බීමතින් කැබ්රියක් පදවා පසුගිය 06 වනදා සිදුකළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පුතා සිදුකළ එම අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පසුගිය (09) වනදා ආනමඩුව සුදම්පාය ශාලාවේ පැවති උත්සවයකදී කියා සිටියේ අනතුරින් පසු තමන්ගේ පුතාගේ වාහනයේ තිබී සොයාගත් මත්පැන් බෝතලයේ තිබුණේ මැත්පැන් නොව බීමට ගන්නා ජලය බවයි.