අභ්‍යාවකාශයට සංචාරකයන් රැගෙන යාම සඳහා ඇමරිකානු වර්ජින් - ගැලැක්ටික් සමාගම මගින් නිර්මාණය කළ අභ්‍යාවකාශ යානය අත්හදා බැලීමේ චාරිකාවකදී ඊයේ (31) අනතුරට ලක්වුණා.
ගුවන් යානයක් මගින් ඉහළ අහසට ගෙන ගොස් ඉන් මුදා හළ පසුවයි ගැලැක්ටික් අභ්‍යාවකාශ යානය පුපුරා ගොස් ඇත්තේ.
එය කැලිෆෝනියා කාන්තාරයට කඩා වැටී ඇති අතර නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනෙක් නියමුවා ද බරපතල තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය අනාවරණ කර නැහැ.