කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සේවකයන් මේ වනවිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාවේ ලේකම් දිනේෂ් නන්දික පෙරේරා අප අංශයට සඳහන් කළේ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබුණු නිසා මෙම තීරණය ගත් බවයි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරන ගුවන්තොටුපල සේවකයන් ඊයේ දිනයේ ද මීට අදාළව විරෝධතාවක නිරත වුණා.
කෙසේ වෙතත්, විසඳුම් නොලැබීම නිසා අද වර්ජනයක් ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාවේ ලේකම් දිනේෂ් නන්දික පෙරේරා කියා සිටියේ.
මේ අතර, මෙම වර්ජනය හේතුවෙන් ගුවන්තොටුපලේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු වලට බාධා සිදුව ඇත්දැයි අප ගුවන්තොටුපල මෙහෙයුම් කළමනාකරුගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වර්ජනයක් ක්‍රියාත්මක වුවත් මෙතෙක් ගුවන් යානා ප්‍රමාදයක් සිදුවී නොමැති බවයි.
කෙසේ නමුත් මේ වන විට ගුවන්තොටුපලේ විදුලියද ඇණ හිට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ..