකට පත් නොවුණු අයෙක්ට ඒ අත්දැකීම කියන්න මම මගේ ලියවිල්ල යොදාගත්තා. ඒ වගේම මම වාසනාවන්ත වුණා මගේ අත්දැකීම පොතක සීමාවේ තියන්න පුළුවන් වීම ගැන.

නමුත් නැවත නැවතත් පරණ මතකය සමගම ”ලකී” වැනි නවකතා ලිවීම අපහසුයි නේද ?
නෑ. ඒක මගේ අපේක්ෂාව නෙමෙයි. මම හැම වෙලාවකම උත්සාහ කරන්නේ මගේ අත්දැකීමෙන් මිනිස්සුන්ට උදව් කරන්න. ඒ නිසයි මම මගේ අත්දැකීම බෙදාගත්තේ. වේදනාව සමහර වෙලාවට චිත්තවේගී හැඟීමක් වුණත් ඒ වේදනාව බුද්ධිමත් විදිහට යොදාගන්න අපිට පුළුවන්.

අයේෂ් ලියනගේ


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  433 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,005 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  486 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  364 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  285 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  473 Downloads



Top 10 Commenters

Latest Comments

Top