Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
අම්මා කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න ඇත්තටම අම්මා කෙනෙක් වෙලා බලන්න ඕන - ඉෂාරා සඳමිණි

- අම්මා කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න ඇත්තටම අම්මා කෙනෙක් වෙලා බලන්න ඕන - ඉෂාරා සඳමිණිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52 Views
එයාව කාමරේ තියලා සාලේ ඉන්නවත් මට බෑ. එයා ගැනමයි හිතෙන්නේ..
ඒ කිසි දෙයක් මම අහිමි කර ගන්නේ නෑ,ඒ දෙකම මට ලැබිලා තියෙන තෑගි..

පුංචි තිරයේ ඉන්න අහිංසකම පෙම්වතියන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම තියෙන නම විදිහට ඉෂාරා සඳමිණිව හදුන්වන්න පුළුවන්. පසුගිය කාලය පුරාවටම ඉෂාරාව නිර්මාණ වලින් දකින්න ලැබුණේ නැහැ. ඒ ඇය ආදරණිය අම්මා කෙනෙකුගේ සිහිනය අභියස සිටි නිසයි. විවාහ වෙන්න හීන මැවූ ඉෂාරා ඊළගට අම්මා කෙනෙක් වෙන්න හීන දැක්කා. ඒ හීනය දැන් මේ වනවිට සැබෑ වී හමාරයයි. ඒ ඉෂාරාගෙයි අනුරගෙයි ආදර කැදැල්ලට පුංචි දුවක් එකතු වුණු නිසා.. ඉතින් මේ දෙන්නගේ කැදැල්ලට එකතු වුණු දූ සිඟිත්තිය ගැන ඉෂාරා පුවත්පතකට කියලා තිබුනේ මෙහමෙයි.

ඉෂාරාගෙයි අනුරගෙයි තුන්වැනි විවාහ සංවත්සරය වෙද්දි දූ පැටියෙකුත් පවුලට එකතු වෙලා?

ඔව්.ඔව් අපේ තුන්වැනි විවාහ සංවත්සරය තිබ්බේ පසුගිය 21 වැනිදා මේ සැරේ උත්සව අරගෙන විවාහ සංවත්සරය  සැමරුවේ නම් නෑ. හැබැයි අපේ තුන්වැනි විවාහ සංවත්සරය වෙද්දී අපේ ජීවිතයට වටිනාම තෑග්ග ලැබිලා තියෙනවා. ඒ අපේ දුව

ඉෂාරාගෙයි අනුරගෙයි කැදැල්ලට දූ පැටියෙක් එකතු වුණු නිසා ලොකු සතුටකින් ඇත්තේ..

ඔව්. ඒ සතුට වචනවලින් විස්තර කරන්න බෑ. අම්මා කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න ඇත්තටම අම්මා කෙනෙක් වෙලා බලන්න ඕන. ඇත්තටම ලොකු බැඳීමක් අපේ ජීවිතයට මෙ එකතු වෙලා තියෙන්නේ.

ඒ වගේම දරුවන් කියන්නේ ලොකු වගකීමක් නේද?

ඇත්තටම සතුටක් එක්කම ජීවිතයට ලොකු වගකීමකුත් එකතු වුණා. ඉස්සර නම් ඕන වෙලාවක ගෙදර එන්න පුළුවන්. හිතෙන හිතෙන තැන්වල යන්න පුළුවන්. රස්සාව වුණත් ඕන වෙලාවක කරන්න ගැටලුවක් නෑ. ඒත් දැන් ගෙදර කෙනෙක් ඉන්නවා. එයාව කාමරේ තියලා සාලේ ඉන්නවත් මට බෑ. එයා ගැනමයි හිතෙන්නේ. ඒ වගකීම, ඒ බැඳීම ජිවිතයට සම්බන්ධ වෙලා.

ඉෂාරා හා හා පුරා කියලා ජීවිතයට බලාපොරොත්තු වුණේ දුවෙක්මද?

අයියා නම් මුල්ම බබා ගැහැණු දරුවෙක් වෙනවට  කැමැත්තෙන් හිටියා පවුලේ මුල්ම ගැහැනු දරුවා වාසනාවන්තයි කියනවනේ. ඒත් පුතෙක් වුණත් දුවෙක් වුණත් ඒ අපේ දරුවෙක්නේ.

දුවට නමක් තිබ්බද?

ඔව්. අපි නම් ගොඩක් බැලුවා. ඊට පස්සේ ඉසස්යා සිදුප්‍රි සඳුමිණි කියන නම දුවට තිබ්බා.

ඉෂාරාගේ නමට සමීප නමක් නේද තියලා තියෙන්නේ?

ඔව්. අනුරගේ නමේ පතිරණ කියල කොටස දුවගේ නමට කොහොමත් එකතු වෙනවනේ. ඒ නිසා මම කැමති නම දුවට තියන්න කියලා අනුර කිව්වා.

දුව කවුරු වගේ කියලද වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?

දුවගේ පෙනුම අපි දෙන්නම වගේ කියලා එක එක අය කියනවා. දුවගේ නහය නම් අනුරගේ වගේ කියලා තමයි ගොඩක් අය කියන්නේ.

දුවගේ වැඩ රාජකාරි ඉෂාරාට තනියෙන් කරගන්න පුළුවන්ද?

මම හරි ආසයි දුවගේ වැඩ  මගේ අතින්ම කරන්න. දරුවන්ට අපි ගැන ආදරයක් ඇතිවෙන්නේ අපි එයාලට කරන දේවල් එක්ක. මම කැමති නැහැ දුවව සේවිකාවක් ළඟවත් නතර කරලා යන්න. මම එයාට මුල්තැන දෙන්න තමයි උත්සාහ කරන්නේ. අනුරගේ අම්මායි,අපේ අම්මායි ගොඩාක් උදව් කරනවා බබා බලාගන්න. දුවගේ වැඩ තිනයෙන්ම කරන තැනට එන්න මම උත්සහ කරනවා.

ඉෂාරා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙයිද?

ක්ෂේත්‍රයෙන් සමුගන්නේ නෑ. රංගනය වගේම මගේ දරුවත් මගේ ජීවිතයට ලැබුණු තෑගි. ඒ කිසි දෙයක් මම අහිමි කර ගන්නේ නෑ. දැන් බබා මාවයි අනුරවයි දෙන්නම හොයනවා. දුව වෙනුවෙන් මම උපරිම කැප වෙනවා. ඊට පස්සේ ආයෙත් රංගනයට එනවා.

ආයෙත් රංගනයට එනකල් ඉෂාරාගේ ප්‍රේක්ෂකයන්ට ඔබව අමතක නොවෙයිද?

ප්‍රේක්ෂකයන්ට තාම මාව මතකයි. මම ආයෙත් ක්ෂේත්‍රයට එද්දි මගේ ප්‍රේක්ෂකයෝ මාව පිළිගනී කියලා හිතෙනවා.

දුව කවදා හරි නිළියක් වෙනවට ඉෂාරා කැමතිද?

තාම එහෙම හිතලා නැහැ.එයා අනාගතයේදී මොන වෘත්තිය තෝරගත්තත් ගැටලුවක් නැහැ. අපි එයාව රටට හොඳ පුරවැසියෙක් කරනවා. එයා යන්න ඕන හොඳම පාර තෝර ගනීවි.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ-

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top