Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
කෑම කන්න හොදම වෙලාව මෙන්න

- කෑම කන්න හොදම වෙලාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
වෙලාවට කෑම කන්නෙ නැති එකේ ආදීනව ගැන ‍දොස්තර මහත්තුරු කොයි තරම් අවවාද දුන්නත් අපේ ගොඩක් අයට කෑම කන්න නියමිත වෙලාවක් හදාගන්න බොහොම අමාරුයි. ඒවා නිකන් බීරි අලින්ට වීණා වයනවා වගේ. ඒක එහෙම වුණත් අපි කන වෙලාව  පාලනය කරගත යුතු බව අලුත් පර්යේෂණ  තහවුරු කියලා තියෙනවා.

ඒ කියන විදියට නම්, උදේ කෑම කන්න කියලා කියන්නේ උදේ නැඟිටලා පැය භාගයක් ඇතුළතයි. අඩුම තරමේ උදේ 6.30ට වත් නැඟිටලා 7 වෙන්න කලින් උදේ කෑම කන එක වඩාත් සුදුසු බවයි එයින් කියන්නේ. ඒ වගේම පුළුවන් තරම් ප්‍රෝටීන් සපිරි ආහාර උදේ කෑම වේලට එකතු කර ගන්න කියලත් ඔවුන් කියනවා. ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස්‌ හා ඉන්සියුලින් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ගණයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළකීමටත් එයට හේතුවන බව මේ නවතම අධ්‍යයන‍යේදී අනාවරණය වී තියනවා.

මෙම අධ්‍යයනයට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල වන සිය උදෑසන ආහාරය නොගෙන සිටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්ත ද එම තත්ත්වයෙහි වෙනසක්‌ ඇති  වන්නෙ නෑ. එයට අනුව අඩුතරමේ උදැසන 9.30 ට පෙර සිය උදෑසන ආහාර වේල ගැනීමෙන් අයකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන්ගේ කාර්යශීලී බව වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ගණයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් එය හේතුවක් වනවා.

මෙම පර්යේෂකයන්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයන්ගෙන් 1/3 ක්‌ පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරින බව වාර්තාගතයි.

වෙනත් අධ්‍යයනවලදී ද අනාවරණය වී ඇත්තේ උදෑසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදෑසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක්‌ ලෙස යොදා ගත හැකි බවයි.

ඔවුන් දහවල් ආහාරය ගැන කියන්නේ මේ වගේ දෙයක්. දහවල් ආහාරය ගන්න හොඳම වෙලාව තමයි දහවල් 12.45. ඒ කියන්නේ උදේ ආහාරයෙන් පැය හතරකට පස්සෙ තමයි දහවල් ආහාරය ගන්න කියලා කියන්නෙ. ඒ වගේම දහවල් ආහාරයෙන් පැය භාගයක්වත් යනතුරු අසුන් ගැනීමෙන් වළකිනවා නම් හොඳයි කියලත් ඔවුන් කියනවා.

රාත්‍රි ආහාරය ගන්න හොඳම වෙලාව තමයි රාත්‍රි 7.00. ඒ වගේම රාත්‍රි ආහාරය සහ නින්දට යෑම අතර පැය තුනකවත් පරතරයක් තියෙන්න ඕනෙ. රාත්‍රි ආහාරය ලබා ගත්ත ගමන් නින්දට යෑම ලෙඩ රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒ වගේම හොඳ නින්දක් ලබා ගන්න නම් අඩුම තරමින් රාත්‍රි ආහාරයෙන් පසු පැය තුනක් විතර විවේකීව ඉන්නත් ඕනෙ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top