අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් නිර්මාණය කිරීමට සැලසෙන ගුවන් යානයේ ජනෙල් නැති වූවත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති වීමයි.
ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විසල් අධි තාක්ෂණික තිරයක් මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට යොදා ඇති අතර පිටත සවිකර ඇති කැමරා වලින් ලබාගන්නා ඡායාරූපයන් හා වීඩියෝවන් එහි දර්ශනය වේ. අනෙක් ගුවන්යානාවල මෙන් කවුළුව අසල ආසන සඳහා පොරකන්නටද අවශ්‍යතාවයක් මෙහිදී උදාවන්නේ නැත. මන්ද සියලුම ආසනවලට වටපිටාව ඉතා මනරම් ලෙස දර්ශණය වෙන ආකාරයෙන් මෙම ගුවන්යානය නිමවා ඇත.
ඔබට අන්තර්ජාලයේ සැරිසරන්නට අවශ්‍ය වූ විට අදාල තිරය යොදාගන්නටද පුලුවන්ය. ඒ සඳහා සිදුකල යුත්තේ තමන් ඉදිරියේ ඇති තිරයේ කොටසක් ස්පර්ෂ කිරීම පමණකි. එවිට අදාලා පුද්ගලයා ඉදිරියේ ඇති තිරයේ කුඩා කොටසක් සාමාන්‍ය පරිගණක තිරයක් බවට පරිවර්තනවේ.