Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
"මේ ශරීර කොටස මගේ ශරීරයට බද්ධ කළ මුල් දවස්වලදී නම් එය හරිම වේදනාකාරියි..."- මාළු සමෙන් සෑදූ යෝනියෙන් ජිවත් වෙන යුවතිය කියයි

- "මේ ශරීර කොටස මගේ ශරීරයට බද්ධ කළ මුල් දවස්වලදී නම් එය හරිම වේදනාකාරියි..."- මාළු සමෙන් සෑදූ යෝනියෙන් ජිවත් වෙන යුවතිය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66,519 Views
"යෝනි මාර්ගය බද්ද කරලා මාස 6න් පෙම්වතා එක්ක ලිංගිකව එක් වුණා.."

"මම දැන් තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරනවා..."

අපේ කතා නායිකාවටද ඒ බලාපොරොත්තුව එලෙසින්ම විය. කවදා හෝ දිනෙක යහපත් සැමියකු හා දරුවන් සිටින අම්මා කෙනෙකු වෙන්නට ඇගේ හිතේ සිහිනයක් විය.

එහෙත් ඒ සිහිනය සැබෑ කරගන්නට තමාට හැකි වනු ඇතැයි ඇය සිහිනෙන්වත් නොසිතුවාය.

නව යොවුන් වියේ පසුවූ ඇයට පෙම්වතුන්ගේ ආදරය ලැබුණු ඇය ද ගතකළේ සතුටින් පිරි ජීවිතයකි. එහෙත් වයස අවුරුදු 15දී ඇයට දැනගන්නට ලැබුණේ තචමන් අනෙක් තරුණියන්ට වඩා ස්වභාවයෙන්ම වෙනස් තරුණියක් බවයි.

ඒ සමගම ඇය ගත කරන්නට වූයේ නිරන්තර මානසික පීඩනයෙන් යුතු ජීවිතයකි. ඇයට ඉන්පසුව ද පෙම්වතුන්ගේ ආදරය හිමිවුවත් ඒ සියල්ලෝම ඇය පිළිබඳ දැනගත් පසුව ඇය හැර ගියෝය. ඇය ඒ සෑම අවස්ථාවකදීම බරපතළ මානසික කඩාවැටීමකට ලක්වූවාය.

උපතින්ම ලිංගික අවයවයන් පිහිටා නොතිබීම, ඉතා කලාතුරකින් කෙනෙකුට වැලඳෙන රෝගී තත්වයකි. Mayer-Rokitansky-Küster-Hauser (MRKH) syndrome නම් වන මෙය කාන්තාවන්ට පමණක් වැලෙඳන දුර්ලභ රෝගී තත්ත්වයකි. MRKH රෝගී තත්වය වැලඳුණු කාන්තාවන් හට උපතින්ම යෝනි මාර්ගයක් හෝ ගර්භාෂයක් පිහිටන්නේ නැත. නොඑසේ නම් එකී අවයව නිසි ලෙස වර්ධනය වීමක් සිදු වෙන්නේ නැත.

ජැක්ලින් මැරින්හෝ නම් මේ බ්‍රසීලියානු කාන්තාවට වැලඳී තිබුණේද මෙකී රෝග තත්ත්වයයි. එහෙත් දැන් ඇයට නම් අම්මා කෙනෙකු වීම තවදුරටත් සිහිනයක් නොවේ. ඇගේ සිහිනය සැබෑ කරන්නට මග පාදා දුන්නේ බ්‍රසීලයේ සා Assis Chateaubriand Maternity School (MEAC) වෛද්‍ය ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසිනි.

තිලාපියා නම් මත්ස්‍යයාගේ සමෙන් සාදා ගත් යෝනි මාර්ගයක් සහ ගර්භාෂයක් ඇගේ සිරුරට සාර්ථකව බද්ධ කරන්නට ඔවුන්ට හැකිවී තිබිණ.

මේ තරුණියට වැලඳී ඇත්තේ MRKH නම් දුර්ලභ රෝගය බව වෛද්‍යවරුන් විසින් සොයාගත්තේ ඇයට වයස අවුරුදු 15 ක්ව තිබියදීය. එතැන් සිට මේ සැත්කම කර සාමාන්‍ය කාන්තාවක් බවට පත් වන තුරුම ඇය ගත කළේ අසීරු කාලපරිච්ෙඡ්දයකි. ඒ පිළිබඳ ඇතිවූ මානසික බලපෑම නිසා ඇය ගැඹුරු ආතති රෝගයට ද බදුන් වී සිටියාය.

”මුලින් නම් ඒක හරිම අසීරු දෙයක් වුණා. තමන්ගෙ ශරීරයෙ කොටසක් හදලා තියෙන්නේ විද්‍යාගාරයකයි කියන එක කෙනෙකුට ලේසියෙන් පිළිගන්න අමාරු දෙයක්නෙ. ඒත් කාලයත් එක්ක, හොඳ ප්‍රතිඵලම ලැබෙනකොට ඒ දේ පිළිගන්න පහසු වුණා. යම් තරමකට වෙනස් වුණත් සාමාන්‍ය ස්වභාවික තත්ත්වයට වඩා වැඩි වෙනසක් නැති බව දැනෙන්න වුණා.. මගේ යෙහෙළියන්ගෙ, මගේ සහකරුවාගේ වගේම විශේෂයෙන් මගේ අම්මාගෙ සහයෝගයත් එක්ක මට මේ අලූත් ශරීර කොටස්වලින් සාමාන්‍ය ගැහැනියක් බවට පත් වෙන්න පුළුවන් වුණා..” ඇය කියන්නීය.

”මේ ශරීර කොටස මගේ ශරීරයට බද්ධ කළ මුල් දවස්වලදී නම් එය හරිම වේදනාකාරියි.. කිසිම අලූත් දෙයක් අත්හදා බලන්නත් මම බය වුණා. දැන් මට දැනෙන්නේ ඒක මම ඉපදෙනකොටම ස්වභාවිකව පිහිටලා තිබුණු අවයවයක් වගේමයි.. මගේ ශරීරයත් මේ ආගන්තුක අවයවය පුදුම විදිහට පිළිඅරන් තිබුණා..”

පසුගිය වසර අවසානයේ දී මෙම සැත්කම සිදුකළ පසුව ඇය සති 3ක කාලයක් රෝහලේම ප්‍රතිකාර ලැබුවාය. සැත්කමින් පසුව සුළු රුධිර වහනයන් කිහිපයක් සිදුවූ නමුත් පසුව ඒ සියල්ල සාමාන්‍ය අතට හැරෙමින් පැවැති බව ඇය කියන්නීය. මාස 6ක් ගතවීමෙන් පසුව ඇය තම පෙම්වතා සමග පළමුවරට ලිංගිකව එක්වූ අතර ඒ පිළිබද ඇය කියන්නේ ”ඒ හැමදේම බොහොම ස්වභාවිකව සිදුවුණා. කිසිදු අමුත්තක් නැහැ. මම දැන් තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරනවා. දැන් මමත් පරිපූර්ණ ගැහැනියක් බව විශ්වාසයි” යනුවෙනි.

Assis Chateaubriand Maternity School (MEAC) ආයතනයේ පර්යේෂකයින් පවසන්නේ මේ ක්‍රමවේදය යෝනිමාර්ග පිළිකා වැලඳුණු කාන්තාවන්ට හා හදිසි අනතුරුවලින් ශරීර කොටස් විනාශ වූ කාන්තාවන් සඳහාද යොදා ගත හැකි බවයි.

”යෝනිමාර්ගය හා ගර්භාෂය විද්‍යාගාරයක නිපදවන්නට හැකි බවත්, එසේ නිපදවූ කෘතිම යෝනිමාර්ගය සාර්ථකව මිනිස් සිරුරට බද්ධ කළ හැකි බවත් පෙන්වා දුන් පළමු අත්හදා බැලීම මෙයයි. යෝනිමාර්ග නැවත ගොඩනැගීමේ සැත්කම් කරන්නට අපේක්ෂා කරන අයට මෙය අලූත් බලාපොරොත්තුවක් වේවි. ඒ වගේම පුනර්ජනක වෛද්‍ය ක්‍රමෝපායයන් ශරීරයේ අනෙකුත් අවයව කෙරේ යොදා ගන්නට මෙය පූර්වාදර්ශයකුත් වේවි..” මේ විස්මිත අත්හදාබැලීම් පර්යේෂණ කණ්ඩායම් නායක ආචාර්ය ලියනාර්ඩෝ බෙසේරා පවසයි.

මේ කණ්ඩායම විසින් මුලින්ම මෙවන් සැත්කම් කොට තිබුණු අවුරුදු 13 ක් හා 18 ක් වයස කාන්තාවන් දෙදෙනකුද විය. වසරක් පාසා ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය හා බද්ධ කළ අවයවවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමද මෙම පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරන ලද අතර වසර අටකට පසුව වුවද ඒ කාන්තාවන්ගේ සිරුරුවලට බද්ධ කළ කොටස් කිසිදු රෝගාබාධයක් හෝ ගැටලූවක් හෝ නොමැතිව සාමාන්‍ය ශරීර අවයවයක් ලෙසින්ම ක්‍රියාකාරීව තිබෙන පවත් ඔවුහු වාර්තා කළහ.

බොහෝ විට මෙම කෘත්‍රිම යෝනි මාර්ග නිපදවා ඇත්තේ අදාළ කාන්තාවගේ ශරීරයෙන්ම ලබා ගත් මාංශපේශීන් හා ශරීර සිදුරු වලින් ලබා ගත් ෙසෙල භාවිත කරමිනි. තිලාපියා මාළුවාගේ පටකවලින් ලබා ගත් සෙලවලින් මෙය නිර්මාණය කිරීම විශේෂ අවස්ථාවකි. මෙලෙස ශරීර පටක වලින් ලබා ගත් ෙසෙල සුවිශේෂ වූ ස්තරයක් මත පිහිටුවා නිර්මාණය කරගන්නා ලද තන්තුමය පටකයකින් යෝනිමාර්ගයේ හැඩය ඇති කොටසක් අතින් මසා ගැනීම කරනු ලබයි.

මෙම සොයා ගැනීම සිදු කරන්නේ එක් එක් රෝගියාගේ ශරීරයට ගැළපෙන මිමි අනුවය. මෙම කෘතිම යෝනිය සකසා ගැනීමෙන් සෑහෙන කාලකයට පසුව ශල්‍ය වෛද්‍යවරුන් විසින් රෝගියාගේ යටිකයෙහි ප්‍රජනක පද්ධතියේ කොටස් තැන්පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගනී.

කෘත්‍රිම යෝනිය ශරීරයේ තැන්පත් කිරීමෙන් පසුව එකී අවයවයත් ශරීරයත් අතර සම්බන්ධතාව ගොඩනැගිය යුතුය. එනිසා මෙය ඉතාමත් අසීරු කාර්යයකි.

කෙසේ වුවත් වර්තමානයේ මේ අසීරු අවයව බද්ධය සාර්ථක කොටගෙන ඇත්තේ MRKH නම් ජාන විකෘති රෝගය වැලඳුණු ලොව පුරා සිටින කාන්තාවන් වෙත නව බලාපොරොත්තුවක් ගෙන එමිනි.

මේ සැත්කමට මුහුණ දුන් ජැක්ලින් දැන් නව බලාපොරොත්තුවක් ඇතිව සිටින්නීය. තමන්ට ඇති රෝගය පිළිබඳ දැනගෙනත් තමන් හැර නොගොස් සැත්කම කරන්නට දිරිය දී ළඟින් හුන් පෙම්වතා ගැනද ඇය පසුවන්නේ නිම් නැති සතුටකිනි.

සැත්කම සාර්ථකයි කියන සුභාරංචිය මාධ්‍ය ඉදිරියේ කිව්වා වගේම අනාගතයේ දවසක ආයෙමත් මේ වෛද්‍යවරුන්ට ස්තුති කරන්න මම මාධ්‍ය ඉදිරියට එනවා.. ඒ මගේම දරුවන් පිරිවරාගෙන ඇත්තම අම්මා කෙනෙක් විදිහට.” ඒ ඇගේ අලූත් බලාපොරොත්තුවයි.

 නිම්මි මුදිතා හේරත්



   
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,475 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  205 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,040 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,748 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,431 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,002 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,033 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top