පසුගිය කාලය පුරාම දිවයිනේ නන්දෙසින් විවිධාකාරයේ අපරාධයන් රාශියක් වාර්තා වුනා. මේ වන විටත් එවන් ආකාරයේ අමානුෂික ක්‍රියාවක් අපවෙත වාර්තා වී තිබෙනවා. ඒ කාන්තාවකගේ කකුලක් කපාගෙන යෑමත් පිළිබඳවයි.
බලංගොඩ - දෙහිගස්තලාව ප්‍රදේශයේ ඊයේ (03) පස්වරුවේ වෙළදසැලක් ඉදිරිපිට දී බලංගොඩ පුස්තකාලාධිපතිනියගේ වම් පාදය තියුණු ආයුධයකින් කපා එම කොටස පුද්ගලයින් දෙදෙනෙකු විසින් රැගෙන ගොස් තිබෙනවා.
මෙලෙස පාදයක කොටසක් කපා ඇත්තේ ඇයගේ සහෝදරයෙකු සහ ඔහුගේ පුතා බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කළා.