Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
රන්ජන්ට වැඩ වරදින ලකුණු - ඔහුගේ ප්‍රකාශය බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමක් බව නීතිපති කියයි

- රන්ජන්ට වැඩ වරදින ලකුණු - ඔහුගේ ප්‍රකාශය බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමක් බව නීතිපති කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,099 Views
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ මීට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ එල්.ටී.බී. දෙහිදෙණිය හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

අධිකරණයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ අධ්‍යයනය කොට සිය මතය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නීතිපතිවරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි නීතිපතිවරයා අද සිය මතය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ. රන්ජන් රාමනායක අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණේ මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවටයි.

පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා අධිකරණයට අපහාස වන අයුරින් රන්ජන් රාමනායක මෙලෙස ප්‍රකාශයක් සිදුකළා. මේ සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුලු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණු අතර, එය පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
 
එදින නඩුව අවසානයේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. එමෙන්ම එදින පෙත්සම සළකා බැලීම අද දිනය දක්වා කල් තැබුණේ ලිඛිත දේශණ ගොනු කිරීම සඳහායි.

ඉන් අනතුරුව යළි රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී යළිත් මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා සිටියා. කෙසේ වෙතත් කරුණු සළකා බැලූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ රන්ජන් රාමනායකගේ මෙම ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවයි. නඩුව මේ මස 18 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  1,877 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,263 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,135 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,948 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,488 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,277 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,524 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,636 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,086 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,272 Downloads



Top 10 Commenters

Latest Comments

Top