Hadlow Tower කියන්නේ එංගලන්තයේ පිහිටා තිබෙන අමරණිය කුළුණක්. මේ කුළුණ නිර්මාණය වෙන්නේ මිට වසර 180කට පෙරයි. ඒ කියන්නේ වර්ෂ 1838දී. තට්ටු අටකින් යුතු මෙය අඩි 175ක් උසයි. මේ මාලිගයේ අයිතිකාරයා එවකට හිටි ධන කුවේරයෙක්. ඔහු නමින් Walter. මෙම නිර්මාණය පිටුපස අපුරු කතාවක් තිබෙනවා. ඒ තමයි මෙය නිර්මාණය කරන්නේ තමන්ගේ බිරිදගේ රහස් බලා ගැනීමට. තමන්ගේ බිරිද ගොවිපලක සේවය කළ සේවකයකු සමග පැන යාමත් එක්ක ඔහුට ඇය ගැන තරහක් ඇති වෙනවා.
ඒ තරහා නිසාම ඔහු තීරණය කරනවා මෙවැනි කුළුණක් නිර්මාණය කර එහි උඩම ස්ථානයේ සිට පෙර බිරිදගේ ඔත්තු බැලීමට පුළුවන් බව. කොහොම නමුත් අක්කර තුනහමාරක් පුරා විහිදෙන මෙම කුලුනේ සිට පෙර බිරිදගේ ඔත්තු බැලීමට මොහුට පුළුවන්කමක් ලැබී නැති බවයි දැනට වාර්තා වෙන්නේ. ලෝක ස්මාරක අරමුදල හිමිවන ලැයිස්තුවට ද අයත් මෙම මාළිගය ඇතුළත 2008 වර්ෂයේ නව්‍යකරණය කරලා ශක්තිමත් කර පවුම් මිලියන 2කට අලෙවිය සඳහා තබා තිබෙනවා කියලත් සදහන් වෙනවා.