Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
'හිටපු කොටි සාමාජිකයින් මෙහෙම කරපු එක වැරදියි' කිලිනොච්චියෙන් ගිය කර්නල්වරයා වෙනුවෙන් කඳුලු සැලූ මිනිසුන්ට සිවාජිලිංගම් දෙහි කපයි - Video & Photos

- 'හිටපු කොටි සාමාජිකයින් මෙහෙම කරපු එක වැරදියි' කිලිනොච්චියෙන් ගිය කර්නල්වරයා වෙනුවෙන් කඳුලු සැලූ මිනිසුන්ට සිවාජිලිංගම් දෙහි කපයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,820 Views
"දෙමළ ඊළම ඉල්ලලා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක්"
"ඔහුට එසේ සැලකීම නිසා තවදුරටත් උතුරේ යුද හමුදාව රැදී සිටිය යුතුයි කියන මතය ඔළුවලට යනවා"

අවස්ථාවාදී දේශපාලනඥයින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තම පටු අරමුණු ඉටුකර ගැනීමට මෙවලම් කර ගන්නා සංහිඳියාව මේ මහ පොළවේ පැළකළ හැක්කක් නොවේ.

නමුත්, ජනහද තුළින් මතු වූ මහ පොළවේ පැළ වූ සැබෑ සංහිඳියාවේ කතාවක් කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කිලිනොච්චිය ප්‍රදේශයේ කාගේත් ගෞරව බුහුමානයට ලක්වූ සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරුවක් ලබා පිටව යෑම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව හැඟීම්බර වූවා.

වසර 6 කට ආසන්න කාලයක් යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අප රට ඉල්ලා සිටින සංහිඳියාව ඒ බිම තුළ පැළ කර ඇති ආකාරයට තවත් නිදසුන් කුමටද..?

අවස්ථාවාදී දේශපාලනඥයින්ට අතුල් පහරක් එල්ල කරමින් කිලිනොච්චි ජනතාව සංහිඳියාවේ යථාර්ථය එසේ පෙන්වද්දී එම ක්‍රියාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට කළ ද්‍රෝහිකමක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිංලිගම් මේ අදහස් පළ කළේ අද යාපනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

එම්.කේ. සිවාජිලිංගම් - උතුරු පළාත් සභා මන්ත්‍රී

"මෙම අවස්ථාවේදී අපේ ගම්වල ජනතාවගේ හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණත් හිටපු කොටි සාමාජිකයින් මෙහෙම කරපු එක වැරදියි. දෙමළ ඊළම ඉල්ලලා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක්. අදාළ කර්නල්වරයා හොද කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට එසේ සැලකීම නිසා තවදුරටත් උතුරේ යුද හමුදාව රැදී සිටිය යුතුයි කියන මතය තවදුරටත් මිනිසුන්ගේ ඔළුවලට යනවා".

අදාළ වීඩියෝ පහතින්



ප්‍රදේශයේ ජනතාව ලුතිනන් කර්නල් රත්නප්‍රිය මහතා වෙනුවෙන් හැඟීම්බර වූ අවස්ථාව පහතින්








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,015 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,654 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,341 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,593 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,674 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,354 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,482 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top