Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
03
සෙනසුරු මාරුව ඔබට කොහොමද? හිරු ගෙනෙන විශේෂ ජ්‍යෝතිෂ්‍ය විග්‍රහය

- සෙනසුරු මාරුව ඔබට කොහොමද? හිරු ගෙනෙන විශේෂ ජ්‍යෝතිෂ්‍ය විග්‍රහයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

132 Views
රාශි චක්‍රයේ මේෂ රාශියේ ඉඳන් මීන රාශිය දක්වා රාශීන් 12ක් තියෙනවා . ඉතින් මේ ග්‍රහයින් එක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා
අද අපේ කතානායකයා වන සෙනසුරු 2014 නොවැම්බර් මාසේ 2 වැනිදා තුලා රාශියේ ඉඳලා වෘශ්චිකට රාශි ගතවුනා.

ඇයි මේ සෙනසුරු ග්‍රහමාරුව අප සියලු දෙනාටම මේ තරම් වැදගත් වන්නේ......
අනිත් ග්‍රහයින් දිහා බැලුවොත් බොහෝ විට මාසයක් මාස එක හමාරක් උපරිම වසරක් වගේ කාලයක් තමයි රාශියක ගමන් කරන්නේ හෝ රැඳී සිටින්නේ හැබැයි සෙනසුරු වසර දෙක හමාරක ආසන්න කාලයක් තිස්සේ එකම රාශියක රැඳී සිටිනවා.


ඉතින් සෙනසුරුගෙන් එල්ල  කරන්න පුළුවන් හොඳ හෝ නරක අපිට වැඩිපුර කාලයක් ලබාදීමේ ඉඩකඩ තිබෙන නිසයි සෙනසුරු මාරුව පිළිබඳව අප රටේ මෙන්ම විදේශ රටවල උදවිය පවා වැඩි අවදානයකින් සිටින්නේ . මොකද සෙනසුරු දුකට අධිපති ග්‍රහයා ලෙස තමා සලකන්නේ . ඒ වගේම නිති කරදර බාධක, අස්ථි බිඳීම් වැනි තත්වයන් වගේම ආයුෂවලට බලපෑම් කරන්න පුළුවන් ග්‍රහයෙක් ලෙසත් සෙනසුරු සැලකෙනවා .

සෙනසුරුගේ වාහනය කපුටා ලෙසයි සලකන්නේ. එලෙසම වෘක්ෂය ලෙස සලකන්නේ නුග වෘක්ෂයයි .

එක් රාශියක වසර දෙක හමාරක කාලයක් සිටින සෙනසුරු සමහර අයට ජීවිතේ සාර්ථකත්වය වගේම තවත් අයට කරදර මතුකරනවා  . මොකද සෙනසුරු කියන්නේ කරන්න තියෙන දෙය එළිපිටම ඒ වගේම කරන්නට තියෙන දෙය බොහොම ඉක්මනටම ගතට දැනෙන්නටත් , සිතට දැනෙන්නටත් කරන එකම ග්‍රහයයි . ඒ නිසයි සාමාන්‍යයෙන් කියන්නේ  දිව්‍යලෝකයේ දොරටුවේ යතුරයි , අපායේ දොරටුවේ යතුරයි දෙකම තියෙන්නේ සෙනසුරු සතුව කියලා . ඉතින් මේ සෙනසුරු තුලා රාශියේ 2011 නොවැම්බර් මස 15 වැනිදා ඉඳලා 2014 නොවැම්බර් 02 දා දක්වා උච්ච බලයෙන් ගමන් කරලා තමයි වෘශ්චික රාශිය වූ තම සතුරු රාශියට 2014 නොවැම්බර් මාසේ 02 දා රාත්‍රි 09 . 05 ට ප්‍රවේශ වූයේ.

සෙනසුරු වෘශ්චික රාශි ගතවීම වසර 30 කට සැරයක් සිදුවන දෙයකි ,
මීට පෙර 1984 - 12- 26 සෙනසුරු වෘශ්චික රාශි ගතවීම සිදු උනා. ඒ වගේම 1955 - 11 - 12 දාත් සෙනසුරු වෘශ්චික රාශි ගතවීමක් සිදු උනා .1926 - 01 - 01 දාත් සෙනසුරු වෘශ්චික රාශි ගතවීමක් සිදු උනා. ඉතින් පොදුවේ අපි සෑම දෙනාම මේ සෙනසුරු ග්‍රහ මාරුව පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් සිටීම  ඉතාම වැදගත් වනවා.

ජෝතිශ්‍යට පුළුවන් ඒ තිබෙන්න වූ අහිතකර තත්වය පූර්ව අවබෝධයක් ලබා ගෙන ඔබේ ගමන් මාර්ගය නිසි පරිදි ගලපලා දෙන්න.
මොකද අඥාණවන්තයා ග්‍රහයන්ට යටත් වනවා ....... හැබැයි ඥාණවන්තයා ග්‍රහයන්ගෙන් වැඩගන්නවා...

ඒ නිසා හිරු වටා සිටින ඔබ සෙනසුරුගෙන් වැඩ ගන්න සුදානම් වන්න.
          
මේෂ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

වසර 2 1/2කට ආසන්න කාලයක් සෙනසුරුගේ ලග්නාෂ්ඨම ඒරාෂ්ඨක අපලයන් මේෂ ලග්න හිමියන්ට ලබන බැවින් ආවේගශීලීබව වැඩි වේ. නමුත් ඔබ බුද්ධිමත් නම් උපේක්ෂාසහගතව ඔබේ සිතුවිලි පාලනය කරගත හැක.ගනු දෙනු වලදි පරිස්සම් වීම වැදගත් වේ. ජාතියෙන්, දේශයෙන්, ආගමෙන් පිටස්තර අය සමග සිදුකරන ගනු දෙනු වලදි ඔබට ජයග්‍රහණ හිමි වේ. එමෙන්ම නීති කරදර බාධා ඇති වීමේ ඉඩකඩ තිබේ. සෙම් රෝග පීඩාවන් , පපුවට දණහිසට අහිතකර පීඩාවන් ගෙන දෙන්න පුළුවන්. අවේලාවේ ස්නානය කිරීමෙන් වළකින්න. හැකියාවක් තිබේනම් ඔබට හැකි සෑම සෙනසුරාදාවකම රතු කැකුළු බතක් එළවළු ව්‍යංජන සහිතව අතපය වාරු නැති යාචකාදීන් තිදෙනෙකුට දන් දෙන්න. එවිට සෙනසුරු ඔබත් සමග මිතුරු වී ඔබේ අනාගතය සාර්ථක කර දෙයි.

වෘෂභ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

වෘෂභ ලග්න ඔබේ 7 වැන්නට සෙනසුරු ප්‍රවේශවීමත් සමග 2011 සිට 2014 වනතුරු තිබුනු රෝග පීඩා තත්වයන්, මානසික පීඩා තත්වයන් තරමක් මෙල්ල කරගත හැක. නමුත් 7වැන්නේ ගමන් කිරීම නිසා ප්‍රෙමය වාගේම යුග ජිවිතය ආශ්‍රිත යම් යම් ගැටළු ඇති කරයි. බොහෝවිට මත ගැටුම් ඇති කිරීමේ ඉඩකඩ ඇති නිසා සෑම අවස්ථාවකම කල්පනාකාරීව කටයුතු කරන්න. බුද්ධියට වඩා හැඟීම් ආදියට මුල්තැන දීම දුරදිග නොබලා සිදුකරන කටයුතු හේතුවෙන් පාඩු සිදුවීමට ඉඩකඩ ඇත. විදෙස් ගත්වීමේ බලපොරොත්තුවෙන් සිටියානම් මේ වසර 2 1/2 ඔබගේ ඒ බලපොරොත්තු සාක්ෂාත් කරගැනීමට පුළුවන් කාලයකි.ගර්භනී මාථාවන්ට මාසයේ පළමු සෙනසුරාදා හෝ සිකුරාදා කිරි ආහාර වේලක් දන් දෙන්න. අනිවාර්යයෙන්ම ඔබට මේ සෙනසුරු මාරුව සුභ සෙනසුරු මාරුවක් බවට පත් කරගත හැක.

මිථුන ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

මිථුන ලග්න හිමියන්ගේ 6 වැන්නේ සෙනසුරු ගමන් කිරීමෙන් සතුරු කරදර හා රෝග පීඩා ආදී ඇතිකරයි. මිථුන ලග්න හිමියන් සුළු අසනීප තත්වයක් වුවද නොසලකා සිටීම තුලින් අසනීප තත්ව උත්සන්න විය හැක. මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට සුදසු ශුභ කාලයකි. දෙමාපිය වැඩිහිටි ආදියගෙන් තමාට දේපල ඉඩම්කඩම් උරුම වන කාලයකි.  නමුත් ප්‍රේමයට එතරම් යහපත් නොවන කාලයකි. බොහෝවිට වැඩිහිටියන්ගේ විරෝධතා ඇති කරයි. එලෙසම රැවටීම් මුලාවීම් වලට හසු වීමට ඉඩකඩ ඇත. ඔබෙන්ම උදව් උපකාර ගත් අය ඔබට සතුරු කරදර පීඩා ඇති කිරීමේ ඉඩකඩ පවතී. මෙම අහිතකර තත්වයන්ගෙන් මිදීමට හැකියාවක් තිබේනම් බදාදා දවසක ගිලන් වූ භික්ෂුවකට ඔබට හැකි අයුරින් බෙහෙත් ඖෂධ දන් දෙන්න. අනිවාර්යයෙන්ම තිබෙන කරදර මගහරවා ජිවිතය සාර්ථක කරගත හැක.

කටක ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

කටක ලග්නහිමි ඔබට සෙනසුරු 5 වැන්නට ගමන් කරයි. මෙලෙස සෙනසුරු විද්‍යස්ථානයට ප්‍රවේශවීම තුල  කටක ලග්න හිමියන් තමන්ගේ වැඩකටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කලයුතු වේ.  සැක සහිත දේවල් සහ අඩමානයෙන් කරන දේවල් මේ වසර 2  1/2 තුල කිරීමෙන් වලකින්න. ඉන් ඔබට අහිතකර තත්වයන් ඇති වේ. එලෙසම කලබලකාරී බව, කටයුතු කල් දැමීම, අවසාන මොහොතේ කිරීම තුලින් වැඩ කටයුතු පටලවාගැනීමේ තත්වයක් පවතිනවා. ඔබේ යෝගකාරකය බ්‍රහස්පති ලහ්නගතව බලවත්වී ගමන් කරන බැවින්  මංගල යෝග ප්‍රභලවන තත්වයක් උදා කරයි.පවුලේ අයගෙන් තිබූ විරෝධතා, යම් යම් ආකාරයේ පීඩන තත්වයන් මගහරවා ගැනීමට ශක්තිය ලැබෙන කාලයකි. මස්පිඩු ආශ්‍රිත වේදනා ඇතිකරයි. හැකියවක් තිබේ නම් අධ්‍යපනය ලබන පූජ්‍ය පක්ෂයේ හෝ පහසුකම් අඩු දරුවන්ට අධ්‍යපනයට අවශ්‍ය දෙයක් දන් දෙන්න.ඒ කුසලතාවය හේතුවෙන් සෙනසුරුගෙන් එල්ල කරන අහිතකර තත්වයන් මගහරවා ගත හැක.

සිංහ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

සිංහ ලග්න හිමියන්ගේ ගෘහස්ථානය හෙවත් 4 වැන්නට සෙනසුරුගේ ප්‍රවේශය සිදු වේ. වසර 2 1/2කට ආසන්න කාලයක් සෙනසුරු 4 වැන්නේ ගමන් කිරීම තුල සිංහ ලග්න හිමියන්ට යුග ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටළු ඇති වීමට පුළුවන.ඉවසීම, බුද්ධිමත්භාවය සහ උපේක්ෂාසහගත ලෙස කටයුතු කිරීමට වග බලගන්න. එලෙසම ගේ දොර ආශ්‍රිත කටයුතු වලදී මානසික පීඩා බහුල වේ.බොහෝවිට ගේ දොර ආශ්‍රිත ඉදිකිරීමක් අළුත්වැඩියාවක් කරන්න සිටියේ නම් ඒ ආශ්‍රිත කරදර බාධා ඇති වෙන්න පුළුවන. සෑමවිටම නිසි සැලසුමකට ඒ කටයුතු සිදුකරන්න. දෙමව්පියන්ගේ සෞඛ්‍ය තත්වයන් වෙනුවෙන් වැඩිපුර කාලයක් ගත කිරීමට සිදු වේ. මෙම අහිතකර තත්වයන්ගෙන් මිදීමට මාසේ පළමු හෝ අවසාන සෙනසුරාද දවසේ පහසුකම් අවම පවුලකට හැකියාවක් තිබේ නම් වියළි ආහාර ද්‍රව්‍ය දෙන්න.

කන්‍යා ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

කන්‍ය ලග්න උපන් ඔබේ 3න්වැන්න වූ වික්‍රමස්ථානයට සෙනසුරු ප්‍රවේශය සිදුවන බැවින් කන්‍ය ලග්න හිමියන්ට ප්‍රීතිමත් කාලයක් උදා වේ.2007 ජූනී මාසයේ සිට තිබුනු සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපලය නොවැම්බර් මස 02 වෙනිදායින් අහෝසි වේ. එමනිසා තිබුනු කරදර බාධවන් පහසුවෙන්ම මඟහරවා ගෙන එදිනෙදා තමාගේ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේ. නමුත් සතුරු කරදර සහ අන් අයගේ කුමන්ත්‍රන ආදිය ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සෞඛ්‍ය අතින් ගත්කල ලේ විෂවීම්, විශබීජ ශරීර ගතවීම් වැනි තත්වයන් ඇතිවීමට ඉඩකඩ ඇත.සුරතල් සතුන්ගෙන් පවා ප්‍රවේශම් වීම වැදගත් වේ.සෙනසුරුගේ සුභ ඵල ලබා ගැනීමට, හැකියාවක් තිබේ නම් ශීල ව්‍යපාරයකට ඔබේ වයසට සමානව කිරිබත් කෑලී කපා හීල් දානයකට පූජා කරන්න.

තුලා ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

තුලා ලග්න තුල 2011 නොවැම්බර් 15 සිට 2014 නොවැම්බර් 2දා වෙනතුරු සෙනසුරු උච්ච බලයෙන් ගමන් කර පංච මහා පුරුෂ යෝගයක් වන සස නැමති යෝගයකිනි. එහි වූ සෙනසුරු නොවැම්බර් 2 නිදා ධනස්ථානයේ 2වැන්නාවූ වෘශ්ච්කට ප්‍රවේශවීමෙන් බොහෝවිට තමන්ගේ කටයුතු වලට අන් අයගේ මැදිහත්වීම බහුල කිරීමට ඉඩකඩ ඇත. එමනිසා ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.එලෙසම ප්‍රසිද්ධිය උදෙසා සිදුකරන කටයුතුවල විශාල ජයග්‍රහන ලබන කාලයකි. මූල්‍ය ගනුදෙනු වලදි පරිස්සම් වන්න. විශේෂයෙන් හවුල් ව්‍යපාර ආදී කටයුතුවල නිරත් වීමට අදහස් කරනවානම් ඒ පිළිබද හොදින් හිතාමතා කටයුතු කරන්න. වම් අතට වම් පාදයට යහපත් නොවන බැවින් උස් ස්ථානවල නගිද්දී, තෙත ස්ථානවල ගමන් කරද්දී වඩාත් ප්‍රවේශම් වන්න. හැකියාවක් තිබේනම් ඔබේ වයසට ගැලපෙන ලෙස තල තෙල්, අබ තෙල්, එලෙඟි තෙල් එකතු කර පහසුකම් අඩු විහාරස්ථානයක බෝධින් වහන්සෙට ආලෝක පූජාවක් සිදුකරන්න.

වෘශ්චික ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

වෘශ්චික ලග්න හිමි ඔබට මේ සෙනසුරු මාරුව ඉතාමත් වැදගත් වන්නේ 2011 නොවැම්බර් 15 සිට අරඹපු සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක තත්වයේ ප්‍රභලතම කාලය 2014 නොවැම්නර් සිට 2017 නොවැම්බර් දක්වා පවතිනවා. සරල භාෂාවෙන් සදහන් කලොත් මේ කාලය සෙනසුරු වෘශ්චික ලග්න හිමියන්ගේ හිසේ ගමන් කරන වසර 2 1/2කි. ඔබේ ජන්ම පත්‍රයේ සෙනසුරු පිහිටා තිබෙන්නේ බලවත්ව නම් අනිවාර්යයෙන්ම ධනයෝග වගේම ප්‍රසිද්ධිය පහසුවෙන්ම ලගා කරගත් හැක. නමුත් ඔබේ ජන්ම පත්‍රයේ සෙනසුරු බල රහිතව පිහිටා තිබෙනවානම් අස්ථාන චෝදනා, නොකල වැරදිවලට දඩුවම් විදීම වැනි තත්වයන් ඇති වේ. කලකිරීම් පසුතැවීම් වැනි තත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ඉතාම උපේක්ෂාසහගත ලෙස කටයුතු කරන්න. විදේශ ගමන් බිමන් ආදියට ඉතාම ශුභයි. බොහෝවිට දේශයෙන් පිට ජයග්‍රහණ උදා කරයි. සෙනසුරාද දවස්වල උදේ 6.50ට ප්‍රථම තමාගේ නිවසේ බස්නාහිර දිශාවට කපුටන්ට එලෙඟි තෙල් මිශ්‍ර කිරිබත් දන් දෙන්න.

ධනු ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

ධනු ලග්නයේ උපන් ඔබ නොවැම්බර් මස 02නිදාගෙන් පසු නව ඒරාෂ්ඨ අපල හිමියන්ගේ ලයිස්තුවට ඇතුලත් වේ.වසර 7 මාස 6කට ආසන්න කාලයක් ඔබට ලග්න ඒරාෂ්ඨ තත්වයට පවතිනවා.තිබුනාවූ හැකියා දක්ෂතවන්ට වඩා බොහෝවිට ගුප්ත චරිත ලක්ෂණ මතුකිරීමට ඉඩකඩ වැඩී.හුදකලාවී සිටීමට ආශා ඇතිකරන අතර සමාජමය කටයුතුවලදී අන් අය සමග සහ සම්බන්ධ වලදීත් තමාගේ ක්‍රියාකාරකම්වල අඩුවීමක් ඇතිවන්න පුළුවන්.ඒ නිසා සෑම දිනක්ම ප්‍රබෝධමත් ලෙසින් හා ධනත්මකව ආරම්භ කලොත් ධනු ලග්න හිමි ඔබට සෙනසුරු ශුභ ඵල ලංකර ගැනීමට පුළුවන්.ගෘහ ජීවිතය ආශ්‍රිතවත් වෙනදාට වඩා සුළු සුළු කරුණු කෙරෙහි කලකිරීම් ඇතිකරන්න පුළුවන්. අස්ථි ආශ්‍රිත වේදනාකාරී තත්වයන් ඇතිවීමට හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.පුර අටවක පොහොය දිනවල ආගමික කටයුතුවල නිරත වීමට හැකිනම් අනිවර්යයෙන් ධනු ලග්න හිමි ඔබට මේ වසරේ ඒරෂ්ඨක කාලය තමාගේ අරමුණු පහසුවෙන්ම ඉෂ්ඨ කරගත හැක.

මකර ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

මකර ලග්න හිමි ඔබේ සෙනසුරු 11 වැන්නේ ගමන් කරන බැවින් ඉතාම ශුභ කාලයක් උදා කරයි. අයස්ථානය වන 11 වැන්න ලග්නයට අධිපති සෙනසුරු ගෝචවීම ඉතාමත් යහපත්. නවතා දමා තිබු කටයුතු නැවත ආරම්භ කිරීම තුලින් නව ආදායම් මාර්ග ලබා ගැනීමට ශුභ කාලයකි. තමන්ට තිබුනු සතුරු කරදර බාධාවන්ට යහපත් ලෙසින් මුහුණ දී ජයග්‍රහණ ලබා ගන්නට සුභ කාලයකි. උසස් අයගේ ආදරය කරුණාව වගේම සහයෝගයත් එදිනෙදා කටයුතුවලට නොවරදවාම ලැබෙන කාලයකි. එලෙසම පිරිවර ශක්තිය ලැබීමට සුභ කාලයකි.  හැකියාවක් තිබේනම්  නුඟ වෘක්ෂයක් රෝපණය කර සෑම දිනකම උදෑසන දවසේ ප්‍රථම රාජකාරිය ලෙස නුඟ වෘක්ෂයට වතුර ස්වල්පයක් දමන්න. මෝර පිරිත ශ්‍රවනය කරන්න. මෝර පිරිත සජ්ජායනය කරන්න.ඒ ආකාරයෙන් කටයුතු කිරීමෙන්  ඉදිරි වසර 2 1/2 සාර්ථක ලෙස ගතකල හැක.

කුම්භ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?


කුම්භ ලග්නයේ උපන් ඔබේ 10 වැන්නට සෙනසුරු ප්‍රවේශ වේ. රැකියා ස්ථානය හරහා සෙනසුරු ගමන් කරන බැවින්  රැකියා කටයුතුවලදී ප්‍රවේශම්වීම වැදගත් වේ. සතුරු කරදර පීඩා ඇති කිරීමට ඉඩකඩ තිබෙනවා. දුරදිග නොබලා සිදුවන ප්‍රකාශයන් ඔබට පාඩු සිදුකරයි. කතාබහේදී ප්‍රවේශම් වීම වැදගත් වේ. එලෙසම විවාහ කටයුතුවලදී යම් යම් කරදර බාධා යෙදී තිබුනේ නම් සෙනසුරු කේන්ද්‍රගත බලයෙන් ගමන් කිරීම තුලින් එම කරදර බාධා මගහරවා ගෙන තමාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ශක්තිය ගෙනදෙයි. සහකරුගෙන් සහ සහකාරියගෙන් තමාට වාසනාව උදාවන වසර 2 1/2 ක් උදා කරවයි. විවාහ කටයුතු ප්‍රමාද වූ අයට ප්‍රභල මංගල යෝග උදා කරයි. හැකියාවක් තිබේනම් සෙනසුරු දිනවල නුඟ වෘක්ෂයට වතුර ස්වල්පයක් දැමීම් සහ සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාරයට ගැනීම සුභ ඵල ඇති කරයි.

මීන ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබට සෙනසුරු මාරුව ඉතාම වැදගත්. 2011 නොවැම්බර් 15 සිට 2014 නොවැම්බර් 2 දක්වා පැවති ලග්නාෂ්ඨක ඒරාෂ්ඨක අපලය ඔබ විසින් තීව්‍රකර සෙනසුරු පුන්‍යස්ථානය වූ 9 වැන්නට ප්‍රවේශ වීම නිස ඉතාම ශුභ කාලයකි. විශේෂයෙන්ම හදිසි ධන යෝග මතුකරවන ශුභ කාලයකි.ජංගම ව්‍යපාර ආදී කටයුතු කරන අයට ඉතාමත් ශුභයි. එලෙසම පොළොවෙන් ලැබෙන සම්පත්වලටත් මීන ලග්න හිමියන්ට උරුමකම් කීමට හැකිවේ. ඔබ මැණික් ආශ්‍රිත කර්මාන්ත වල නිරත කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ ඉදිරිකාලය ඔබට වාසනාව උදා කරයි. සතුරු කරදර බාධාවන් මගහරවාගෙන ප්‍රභල මංගල යෝග පවා උදා කරන ශුභ කාලයක් උදා වේ. හැකියාවක් තිබේනම් මානසික ආබාධිත අයට බෙහෙත්, ඖෂධ, ආහාර වැනි දේ දන් දෙන්න.

මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top