දිනකට අඩි 10000 ක් ඇවිද්දොත් අඩු වෙනවලු...
ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් 'බඩ අඩු කරන හරි මඟ' යන තේමාව යටතේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගිය 01 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වුණා.
එහිදී "දිනකට පුද්ගලයෙක් පියවර දසදහසක් ඇවිදිනවා නම් බඩ අඩු කරගන්න පුළුවන්" යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසා තිබෙනවා.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ ඇය මෙසේද පවසා ඇත....
"කෙනෙකුගේ බඩ ලොකු වීමට හේතුව වන්නේ එහි තිබෙන තෙල් ප්‍රමාණයේ වැඩි වීමයි. සමට යටින් තිබෙන තෙල් තට්‌ටුව කෙනෙකුට ලොකුම තර්ජනයක්. වැඩිපුර එකතු වන තෙල් බඩේ ඉන්ද්‍රියන්වල තැන්පත් වෙනවා. එම තෙල් ඉවත් කිරීමට සෑහෙන ප්‍රයත්නයක් දැරිය යුතුයි.
ලංකාවේ වැඩිහිටියන්ගෙන් සියයට විසිහයකගේ පමණ බඩ වැඩි බව සමීක්‌ෂණයකින් හෙළි වෙලා තියෙනවා. එසේම මුළු ජනගහනයෙන් 1/3 කගේ බඩ වැඩි වෙලා තියෙනවා. එම සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ බඩ වැඩිවීම විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්. ලංකාවේ පුද්ගලයන්ගේ අධිබර අයට වඩා බඩ වැඩි අය සිටින බවද සමීක්‌ෂණවලින් හෙළිවී තිබෙනවා.
විශාල බඩවල් ඇති අය විනාඩි 45 කට වඩා එක තැන හිඳගෙන සිටීම හොඳ නැහැ. විශේෂයෙන් රාත්‍රි යාමයේ පැය 7 ක් 8 ක් සුවසේ නිදාගත යුතුයි. දිනකට පියවර දසදහසක් ඇවිදීම කළ යුතුයි. මෙය වෙනස් නොකළොත් මුළු සමාජයම රෝගීන් තත්ත්වයට පත් වෙනවා"